අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නන් දිරිමත් කිරීම සඳහා පොලිස් අරමුදලෙන් තෑග පිරිනැමීමේ ක්‍රමයක් ප්‍රකාශයට පත් කරන්නැයි නීතිඥ සංගමය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේදී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට යෝජනා කෙළේය. සහකාර පොලිස් අධිකාරි ධර්මදාස පතිරණ මහතා පැවැසුයේ ගල්කිස්ස අවට දුරකතන කුළුනුවලින් එදින ඇමැතුම් ලක්ෂ හයක් පමණ හුවමාරුවී ඇති බවයි.ඒ සියල්ල සෙවීමට කාලයක් ගත වන බව ද සිද්ධිය සුළුකොට නොසලකන බව ද ඔහු කීවේය. නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු දැක් වූ රංජිත් දහනායක මහතා කියා සිටියේ මෙය තවත් සිද්ධියක් සේ බී වාර්තාවකට පමණක් සීමා නොකළ යුතු බවයි. ලබන 31 වැනි දාට පැහැදිලි වාර්තාවක් ගොනු කරන්නැයි මහේස්ත්‍රාත්වරිය පොලිසිය නියෝග කළාය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තමට කාටවත් මුකුත් මතක නැතිවෙයිද දන්නෙ නැහැ (නි)
පොලිසියට ඕවා කරන්න වෙලාවක් තියෙනවද? (නි)
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් ඕනෑ කියන්නේ ඕකට තමයි (නි)
මේ දුරකථන ඇමතුම් වලින් සොයාගන්න බැරි වුණා කිව්වත් පුදුම වෙන්න එපා. මෙච්චර මහන්සි වෙන්න ඕනෑ නැහැ. මේ වැඩේ කරන්න ඕනෑ කාටද කියලා අපි කාටත් හිතා ගන්න පුළුවන්. (නි)
අපේ පොලිසිය දක්ෂයෝනේ. (නි)
රටේ අපරාධකාරයෝ 99% භාවිතා කරන්නේ පාරේ දුරකථන කුටි. මේවා ඉවත් කළ යුතුය . සියලුම මොබයිල් අංක ලියාපදිංචි කළ යුතුය .කටාර්වල අයි.ඩී. එක වෙනුවට දුරකථන අංක භාවිත වන අවස්ථා බොහෝය . මෙමගින් අපරාධයක් කර ලේසියෙන් බේරෙන්න බැහැ. (නි)
කන්න ඕනෑ වෙනකොට කබරගොයත් තලගොයා වෙනවා කියන කතාවේ අනික් පැත්ත (නි)
තව සතියකින් විතර අපිට විස්තර ලැබෙයි කියලා හිතනවා (නි)
ඒකට මට හිනා හිනා... (නි)
ඇත්තටම ගහනවා දැක්ක කෙනෙක් නැද්ද? (නි)
මේවට උදවු කරන්න ගියොත් අහක ඉන්න අපිටත් මොන මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද දන්නෙ නැහැ (නි)
ඔය මොන තොවිලේ නැටුවත් අවසන් ප්‍රතිඵලය රටේ ජනතාව දන්නවා.(නදී)
ඔට්ටුයි අල්ලන්න බැරුවට.... (නි)
මමත් එකඟයි ඒ දේට
අයියෝ සල්ලි
දෙනෝ දාහක් ඉදිරිපිට ගහපු අය අල්ලන්න දුරකථන වාර්තා මොකටද? නරකද පත්තරවල ගහපු කෙනාගෙ රූපයක් අන්දලා දැම්මනම්..!(නු)