හිටපු ජනපති සමයේ ජනාධිපති කාර්යාලයේ තිබූ වාහන පිළිබඳ නිවැරදි තොරතුරු නැතැයිද එම වාහනවලට තෙල් ලබාගත් ආකාරය පිළිබඳ විස්තර නැතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පොලිස්පති නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මේ ගැන පරීක්ෂණයක් අරඹා ඇතැයිද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කාටත් දාලා යන්න අමාරු දේවල් ඇති (නි)
ඉන්දික මහතා හා කස්තුරි මහතා ඔබටයි මේ. රටේ හැම කෙනාම පැතුව වෙනස තමයි දැන් ඇවිත් ඇවිත් තියෙන්නේ. හොරු අල්ලන්නේ නැතුව උන්ට තව හොරකම් කරන්න ඉඩ දෙන්නද ඉන්දික කියන්නේ. (නදී)
මිනිස්සු අලුත් ආණ්ඩුවක් හැදුවේ හොරු අල්ලලා එයාලට දඬුවම් කරලා ඔවුන්ගේ දේපළ රාජසන්තක කරන්න මිසක් හොරු හුරතල් කරන්න නොවෙයි කියලා මේකට අදහස් දාන කට්ටිය දැනගත්තොත් හොඳයි (නි)
අපේ රටේ පොලිසිය අවුරුදු 10 ක් හරි ගිහිල්ලා හොරු අල්ලනවා. (නි)
සුබ අනාගතයට මෙත් වඩනවා වගෙයි මට නම් දැනෙන්නේ. ඔහොම යමුකෝ... (නි)
ලාංකීය දේශපාලනය ආ මඟ කණපිට ගහන්නද හදන්නේ? හැබැයි එහෙම වෙනවා නම් අපි කැමතියි. (නි)
අර කියපු "රත්තරන් පාරවල්" ගැනත් හොයන්න. (නි)
අනේ! අර කස්තුරි කියන එකත් අහන්නකො (නි)
මම නම් පසුගිය කාලේදී ගිය විදිහට,රටේ මහජන මුදල් ධනස්කන්දය ගසාකෑ විදිහට රට ගැන තිබුන විශ්වාසයත් අතහැරලයි තිබුනේ. දෙවියන්ට පින්සිද්ධ වෙන්න "මානුෂිය මෙහෙයුම"ජයග්‍රහණය නොකරන්න අපිට රටක් නම් ඉතුරු වෙන්නේ නැහැ. (නි)
සමහරු කියනවා ඔයතරම් හොරකම් වුනේ නැහැ කියලා. එසේනම් විමර්ශන වලින් පසුව නේද නියම තත්ත්වය දැනගන්න පුළුවන් වෙන්නේ. කළ සියලු හොරකම් ගැන දැනගැනීමේ අයිතිය බදු මුදල් ගෙවූ අපිට තිබෙන බවත්, රජයේ වගකීම එම දූෂණ, වංචා හෙළිකිරීම බවත් අමතක කරන්න එපා. යහපාලනය යනු දේශපාලුවන් රැකීම නොව ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමයි. (නි)
එහෙනම් අර අහවල් පොතේ තිබෙන අය ගැනත් හොයා බලන්න. නැත්නම් කොටි කළ අපරාධ ගැන නොව හමුදාව කළ දේ හොයන්නට බලකරන බටහිර රටවල් කරන වැඩේට දෙවැනි නැතිවෙයි. හදිසිය මොකක්ද ? අපි මහින්ද පරදිනතුරු හඩ නැඟුවා. එතකොට බන්දුලලා අපිට කිවුවා අරාබි වසන්තය ගෙනෙන්න හදනවා කියලා.අපිට හැරෙනකොට තේරෙනවා යන දිශාව.ගොඩක් දුර ගියාට පසු අඬලා වැඩක් නැහැ. පරදින්නේ මුළු රටමයි. (නි)
එනකොට හොයන්න එපායැ එහෙනම්. දැන් පළිගැනීමක් නොවේද එතකොට මේක? මේකද යහපාලනය? (නි)
මම නම් කියන්නේ පළමුව තමන්ගේ පැත්තේ ඉන්න අයගේ වැඩකිඩ ගැනත් කතාකළා නම් හොඳයි කියලයි (නි)
පාක්ෂිකයන්ට හරිම දුක ඇති නේද?(හේ)
ජනාධිපතිතුමා ළඟ තිබුනත් වෙනත් දෙපාර්තමේන්තුවක තිබුනත් එම භාණ්ඩ වල ලැයිස්තුවක් තිබිය යුතුය. එබැවින් මේවා ගැන සොයන එක කළයුත්තක්. මොකද මේ සියල්ලටම වියදම් කරන්නේ අපේ සල්ලි. අපි ගන්න පරිප්පු, මිරිස්, තුනපහ, පෙට්‍රල්, භූමිතෙල් ආදී දේවලින් ලබාගන්න බදුමුදල් වලින් තමයි මේ ඔක්කොම වියදම් කරන්නේ. දෙපාර්තමේන්තුවක රියදුරෙක් ඩීසල් ලීටරයක් ගත්තොත් ඔහු වහාම වැඩ තහනමකට ලක්වෙනවා. එම නිසා වාහන සම්පූර්ණයෙන්ම නැත්නම් ඊට වඩා ලොකු දඬුවම් දියයුතු නැද්ද? රටේ සෑම කෙනෙකුටම එකම විදියේ පාලනයක් සහ දඬුවම් දීමේ ක්‍රියාපටිපාටියක් තිබිය යුතුය. ලොකු මිනිසුන්ට එක විදියකටත් පොඩි මිනිහාට තව විදියකටත් දඬුවම් දියයුතු නොවේ. (නි)
බැගෑපත් ඉල්ලීමක් මේක. අර නැව් සහ හෙලිකොප්ටර් ගත්තේ කොහොමද කියලත් කියනවද?මොකද වාහන වලට තෙල් ගැසූ බිල් තියෙන්න ඕනෑ වුණත් ඊට වඩා විශාල මුදලක් නේද අරවට ගිහින් තියෙන්නේ? (නි)
අපේ අය තවමත් යහපාලනය කියලා හිතාගෙන ඉන්නේ දේශපාලනයම තමා. ඕකේ ලොකු වෙනසක් නැහැ. බොරු නම් තව ඉස්සරහට බලන්නකෝ. සත්‍යපාලගෙ කතාව ඇත්ත. ගොඩ වැඩිකරගන්න ඕනෑ කරනකොට යහපාලනයක් බලාපොරොත්තු වෙන්න බැහැ (නි)
කවුරු මොනවා කිවුවත් දඬුවම් දීම ඉහළින්ම පටන්ගන්න වෙනවා. මොකද ගුරුවරයා හිටගෙන කළ නිසයි ගෝලයෝ දුව දුව කළේ.වෛර කරන්නේ නැහැ කියන්නේ වැරදිකරුවන් හට නීතියෙන් දඬුවම් නොකර සිටීම කියලා කවුරුහරි කියනවා නම් හිරගෙවල් තියන්නේ එයාලා සහ අපි වගේ සාමාන්‍ය ජනතාවට පමණක් වෙන්න ඕනෑ.යහපාලනය කියන්නේ ,පාලනය යහපත්වීමයි. එසේ නම් පාලකයන්ගේ සිත, කය සහ වචනය යන තිදොරම යහපත් වියයුතුයි. (නි)
වාහනයකට තෙල් ගැහුවා කියන එක දූෂණයක් කියන්න බැහැ. අනික දැන් ඔය හුණු කිල්ලෝට අවුස්සන්නේ මොනවටද? (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
සත්‍යපාලගේ කතාවේ ඇත්තක් තිබෙනවා. ඔහොම යන්න දෙන්න. අපේ පැරණි කතාවක් තියෙන්නේ කසාද බැඳපු මුල් මාස දෙක තුනේ ගෙදර බිත්තිත් හෝදනවලු නැන්දම්මාගේ හොඳ නම ගන්න (නි)
දැන් ඔය පැත්තේ ඉන්න කෙනෙකුට යූ.එන්.පී. එකෙන්ම ඒ දිනවල කළ චෝදනා ගැන දැන් හොයන්නේ නැද්ද? එ්ක යහපාලනයට අයිති නැද්ද? ඕක තමයි මේ රටේ හැමදාම දේශපාලනයේ හැටි. (නි)
කස්තුරි, මෙහෙම ගියොත් කියාවිද දන්නේ නැහැ වෙලේ සුදාට නඩු දැම්මත් පළිගැනීමක් කියලා (නි)
කෝ මේ අපේ බන්දුල පෙරේරා මහත්තයා? (නි)
යහපාලනය දොරේ ගලානවා වගෙයි (නි)
මේ තමා දුෂණය හා නාස්තිය. එතුමා හරිම තැනින් පටන්ගෙන තිබෙනවා. මෙතුමා මේක මෙතනින් පටන්ගත්තේ නැත්නම් තමා වරද. පොඩි අය ගැන ඉතින් කවර කතාද? මේ පිළිබඳ යම් කෙනෙකුට කණගාටුවක් ඇත්නම් හෙට ගැන සිතාවත් අද සතුටු වන්න (නි)
මම නම් මේවා අනුමත කරන්නේ නැහැ කොහෙත්ම (නි)
කස්තුරි, දැන් ඊළඟ ඡන්දෙන් ඔයාලා පත්වෙලා එහෙනම් මේ කාලසීමාවේ දඬුවම් විඳි ගමේ කෙසෙල්කැන් හොරාගේ ඉඳලා ඔක්කොම හොරු ටික නිදහස් කරන්න. මොකද දැන් වරදට දඬුවම පළිගැනීමක් වෙලානේ. (නි)
කස්තුරි , දැන් එහෙම නම් මේ රටේ තිබෙන ඔක්කොම නඩු ටික ඉල්ලා අස්කර ගනිමු. ස්ත්‍රී දුෂණයකට නඩුවක් ෆයිල් වුණොත් අගතියට පත් ගැහැණු කෙනාගේ පළිගැනීමක් විදියටද කස්තුරි දකින්නේ? (නි)
බන්දුල පෙරේරා පිවිතුරු යහපාල, පිවිතුරු නමින් සමහර පුවත් අදහස් තීර වල පෙනී සිටිනවා. අපි වැඩේ අල්ලාගත් නිසා දැන් හෙට උදේ වෙනකොට වෙනත් නමකින් සභාවට එයි (නි)
සත්‍යාපාල, ඔයාගේ කතාව ඇත්ත තමයි (නි)
බොරුවයි, හොරකමයි සදාකාලිකව කරන්න බැහැ මහත්වරුනේ. ජනතාව නියම තීන්දුව දීලා ඉවරයි. ලොකු හොරු අල්ලද්දී මහා හොරුන්ගෙන් යැපුන පොඩි හොරුන්ට ටිකක් රිදෙයි තමයි. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ.යහපාලනය කියන්නේ හොරුන්, මිනීමරුවන්, ස්ත්‍රී දුෂකයින් ආරක්ෂා කිරීමත්, අන්තවාදී කල්ලි වලට රට තුළ භීෂණය පැතිරීමට සහයෝගය දීමත් නොවේ. බුද්ධිමත් ජනතාව අපේක්ෂා කරන්නේ සැබෑ යහපාලනයයි. (නි)
සත්‍යපාල ඔබ එක්ක මාත් එකගයි. පොදුවේ සියලු වැරදි හොයනව නම් ඉස්සෙලම කුඩු එතනොල් වලින් පටන් ගන්න ඕන. අපි බලාගෙන ඉන්නවා සාධාරණයක් ඉටු වෙයි කියලා (දිල්)
අනේ අපි දකින යහපාලනය! (නි)
සංජය මහත්තයෝ අපිට පොඩ්ඩක් කියලා දෙනවද දුෂණය කියන්නේ මොකද්ද කියලා.ඇයි මුකුත් නොදන්නවා වගේ ඔබතුමා කතා කරන්නේ (දිල්)
සංජය,දුෂණයට ලොකු පොඩි කියලා වෙනසක් නැති බව මතක තියා ගන්න.(දිල්)
ජේ .ආර්.ජයවර්ධන මහතා ජනාධිපති මන්දිරයට ගියේ එහි තිබු සියලුම දේවල් වෙනම පොතක ලිවීමෙන් සහ ඔහු ගෙනගිය දේවල් තව පොතක සඳහන් කර තැබීමෙන්.ඔහු එම බඩු සියල්ලම ( පුටු ,මේස ,සිතුවම්, ලැබුණු තෑගි යනාදිය ) සියල්ලම එහි තබා ජනාධිපති පදවියට සමුදුන්නා. ජයවර්ධන කේන්ද්‍රය පිහිටි ඉඩම පවා රජයට තෑගි කළා (නි)
හුඟක් අය හිතන්නේ දඬුවම් දීම හරි පහසුයි කියලා. නීතියට කරන්න ඕනෑ. මේ සල්ලි අපේ. (නි)
මේ හොර නිසා තමා බලේ අත්හරින්න කැමති නැත්තෙ වැරදී කරොත් කවදාවත් ගැලවෙන්න බැහැ. (අ)
ජේ .ආර්.ජයවර්ධන මහතා ජනාධිපති තුමා අදර්ශවත් (අ)
වැඩේ නම් හොඳයි ඒ වගේම හිටපු සෞඛ්‍ය ඇමති තුමාගේ නෑදෑයන්ට වවුචර් වලින් වැඩ නොකර පඩි ගෙවපුව ඇත්තද කියල හොයල බලන් නැද්ද? (අ)
කව්රු කලත් වරද වරදමයි. හොරුන්ට තැනක් දුන්නොත් අනාගතේට මොකද වෙන්න මම කියන්නේ මේක දේසපාලන පලිගැනීමක් නොවේ. (අ)
පනින ගෙම්බෝන්ගේ ඒවත් හොයන්න ඕන.ගොඩ වැඩි කරගන්න හොරුන්ව තියාගනී නැත්නම් (අ)
සත්‍යපාල මහත්තය තාම නිසි අයුරින් සත්‍යය දැක්කේ නැහැ.. තව ටික දවසකින් සුළුජාතික චන්ද වෙනුවෙන් ශයිලොක්ලට මස් රාත්තල දෙනකොට සත්‍ය නියම ලෙසම වැටහේවි..අද කට්ටිය ඔලු ගෙඩි එකතු කරනවා..මේ පැත්තේ ඉදිද්දී ලෝක අපරාධ කාරයෝ දැන් ඒ පැත්තේ සිල්රෙදී ඇදගත් උපාසකයෝ වෙලා ජිවිතයේ අනියත බව වටහ ගන්න හදනවා..අප්පච්චි මලේ නැහැ..අප්පච්චි හෙට එනවා අප්පච්චිව පණපිටින් වලදාළ හොර ඔප්පු ලියල බුදලේ බෙදා ගන්න හදන මේ කල ගුණ නොදත් නොට්ටිගේ පුත්තුන්ව අපායට දක්කන්න. (අ)
විස්තර නැහැ කියන කතාව පිළිගන්න බැහැ. රජයේ කාර්යාලයක් වශයෙන් විගණකාධිපති විසින් මේවා පරීක්ෂාකරනව නේද? (අ)
යහ පාලනයට විරුද්ධ අය පොඩ්ඩක් ඒ ගැන පොතක් අරන් කියවල බලන්න. මේ හොරකම් , නාස්ති කලේ මහජන මුදල්. මම 2014 බදු ගෙවල තියෙනවා රු . 234,000/- ක්. ඒ මම විදේශයක ඉඳන් ලංකාවේ ආයෝජනය කරපු මුදලේ පොලියට ගහපු බද්ද. නමුත් අපි ලංකාවට ටිකක් ලොකු ටීවී එකක් ගෙනාවොත් එකට ඉම්පෝර්ට් දුට්ය් ගහනවා. ලැම්භෝගිනි ගෙනේවා බදු නැහැ. මේ හැම හොරෙක්ම නීති පොතට ගන්න ඕනේ. නැතිව මේක පලිගැනීමක් නෙවි. (අ)
දින සීමා නැතිව 77 ආර්ථිකය යටතේ හොරකම් කල සියලු දෙනාට දඩුවම් දෙන්න ඕනේ? වැරදි කල අය කවදා කලත් වැරදී? මන්නරම් අධිකරණයට පහර දීපු අයටත් දඩුවම් කරන්න (අ)
කරන දේ හරියට කරාම හරි. අනික යහ පාලනේ කියන්නේ, නීතිය ස්ථාපිට කරන එක, නැතුව කරන සහ කරලා තියෙන පාදඩ වැඩ බලල කර බාගෙන ඉන්න එක නෙමෙයි. අම්ම තාත්ත කරත් වැරැද්ද වැරැද්ද, එහෙම බැලුවොත් තමා එ්ක යහ පාලනේ වෙන්නේ. වැරදි කරා නම් දඬුවම් විඳින්න ඕනේ, හරි දේ කරානම් පැසසුම් ලබන්න ඕනේ. මඩ ගහනවා කියන්නේ නොකරපුව කියන එකට. (අ)
මේ නම් තනිකර පාලි ගැනීමේ චරියාවක්,මොන ආණ්ඩුවද දන්නේ නෑ වංචාවෙන් තොර පාලනයක් ගෙනියන්නේ,,ඔය මොනආණ්ඩුව ආවත් ඔහොම තමා බලමු බලමු,,,,,,,,(අ)
මොනදෙවල් හෙවුවත් හිටපු ජනපති කෙනෙකුට එරෙහිව නඩු දාන්න බෑ. එ්ක තමා තිත්ත ඇත්ත. කරන්න දෙයක් නෑ.මොනවා හෙවුවත් කාලේ කන එක තමා වෙන්නේ. (අ)
යහපාලනය කියන්නේ වංචා දුෂණ කිරීමට එරහිව නව නීති සකස් කිරීම සහ ජනතා දේපල සොරකාපු උන්ට දඩුවම් කිරීම .මෙතන පළි ගැනීමක් නැහැ .මෙහෙම නොකලොත් එන එන උන් හොරකම් කරලා ගෙදර අරන් යාවි .විමල් වීරවංස 6 වසරකින් එතරම් ධනපතියෙක් වුනේ කොහොමද ? බැසිල් තම රටට පැනයන්නේ?දැන්වත් අපි තේරුම් ගත යුතු නව නීති රටට උවමණා කියල . (අ)
හැමෝම බලයට අාහම අනිත් අය කරපු වැරදි හොයනවා තමාගේ වැරදි හොයන්නේ නැහැ.අලුතෙන් පත් වුණ සහ කලින් විපක්ෂේ හිටිය කට්ටිය හොද අයද?. ණය බෝල් ණය කළා. රජයේ දේපල විකුණුව. හිටපු ජනාදිපති රටේ මුදල් රටට ලබාදුන්නා උතුම් කෙනෙක්, යුද්ධය නතර කර වටිනා ජීවිත ඇතුළු දවසක වියදම් වුන මුදල් බිලියන ගානක් රටට ඉතුරු කලා. දැන් මේ සියලු දෙනා කරන්නේ බොරුවක්. එතුමා ට ගරු කල යුතු වෙනවා. (අ)
මිනිසුනේ, හොඳට හිතලා බලන්න. මෝහයෙන් මිදී හොඳට බලන්න (නි)
දැන් ඉතින් පළමුව ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන්න. මෙහෙම ගියොත් දින 100 වැඩපිළිවෙළ ප්‍රකාශනයකට සීමාවෙලා පළිගැනීම වගේ දේ විතරක් දින 100 තුළ සිදුවේවි. ජනතා අරමුණ නම් මෙය නොවේ. රට තුළ පෙර නොවූ අලුත්ම වෙනසක් සහිත වූ පාලන ක්‍රමයක් බිහිකර ගැනීමයි. කොහොම නමුත් මහින්ද මහතා රටට සාමය ගෙනඒමට මූලිකත්වය ගත් කෙනා බව අමතක වී නැති ඡන්දදායකයන් වන අප යහපාලනය උදෙසා ඡන්දය දුන්නා මිස කඩිනමින් බලාපොරොත්තු වූයේ අද කරළියට එමින් පවතින එකිනෙකා අතර නැඟී එන බල අරගලය නම් නොවෙයි.මෙය අප පිළිකුල් කරන ප්‍රවණතාවයකි. (නි)
නහී වේරේන වේරානි... (නි)
අපි සල්ලි තියෙනවා නම් පිටරටවල දුක් විඳින්න එන්නේ නැහැ.මම වගේ අසරණ වුණ කී දෙනෙක් දෙස්දෙවොල් දෙමින් ඉන්නවද? සෑම දිනකම ඒ වගේ අසරණ වෙන අසරණයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා.නීති වෙනස් කරලා ගසාකන මුදල් වියදම් කරන්නේ කා වෙනුවෙන්ද කියලා හොයන එක වරදක්ද?අනිවාර්යෙන්ම සොයන්න.දඬුවම් කරන්න .සමස්ත ජනතාවගේම එකම පැතුම එයයි. (නි)
මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ගෙවලා ගුවනින් ගෙන්වූ ලැම්බෝගිනි,ෆෙරෙර්රි, පොර්චේ කාර් ගැනත් හොයන්න. (නි)
රටේම තිබෙන වටිනා කියන ස්ථාන සියල්ලම කිසියම් පිරිසක් විසින් තමන් සතුකරගෙන තිබෙනවා කියලා මට දැනෙනවා. කරුණාකරලා මේවා ගැනත් හොයන්න. (නි)
රටේම තිබෙන වටිනා කියන ගහකොළ, සතා සිවුපාවුන් විනාශ කරමින් හෝටල් ගහනවා.කාගේද මේ හෝටල් ?කොහෙන්ද මුදල් කියලත් හොයන්න. (නි)
"මෙගා හොරු" ගැන හොයලා නීත්‍යානුකූලව දැඩි දඬුවම් කරන්න. ජනතාවට සත්‍ය පෙන්වන්න (නි)
දැන් මේ මහත්තුරු කියන්නේ හොරකම් කරත් කමක් නැහැ ඒ මහින්දනේ කියලද? මහින්ද කියල නම තියන හොරු නිදහස් කරන්නද? (බ)
තවත් කාලයක් ගියා නම් අපේ රටත් ස්වාසිලන්තයක්, ඉතියෝපියාවක්, සෝමාලියාවක්, බංගලිදේශයක් වෙලා තමයි නවතින්නේ. අපේ රට ගැන දෙවියෝ බැලුවා. (නි)
චූලා, ඔබ වගේම මමත් ලක්ෂ ගණනින් බදු ගෙවලා තිබෙනවා. පුදුම බදු ගැහිල්ලක්නේ අම්මපා! (නි)
මිනීමරු ප්‍රභාකරන්ට අවුරුදු 35 කදී කරන්න බැරිවුණ විනාශයක් මේ ගෙවුණ අවුරුදු 4-5 තුළදී රටට වෙලා තිබෙනවා.ඒක මොළය කළඳක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා. (නි)
අර ඡන්දය දවස්වල සමහරු කිවුව අශ්වයොයි, හෙලිකොප්ටරයයි ගැන අපිට විස්තරයක් දැනගන්න බැරිද දැන්? (නි)
දේශපාලකයෝ කියන දේ අහගෙන ඉඳලා සමහරු බොරුවට ඒ පැත්තට මේ පැත්තට දොඩවනවා. එකපැත්තක් දිනුවහම එයාලා ළඟ හොරවැඩ වහගෙන අනිත් පැත්තට ඇඟිලි දික්කරනවා. ඒ පැත්ත පැරදුනාම මේ පැත්තට ඇඟිලි දික්කරනවා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? දැන් අර එක් කෙනෙකුට තියනවා කිවුව නැව් ගැන කව්රුත් කතාකරන්නේ නැහැ. මට නම් බලාගෙන ගියාම ඔක්කොම එකයි (නි)
අපිත් මේ බලාගෙන ඉන්නේ සිද්ධවෙන්න යන්නේ මොකක්ද කියලා තමයි (නි)
හිටපු ජනපතිගේ කාර්යාලය මේ තරම් අවුල්ද. (නදී)
සත්‍යපාල, ඔන්න බන්දුල පෙරේරා ආයෙත් පිවිතුරු යහපාල නමින් ඇවිල්ලා. කළගුණ සැළකීම උමතුවක් කරගෙන දඟලනවා. අනේ යහපාල, තමුන්නැහේ කළාට ලංකාවේ හැමෝම ඒ වැඩේ කරන්න ඕනෑ කියලද හිතන්නේ? ඔහේ වැඩවසම් ක්‍රමයට නැවත යන්න. මේක ප්‍රජාතාන්ත්‍රික රටක්. (නි)
යුද්ධය නතර කිරීමේ ගරුත්වය ඒකපාර්ශිකව ගන්න හදන එක වැරදියි. දුටුගැමුණු රජතුමාවත් රට එක්සේසත් කළා කියලා රට සින්නක්කර ලියාගන්න සූදානම් වුණේ නැහැ. කළගුණ සළකනවා කියලා අපේ ප්‍රජාතාන්ත්‍රික අයිතියත් නැතිකරගෙනද කළගුණ සළකන්න කියන්නේ? (නි)
කාර්යාලයේ සේවය කර සුළු සේවකයන්ගෙන් දැනගන්න පුළුවන් (බ)
කපුකම කියන්නේ තොරතුරුත් හොරාකාල (බ)
අතීතයටත් බලපාන පරිදි නීතිරීති ගෙනවිත් හොරුන් ආණ්ඩුවේ බෝඩිමට යැවිය යුතුයි. (නි)
මම හිතන්නේ කස්තුරි මහත්තයා ළඟත් වාහන ටිකක් තියෙනවා වගෙයි (නි)
ඔහොම යමු, ඔහොම යමු. ඉස්සරහට ඡන්දයකුත් එනවානේ. ජනතා වීරයෙකුගෙන් පළිගන්න ගිහින් කෙනෙක් ඉස්සර තමන්ගේ ඡන්ද පදනම නැතිකරගත්තා. ඒවාට උපදෙස් දෙන්නේ කවුරු වුණත් පවු ගෙවන්න වෙන්නේ තමාට බව අමතක කරන්න එපා. (නි)
ගාල්ලේ මන්ත්‍රීවරයෙක් ළඟ ඔය කියන වාහන 3ක් තියනවා. (අ)
මේක තනිකර පළි ගැනීමේ ක්‍රියාවක්. එහෙමනම් ප්‍රථමයෙන් නව ජනාදිපති ගේ කාර්යාලවල තිබුන තොරතුරු හොයල ඉන්ට ඕනේ. යහපාලනයේ තරම පෙනෙනවා. තවත් ඡන්දයක් ඉදිරියේ තියෙනවා කියල වැඩ කෙරුවොත් තමා හොද. (අ)
මම මේ නිකමට අහන්නේ.ප්‍රකාශක තුමා මීට කලින් මේ විස්තර දැනගෙන හිටියේම නැද්ද..(අ)
හැමෝම බලයට අාවිට අනෙක් අය කළ වැරදි හොයනවා. තමාගේ වැරදි හොයන්නේ නැහැ.අලුතෙන් පත්වුණ සහ කලින් විපක්ෂයේ සිටි කට්ටිය හොඳ අයද? උතුම් කෙනෙක්, යුද්ධය නතරකර වටිනා ජීවිත ඇතුළු දවසක වියදම් වුණ මුදල් බිලියන ගානක් රටට ඉතුරුකළා. එතුමාට ගරු කළයුතු වෙනවා. සත්‍යය මෙයයි. (නි)
තව මොනවා හොරකම් කරල ද දන්නෙ නෑ ,රජකම් කර වුණත් කලකම් පල දෙනව කියන්නෙ ඔවට තමා. (අ)
පිවිතුරු යහපාල නමින් ඔන්න බන්දුලාගමනය සිද්ධවෙලා. අනේ යහපාල! ඔය හිතාගෙන ඉන්න සින්නක්කර දේපල උරුමය ගැන බොරු නොකියා සිටියොත් හොඳයි. (නි)
පසුගිය මැතිවරණ සමයේ කළ වැරදි ටිකම මදිද මේවා ගැන හොයන්න උනන්දු වෙන්න? කවුරුන් වුවත් වැරදි නොකළ යුතුයි. (නි)
පිවිතුරු යහපාල බන්දුල පෙරේරාගේ අවතාරයක් නේද? කොහේ තිබෙන බුදලයක් ගැනද ඔය කතා කරන්නේ? ඔය කියන අය එහෙම හිතාගෙන වැඩකරලා ඔක්කොම අවුල්වෙලා තිබෙනවා නම් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. (නි)
නහී වේරේන වේරානි කියල පටන් අරගෙන් දැම්ම හිටන් දේශපාලන පලිගැනීම් පටන් අරගෙන !!! (අ)
කස්තුරි කියන නිසා ඔය ගනන් හොයන එක නවත්වමු. එනිසා කිසිම දෙයක ගැන නොසොයා ඉමු. (අ)
පුදුම වැඩක්නේ. සමහරු හිතන්නේ මේ රට එක එක උදවියගේ පරවේණි බුදලයක් කියලනේ. කොහොමද දන්නේ නැහැ එහෙම අයිතියක් තියනවා කියලා සම්මත කරගත්තේ. මේක ප්‍රජාතාන්ත්‍රික රටක්. (නි)
සියල්ල කොණක සිට සොයන්න පටන්ගන්න (නි)
කස්තුරි බන්දුල මොකද මේ කලබල වෙලා.....?මේ වාගේ විනිවිද භාවයක් තිබුනොත් තමයි මෛත්‍රී පිලට ඡන්ද වැඩිවෙන්නේ.ඒක තමයි ජනතාව බලාපොරොත්තුවුන හොරුන්,දුෂිතයන් කොටුකර ගැනීමේ ක්‍රමවේදය.ඇයි එකේ මොකුත් අවුලක් එහෙම තියෙනවද ...? (බ)
මොකද්ද මේ පිවිතුරු යහපාලගේ හෙවත් බන්දුල පෙරේරාගේ කළගුණ ගැන තිබෙන අවනඩුව? (නි)
කොයි දේත් හරියට ගණන් හිලව් ඇතිව ..? බදු මුදල් ..? ඉන්ෂුවරන්ස්,? ලියාපදිංචි ..? මහජනයා ..රජයට පෙන්වන්න ඕනේ ..? ඇයි..ජනතා මුදලින් යැපෙන ඒ අයගේ වියදම් ..දීමනා ..උපයාගන්න තරම ..ජනතාවට නොදන්වන්නේ ..? හරි විදියට සෑම රජයක්ම තමන්ගේ විය පැහැදම්.. ශේෂය ජනතාවට දැනුම් දෙන්න ඕනේ ? අපි, පෞද්ගලික ආයතනයක වැඩ කලොත් ..මාරුවෙලා හෝ රැකියාවෙන් ඉවත් වෙලා යනවිට ..අපි මුලින් පැමිණෙන විට අත්සන් කරලා බාරගත් සියල්ල නැවත ඒ විදියටම බාර දෙන්න ඕනේ නැතිනම් ඒ අඩු දේවල් අපේ මුදලින් පියවා ගන්නවා ..ඇයි ..ජනතාවගේ දේපල ට එහෙම නොවෙන්නේ ..ඇයි හැමෝම පොරකන්නේ .. තන්හාවට බලය ලබාගන්න ඒ වගේ භුක්තිය තමන්ට ලබා ගන්න පමණක් ..? ඒ වා ගැන නිසි ක්‍රියා මාර්ගයක් නීති සම්පාදනයක් නැතිව ..? කවුරු කරන්නෙත් එකම දේ ..?(හේ)
"පණ්ඩිතයන් පය තැබීමට අකමැති තැන මෝඩයෝ පිනුම් ගහනවා" සංවාද මණ්ඩපයේ එදා සිටම පහරන ඇතුලේ ඉන්න දෙතුන් දෙනා ගැනයි එහෙම ලිවේ. (බ)
කොයි දේත් හරියට ගණන් හිලව් ඇතිව,බදු මුදල්,ඉන්ෂුවරන්ස්,. ලියාපදිංචි., මහජනයාට රජයට පෙන්වන්න ඕනේ (දිල්)
මේක යහපාලනය නොව මඩ පාලනයක්. මැතිවරණයකට පෙර පලිගැනීම සහ මඩ ව්‍යාපාරයක් පමණයි. පුලුවන්නම් කුඩු ගෙනා,එතනෝල් ගෙනා හෝ බාල තෙල් ගෙනා අය ගැන වහා කඩා පැන අල්ලාගෙන දඩුවම් කරන්න. බෑ නේද ? ගොඩ වැඩි කරගන්නට මේ අය දැන් ඔඩොක්කුවට දාගන්න වෙනවා. ගහන තරමක් මහින්දට විතරක් ගහන්නේ ඒකයි. ඔය දේමයි මහින්දට වුනෙත්. දඩුවම් කලොත් අනිත් පැත්තට පැනල ගොඩ අඩුවෙන නිසා නිහඩව සිටියා. අන්තිමට නම කැත වුණා. දැන් ඔක්කොම කුණු මේ පැත්තේ. බොරුවට මුව හමට තලනවා. මේක තමයි ලංකාවේ හැබෑ දේශපාලනය. මේවා නොදකින ඡන්දදායකයා තාවකාලික සතුටක් ලබනවා. ඉන්පසු බනින්න ගන්නවා. අන්තිමට වේදනාවට මෙයාලව පෙරලලා ඒ ජාතියේම තව කොටසක් පත්කරලා පොඩි අාතල් එකක් ගන්නවා. ඔහොම ඡන්ද දෙක තුනක් යනකොට වයස ඉවරවෙලා මැරිලා යනවා. අලුත් කට්ටියක් නාඩගම පටන්ගන්නවා. (නදී)
බලය අපහරණයක් මෙතන සිද්ධවෙලා නැහැනේ. දුෂණය සහ නාස්තිය සිද්ධවෙලා තිබෙනවා කියලා මහජනයාගෙන්ම පැමිණලි ලැබෙනවා නම් ,ඒ දේවල් සොයාබලන්න සිද්ධවෙනවා. යහපාලන කතාව ඇදගෙන නිකම් බොරු තර්ක වලින්, නීතියට හෝ සම්මත ක්‍රියාපටිපාටියට පටහැනිව සිද්ධවුණ දේවල් යටපත් කරන්න හදන එක වැරදියි. (නි)
කස්තුරි මහත්තයෝ, හොයන්ඩ ගියොත් පලිගැනීමක් කියනවා. හොයන් නැතුව හිටියොත් උනුත් එකයි, මූනුත් එකයි කියනවා. (නදී)
ප්‍රේමදාස, චන්ද්‍රිකා,රනිල්, ෆොන්සේකා පැරදුන අවස්තාවලදීත් මේ වගේ ගලේ ගගහ හේදුවා මතකයි. (නදී)
දැන් ඔක්කොම උපාසකයෝ එතකොට හිටපු ජනාධිපති ද රට කාල තියෙන්නෙ (නදී)
හිතන්න, මේ මහජන මුදල් කන්දරාවට මොකද වුණේ? (නි)
අපේ ආයතනයේත් පසුගිය මාසයේ රාජකාරී වාහන වල පෙට්‍රල් ගැසූ බිල්,ආගිය ගමන් විස්තර, ගතකළ කාලය, විගණන නිලධාරින් කඩාගෙන ඇවිල්ලා පරික්ෂ කළා. වාහනයක් ගෙනඑන ගමන් ළමයෙකුගේ ත්‍යාග උත්සවයකට ගිහින් තරමක් වෙලා ගතවුණ ක්ෂේත්‍ර නිලධාරී කෙනෙක්ව අල්ලාගත්තා බෙල්ල මුලින්ම. දරුණු විදියට අවවාදයකුත් එයාට ලැබුනා. ඉතින් දැන් රජයේ ආයතන වලත් මේ පිළිගත් ක්‍රියාපටිපාටිය සිද්ධවෙන්න ඕනෑ නැද්ද? (නි)
මේවා අපේ සල්ලි... හොරු ඔක්කොම තරාතිරම නොබලා අල්ලලා දඩුවම් කරන්න... අපි අපේ ළමයි දුක්විදින්නේ මේ හොරු අපේ සම්පත් උන්ගේ කෑදරකමට විනාශ කරන නිසා... කස්තුරිලට කටු හරි ලැබෙන්න ඇති එකයි දුක . (අ)
මේකනම් හොද වැඩක්... මෙහෙම නැතුව රටක හදන්න බෑ..(හේ)
කස්තුරි මහත්තයො අායතනයක වටිනා කියන වාහන නැතිවුනහම උඩ බලන් ඉන්නද කියන්නේ? (අ)
සිරිසේන මහත්තයත් වාහන 32 ක් පාවිච්චි කරා නේද. මේවා නිකන් සෝබන වැඩ. (අ)
මහජන මුදල් වංචා කිරීම ගැන පරීක්ෂණ පැවැත්වීම පලිගැනීමක් නොවෙයි. වලිගෙ පාගගන්න එපා (අ)
කස්තුරි හා ඉන්දිකට මම කියන්නේ ඔය අයට මේක හිතට අමාරු වුණාට වැරදි වැඩ වංචා දුෂණ හොයන එක යහ පාලනයේ ප්‍රධානම ලක්ෂණයක් .මේ අය මේ විනාශ කරලා තියෙන්නේ රටේ ජාතික ධනය .ඒ කියන්නේ අපේ සල්ලි .රටේ අති බහුතර ජනතාව මේවට සුබ පතනවා (අ)
කස්තුරි ඔයාට හොල්මන්ද? නැත්තන් ඔය කියන හොරකම් වලට ඔයත් හවුල්ද? මේ ගසා කාල තියෙන්නේ අපි ගෙවන බදු මුදල්. මගේ පඩියෙන් සැලකිය යුතු ගානක් ආදායම් බදු කියල කපා ගන්නවා. මම දහදිය මහන්සියෙන් හම්බ කරන දේවල් වලින් කොටසක් මේ විදියට දෙන්නේ කාටවත් ඕන ඕන විදියට තමුන්ටත් තමුන්ගේ පවුල් වල අයටත් සැප ගන්න නෙවෙයි. ඒක නිසා මට දැන ගන්න ඕනේ මේ ගොල්ලා අපේ අහිංසක ජීවිතත් එක්ක සෙල්ලං කරලා තියෙන්නේ කොහොමද කියලා. ඒක ඔබෙත් මගෙත් සිවිල් පුරවැසි අයිතිවාසිකමක්. පලි ගන්න. හෝ හොයන්නේ මහින්දගේ මැදමුලන පරම්පරා හෝ පෞද්ගලික ධනයක් ගැන නෙවෙයි. (නදී)
හොරු ඇල්ලීම පලිගැනීමක්ද ? (නදී)
සත්‍යපාල මහත්තය කියන්නේ සත්‍යය. සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන මුලින්ම හොයල ඉන්නකෝ. වාහන කීයක් කවුද පාවිච්චි කල අය. බෙහෙත් ටෙන්ඩර් දුන්නේ කොහොමද, කියල හොයන්නකෝ මුලින්ම. එහෙම කලොත් යහපාලානේ. නැත්නම් මේ කරන්නේ විරුද්ධ කාරයන්ගෙන් පලිගැනීම. (නදී)
කස්තුරි සත්‍යපාල මහත්තයෝ, රටේ බහුතර ජනතාවක් මෛත්‍රිපාල මහත්මයට ඡන්දය දුන්නේ මේ හොරුන්ව අල්ලලා නිතිය හමුවට ගෙනල්ලා දඬුවම් කරන්න තමයි. ෆොන්සේකා මහත්මයට කලා වගේ පලිගන්න නෙමෙයි. (නදී)
මතකද හෙල්පින් හම්බන්තොට. (නදී)
මේක මාර වැඩක්නේ පොලිසිය හොයන්නේ හිටපු ජනාදිපතිගේ පෞද්ගලික වාහනවල විස්තරවත් ඒවාට තෙල් ගහපු විදියවත් නෙවෙයි. අපේ බදු මුදල් වලට මොකද උනේ කියලා. ඉස්සෙල්ලම ලොකු තැනින් තමයි පටන් ගන්න ඕනේ එතකොට නික්න්ම පොඩි තැන් ටික හැදෙනවා. (නදී)
මේක නම් නීත්‍යානුකූලව පළි ගැනීමක් වගේ. වැරදි තියෙන්න ඇති, ඒත් මේ කියන තරම් වෙන්න පුලුවන්ද? දැන් නම් ඕනවට වඩා යනවා වගේ! (නදී)
සුභ අනාගතයක් (නදී)
ඉහත තිබෙන කස්තුරි කියන නම ආරූඪ කරගත එකක් වියයුතුයි. මගේ නියම නමත් කස්තුරි. ඔය ඉහළ තිබෙන අදහස් මගේ නොවෙයි. අපි ගැන අහිතක් හිතන්න එපා. වැරදි කර තිබෙන අයට කිසිම අනුකම්පාවක් නැතුව දඬුවම් කළයුතුයි කියන එකයි මගේ අදහස! (නි)
සිදුවූ සියලු දූෂණවල සත්‍ය තොරතුරු මහජනතාවට ඉදිරිපත් කිරීම රජයේ යුතුකමකි. එය ගැන කිසි විවාදයක් නැත. මේවා සෙවීම පලිගැනීමක් සේ හිතන්නේ මන්ද බුධිකයන්ය. (නදී)
යහපාලනය යනු හොරකම් කරපුව වහන එක නෙමේ. හොරකම් කරපුව සොයාබලා දඩුවම් දී නැවත සොරකම් කිරීමට නොහැකි වන සේ දැඩි නීති රීති ගෙන ඒමයි. එ්කයි යහපාලනය. නිකන් පාට කන්නාඩි දාගෙන බලන්න එපා. මේ හොරකම් කරලා තියෙන්නේ ලාංකිකයන්ගේ අහිංසක වැටුපෙන් ගත්තු බදු සල්ලි (නදී)
අපිව රවටන්න නම් එපා (නි)
සත්‍යපාල යහ පාලනයට කලින් හොරු අල්ලන්න ඕනේ. මේකත් එක පොරොන්දුවක් ඒවා ඉටු වෙනකල් අපි ඉන්නේ (නදී)