අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ද ඇතුළුව උසස් පොලිස් නිලධාරීන් දස දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථානා මාරු ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සේවයේ අවශ්‍යතා මත මේ මාරුවීම් සිදු කර ඇති බවද ඒ මහතා පවසයි. සැප්තැම්බර් 14 වැනිදා ද උසස් නිලධාරීන් 33කට ස්ථාන මාරු ලබා දුන් අතර එලෙස ස්ථාන මාරු ලැබූ ඇතැම් නිලධාරීන් ද අද දින ස්ථාන මාරු ලැබූවන් අතර වෙතියි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ස්ථාන මාරු ලැබූ නිලධාරීන් මෙසේය. 1) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ ඊ ආර් එල් ප්‍රනාන්දු මහතා ගම්පොල කොට්ඨාශයේ සිට නුගේගොඩ කොට්ඨාශය 2) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම් බී ජී ඇල්ලපොල මහතා මහනුවර කොට්ඨාශයේ සිට ගම්පොල කොට්ඨාශය 3) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී කේ ඒ එච් ජී මතුරට මහතා කොළඹ දකුණ කොට්ඨාශයේ සිට අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී ගජසිංහ මහතා අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සිට අධ්‍යක්ෂ නීති කොට්ඨාශය 5) පොලිස් අධිකාරී පී එස් සී ද සිල්වා නුගේගොඩ කොට්ඨාශයේ සිට අධ්‍යක්ෂ පොලිස්පති අණ දෙන මැදිරිය 6) පොලිස් අධිකාරී කේ ඩී ඒ සේරසිංහ මහතා අනුරාධපුර කොට්ඨාශයේ සිට මහනුවර කොට්ඨාශය (2012.10.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි) 7) පොලිස් අධිකාරී එස් පී රණගල මහතා අම්පාර කොට්ඨාශයේ සිට කොළඹ දකුණ කොට්ඨාශය 8) සහකාර පොලිස් අධිකාරී ඩබ් කේ ජේ ආර් ඩයස් මහතා පොලොන්නරුව කොට්ඨාශයේ සිට කොළඹ දකුණ කොට්ඨාශය 9) සහකාර පොලිස් අධිකාරී එම් ඒ අයි ඒ ඩී එස් පී ඉරසිංහ මහතා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ සිට පොළොන්නරුව කොට්ඨාශය 10) සහකාර පොලිස් අධිකාරී සී ජේ සිල්වා කොළඹ දකුණ කොට්ඨාශයේ සිට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරනිමිත්තක් මේක..(ස)
සංගීත පුටු තරඟේ වගේ (ස)
අයියෝ සල්ලි
රස්සාවක් නැති නිසා මේ රැකියාවට ආවේ කියන කියන තැන යන්නට සිදුවූයේ අපගේ දූ දරුවො ගේ දොර තනි වූයේ හදවත දුක නිසා නෙක කදුලක් ආවේ..(නු)
කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ. කොහේ ගියත් වැඩක් නැහැ. අල්ලන්න ඕනෑ මිනිස්සු රජ සැප විදිනවා. අහිංසක මිනිහෙක් අල්ලලා කේස් එක ලෙස්සලා යවනවා. අර කතාවක් තියෙනවා, ලංකාවේ පොලීසියට වලහෙක් අල්ලන්න ඕන වුණාලු. ඒ වැඩේ අමාරු හින්දා හාවෙක් අල්ලලා හාවාට කියනවලු, මං වලහෙක් කියලා උසාවියේදී කියන්න, කියලා. (නි)
කවුරු ආවත් වැඩක් නෑ ඕන අයව අල්ලන්නේ නෑනේ..(ස)
අපිට මොකද අපි අට සිල් සමාදන් වෙනවා. (ස)
මොකද හදිස්සියේ