2012 ජනවාරි 13 වැනිදා කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේදී බම්බලපිටිය ව්‍යාපාරික මුස්තාක් සාලි මොහොමඩ්ට තර්ජනය කළැයි සංධාන පළාත් සභා මන්ත්‍රී නවුසර් පවුසි බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පතිගේ නියමය අනුව මුදා හළ බව පැමිණිලිකරුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේ කියා සිටියේය.
පොලිසිය මේ සිද්ධියේදී පවුසිට පක්ෂග්‍රාහී ලෙස ක්‍රියාකළැයි සඳහන් කළේය.
නඩුව විභාග කරන්නේ සමථ මණ්ඩලයට යොමු කරන්නේද යන්න ගැන ලබන 27 වැනිදා තීරණය කරන බව මහේස්ත්‍රාත්වරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවුසර් පව්සි, මව්ලානලා මොනවාද ජනතාව වෙනුවෙන් කරලා තියන්නේ? අහිංසක මිනුස්සුන්ට චන්ඩිකමයි, පොලීසියට බලපෑම් කිරීම් විතරයි. එ්ක නිසානේ මැද කොළඹ අන්ත පරාජය වෙන්නේ. (නදී)
පොලිසිය පැත්තක් අරගත්තාද? ඒගොල්ලෝ කවදත් කරනදේනේ.. (නි)
මෙහෙම වෙන්න පුලුවන්ද දැන්? (නි)
විජේතුංග, මේක වෙලා තියෙන්නේ 2012. මොනවද ඒ කාලේ වෙන්න බැරි? ඔය යහපාලත් කියලා තියෙන්නේ. දැන්වත් ඒවා නිවැරදි කරගත යුතුයි. (නි)
බැරි මොකද විජේතුංග මහත්තයෝ. (නි)
එහෙම නොකළා නම් ඒ පොලිසියක්යැ? (නි)
මන් එ්ත් බැලුව මොකද මේ පවුසි මහත්තය මහින්ද මහත්තයාගේ ලජ්ජා බය දෙක ගැන හොයන්නේ කියල..දැන්නේ තේරෙන්නේ..එක අතකට වරදක් නැහැ.පවුසි මහත්තයත් තාත්ත කෙනෙක්නෙ..පුතාව බේරා ගන්න පොඩ්ඩක් ට්‍රැක් මාරු කරලා යහපාලනෙට කඩේ ගියා. එච්චරයි (බ)