නව නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා පිළිගැනීමේ උත්සවයක් අද දින පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි. පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා නව නීතිපති පිළිගත්තේය.පොලිස් උත්තමාචාර සම්මාන මුරයක්ද පැවැත්විණි.
පොලීසිය මහජන මිත්‍රශීලී පොලිස් සේවයක් ලෙස සංවර්ධනයවීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් නව නීතිපති, නීතිය ප්‍රමාදයකින් තොරව ඉටුකිරීම සඳහා පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
100%ක්ම ඉන්ග්‍රිසි සහ යුරොපා රටවල නිති ක්‍රියාත්මක කරනවාට වඩා ලංකාවට ගැලපෙන නිති පද්දතියක් බිහි වෙනවානම් හොදයි. (ත)
දැන්වත් කාලයට හරියන නව නීති ක්‍රම හදන්න. (ත)
හරිම ලාමක ප්‍රතිචාරනේ කට්ටිය එවලා තියෙන්නේ. (නි)
මනුෂ්‍යයන් වන අප වරදක් පෙන්වලා දෙන්න ඕනේ, වැරදි නොකරන කෙනකුට නොවේ. වැරදි පෙන්වලා දෙන්න ඕනේ, වැරැදි කරන කෙනාටයි. වැරැද්දක් පෙන්නුවට පස්සෙ වරද හදා ගැනීම තම තමන්ට බාරයි. ඒක වන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට තම තමන්ට තේරුම් යන හැටියටයි. පිටරට දියුණුයි කිව්වට, පිටරට දියුණුව තියෙන්නේ හෞතික වස්තු නිර්මාණයේ. එහෙත් ශ්‍රී ලංකාදීපය දියුණු, මනුෂ්‍යත්වය අතින්. (නි)
හොද අනාගතයක්. (ත)
නීතිපති මහත්තයෝ, ඔබතුමා කොච්චර හොඳ කළත් තව ටික කාලෙකින් අපේ මිනිස්සු ඔබතුමාටත් මඩ ගහන්න පටන් ගන්නවා. අපේ උන්ගෙ හැටි ඔහොමමයි. ඒකනේ මේ රටේ කාටවත් වැඩක් කරන්න හිතෙන්නැත්තෙ..... (ත)
හරි හැටි නිතිය ඉටුකිරීම නව නීතිපති තුමාට අපේ පුනාමය ...!!!(ස)
හිටපු එක්කෙනා අස් කළාද?
අපේ සුබ පැතුම් ඔබ තුමාට, රෝයල් පාර්ක් නඩු තීන්දුවට ඔබ තුමා මැදහත් වී සාධාරණය ඉටුකල හැටි අපි දැක්කා. ඉදිරියටත් විශිෂ්ඨ සේවාවක් කිරීමට ඔබට සුබ පතනවා. !!!! (ස)
පාලිත ෆනාන්දු මහත්තයා නීතිය දන්න හොද මහත්තයෙක්.
මේකට තමයි කියන්නේ 'අපි වෙනුවෙන් අපි' කියල.(ත)
නඩු ඉක්මණින් ඉවර කරන්න පුලුවන් බය නැතිව කකාර්යශූර අය විනිසුරුවන් ලෙස පත් කරන්න පියවර ගත්තොත්. (ස)
නීතිපති තුමනි, ඔබ කියනවා වගේ නීතිය ප්‍රමාදයකින් තොරව ඉටු කිරීම ගොඩක් හොඳයි. කොස් ගසට නඩු දාලා කොස් ගහ මැරිලත් නඩුව තවමත තියෙනවා. (ස)
මේ වෙනකන් නම් වුණේ හැම නඩුවකදිම පොලිසිය නීතිපති උපදෙස් තවම ලැබුණේ නැති බව උසාවියට කියන කතාව විතරයි. දැන් හැබැයි අලුත් නීතිපතිතුමා කියනවා දෙගොල්ලම එකතුවෙලා ප්‍රමාදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ කියලා. බලමුකෝ අලුත් නීතිපතිතුමා කොච්චර ඉක්මණට උපදෙස් දෙයිද කියලා. (නි)
'මහජන මිත්‍රශීලී පොලිස් සේවයක්' ??? මට හරියට පැහැදිලි නැහැ. (නි)