IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොලීසිය නව නීතිපති පිළිගනී

නව නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා පිළිගැනීමේ උත්සවයක් අද දින පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.  පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා නව නීතිපති පිළිගත්තේය.පොලිස් උත්තමාචාර සම්මාන මුරයක්ද පැවැත්විණි. පොලීසිය මහජන මිත්‍රශීලී පොලිස් සේවයක් ලෙස සංවර්ධනයවීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් නව නීතිපති, නීතිය ප්‍රමාදයකින් තොරව ඉටුකිරීම සඳහා පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.



අදහස් (0)

පොලීසිය නව නීතිපති පිළිගනී

ජයකොඩි Friday, 03 August 2012 08:22 PM

100%ක්ම ඉන්ග්‍රිසි සහ යුරොපා රටවල නිති ක්‍රියාත්මක කරනවාට වඩා ලංකාවට ගැලපෙන නිති පද්දතියක් බිහි වෙනවානම් හොදයි. (ත)

:       0       0

sarfaz Friday, 03 August 2012 09:59 PM

දැන්වත් කාලයට හරියන නව නීති ක්‍රම හදන්න. (ත)

:       0       0

සුනිල් Friday, 03 August 2012 10:24 PM

හරිම ලාමක ප්‍රතිචාරනේ කට්ටිය එවලා තියෙන්නේ. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Sunday, 05 August 2012 06:29 AM

මනුෂ්‍යයන් වන අප වරදක් පෙන්වලා දෙන්න ඕනේ, වැරදි නොකරන කෙනකුට නොවේ. වැරදි පෙන්වලා දෙන්න ඕනේ, වැරැදි කරන ‍කෙනාටයි. වැරැද්දක් පෙන්නුවට පස්සෙ වරද හදා ගැනීම තම තමන්ට බාරයි. ඒක වන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට තම තමන්ට තේරුම් යන හැටියටයි. පිටරට දියුණුයි කිව්වට, පිටරට දියුණුව තියෙන්නේ හෞතික වස්තු නිර්මාණයේ. එහෙත් ශ්‍රී ලංකාදීපය දියුණු, මනුෂ්‍යත්වය අතින්. (නි)

:       0       0

nawaaxc Sunday, 05 August 2012 10:28 AM

හොද අනාගතයක්. (ත)

:       0       0

හීන් බන්ඩා Saturday, 04 August 2012 10:23 AM

නීතිපති මහත්තයෝ, ඔබතුමා කොච්චර හොඳ කළත් තව ටික කාලෙකින් අපේ මිනිස්සු ඔබතුමාටත් මඩ ගහන්න පටන් ගන්නවා. අපේ උන්ගෙ හැටි ඔහොමමයි. ඒකනේ මේ රටේ කාටවත් වැඩක් කරන්න හිතෙන්නැත්තෙ..... (ත)

:       0       0

අනුර ‍එස් ලියනගේ - මුල්ලෙරියාව Friday, 03 August 2012 02:26 PM

හරි හැටි නිතිය ඉටුකිරීම නව නීතිපති තුමාට අපේ පුනාමය ...!!!(ස)

:       0       0

හිල්මි Friday, 03 August 2012 02:41 PM

හිටපු එක්කෙනා අස් කළාද?

:       0       0

ශාන් Friday, 03 August 2012 02:39 PM

අපේ සුබ පැතුම් ඔබ තුමාට, රෝයල් පාර්ක් නඩු තීන්දුවට ඔබ තුමා මැදහත් වී සාධාරණය ඉටුකල හැටි අපි දැක්කා. ඉදිරියටත් විශිෂ්ඨ සේවාවක් කිරීමට ඔබට සුබ පතනවා. !!!! (ස)

:       0       0

එතුමා Friday, 03 August 2012 02:47 PM

පාලිත ෆනාන්දු මහත්තයා නීතිය දන්න හොද මහත්තයෙක්.

:       0       0

ලුම්බිණි Saturday, 04 August 2012 11:49 AM

මේකට තමයි කියන්නේ 'අපි වෙනුවෙන් අපි' කියල.(ත)

:       0       0

අමිල කටුනායක Friday, 03 August 2012 02:49 PM

නඩු ඉක්මණින් ඉවර කරන්න පුලුවන් බය නැතිව කකාර්යශූර අය විනිසුරුවන් ලෙස පත් කරන්න පියවර ගත්තොත්. (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි සිට Friday, 03 August 2012 04:29 PM

නීතිපති තුමනි, ඔබ කියනවා වගේ නීතිය ප්‍රමාදයකින් තොරව ඉටු කිරීම ගොඩක් හොඳයි. කොස් ගසට නඩු දාලා කොස් ගහ මැරිලත් නඩුව තවමත තියෙනවා. (ස)

:       0       0

ජේසනී Friday, 03 August 2012 06:24 PM

මේ වෙනකන් නම් වුණේ හැම නඩුවකදිම පොලිසිය නීතිපති උපදෙස් තවම ලැබුණේ නැති බව උසාවියට කියන කතාව විතරයි. දැන් හැබැයි අලුත් නීතිපතිතුමා කියනවා දෙගොල්ලම එකතුවෙලා ප්‍රමාදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ කියලා. බලමුකෝ අලුත් නීතිපතිතුමා කොච්චර ඉක්මණට උපදෙස් දෙයිද කියලා. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 03 August 2012 06:49 PM

'මහජන මිත්‍රශීලී පොලිස් සේවයක්' ??? මට හරියට පැහැදිලි නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site