පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ගිය මාලිගාවත්තේ දෙදරු පියකු මරා දැමීයැයි සැකපිට පොලිස් උප පරීක්‍ෂක රුවන් කුමාර සහ කොස්තාපල් මනෝජ් නෑහින්න කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. තෙවැනි සැකකරු ඞී. රනිල් නම් පොලිස් නිලධරයා පොලිසියට නොදන්වා රට ගොස් ඇතැයිද ඔහු පොලිස් සේවයෙන් පහ කැර ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය. වතුර හිර වී මිය ගිය බව පොලිසිය කී නමුත් ආමාශයේ හා ගලනාලයේ ආහාර හෝ වතුර සැලැකිය යුතු ප‍්‍රමාණයක් නොවී යැයිද, ශරීරයේ බඳපෙදෙස තෙරපීම නිසාත් මොට අවියකින් පහරදීම නිසාත් මරණය සිදුවී ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරි දොස්තර ආනන්ද සමරසේකර උසාවියට වාර්තා කළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd