සේවයේ අවශ්‍යතා මත තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් නව දෙනෙකු මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එන් ගුණවර්ධන වැලිකඩ ස්ථානාධිපති සිට පොලිස් මූලස්ථානයේ සැපයුම් කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ඒ සී එන් ප්‍රැන්සිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ සිට වැලිකඩ වැඩ බලන ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ක්ෂක වයි එස් එච් අයි ටී සිල්වා පානදුර කොට්ඨාසයේ සිට පයාගල වැඩබලන ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර බණ්ඩාර වවුනියාවේ සිට වත්තේගම ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ඥානරත්න වීරගුල ස්ථානාධිපති ලෙස බදුල්ල කොට්ඨාසයට ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ එච් පී සිරිපාල හැටන් කොට්ඨාසයේ සිට වීරගුල ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ එල් සී එල් අමරසේකර බස්නාහිර උත්ර අපරාධ කොට්ඨාසයේ සිට පන්නල ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක එච් බී එස් සී කුමාර බියගම පොලිස් ස්ථානාධිපති ලෙස ද ස්ථාන මාරු කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ගියත් ලංකාව තුළ පොලිසියක් අවශ්‍ය නැහැ වගෙයි දැන්. දැන් හැමතැනම පහසුකම් වගේම දියුණුවක් තිබෙනවා (නි)
යහපාලකයෝ චන්දෙට සුදානම් වෙනවා වගෙයි.(නදී)
පොලිසිය ඇතුළේම දාම් ඇදිල්ලක් වගෙයි අපිට නම් පෙනෙන්නේ. අනේ ඔය අයගේ පවුල් වලට දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව මොනතරම් ගැටළු මතුවෙනවද? ඉපදෙන කිසිම ආත්මයක පොලිස් නිලධාරියෙක් නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරගනිමු (නි)
මාංකුළම පොලිස් කොට්ටාශයේ ස්ථාන මාරු නැත්තේ මොකද? (නදී)
කලබලවෙන්න එපා, මේවා යහපාලන මාරුකිරීම්. පරාජය දැක දැක හොදටම බයවෙලා ඉන්නේ කට්ටිය. (නදී)