සිදාදියට ගෙනවුත් විකිණීම සඳහා කළුවරගස් වැව තබ්බෝව කැලේ කූඩු කර සිටි ගිරවුන් තුන්සියයක් පමණ සොයාගත් කළුවර ගස් වැව පොලීසිය එම සතුන් මුදා හළේය.
කසිප්පු වැටලීමකට කැලයට ගිය පොලීසිය මේ ගිරා කූඩුව දැක ඇත.
ගිරවකු නගරයට ගෙනවුත් රුපියල් තුන්සියයකට පමණ විකුණන බව කියති.
ගිරවුන් අල්ලා විකිණීම සපුරා තහනම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි නිදහස් කළානේ. ඒකම ලොකු දෙයක් (නි)
කරුවලගස් වැව, පහරිය, රළපනාව ප්‍රදේශ වල වඩුකුරුළු කූඩු කඩලා විකුණන කට්ටිය ඉන්නවා. (නි)
ඒ පොලිසියට මගේ උපහාරය! (නි)
ගිරව් නිදහස් කරලා අයිතිකාරයාව කූඩු කරන්න තිබුණේ වැලිකඩ පැත්තේ. (නි)
ඔය ගමන්ම එෆ් එම් ගිරව් ටිකත් නිදහස් කරලා දාන්න.(නදී)
කොච්චර සත්තු විකුණනවද ප්‍රසිද්ධියේ? ඒත් කෝ නීති? (නි)
හරක් නම් අනේ කොච්චර පවුද? (නි)
සමහරුන්ව පොලිසියට අල්ලගෙන ගියහමත් ගිරව් වෙනවනෙ නිකම්ම. එයාලවත් නිදහස් කරයිද මන්ද මේ විදිහටම.(නදී)
ලංකාව පුරාම කැලෑවල මේ විදියට කුරුල්ලන් අල්ලා විකිනීම කරනවා. කුරුල්ලන් අල්ලන මිනිසුන්ට දැඩි දඩුවමක් පනවලා කුරුල්ලන්ගේ නිදහස ආරක්ෂා කරලා දුන්නොත් ලොකු පිනක් කොයිකාටත්. (ස)
දිලිප්, සෑහීමකට පත්වෙන්න පුරුදු වෙන්න.(නදී)
අහිංසක සතුන්ගේ නිදහස තමයි උන්ගේ ජීවිතය...(ස)
උසාවි දාන්නේ නැතුව පොලිසියට තනි තීරණ ගන්න පුලුවන්න්ද ?(නදී)
ගිරා කුඩුවේ අයිතිකාරයා හමු වෙලා නැද්ද? (නි)
සමහර පොලිසිවල අපල දුරුවෙන්නත් එක්ක ගිරව් නිදහස් කල එක පිනක්!(නදී)
කවුරු වුණත් කළේ හොද වැඩක්. (නි)