පොල්ගස්ඕවිට දේවාලයක කපුවෙක් (44) ශාන්තිකර්මයක් කරවා ගැනීමට එහි ආ තරුණියක නිරුවත් කැර අතවර කරන්නට ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ඇයට කළුකුමාර දිෂ්ඨිය වැටී ඇතැයි කියා දින කිහිපයක් නිරුවත් කැර තෙල් ගා ශාන්තිකර්මය කළ යුතුයැයි ඔහු කියා ඇත. තමන් දෙහි කප්පවා ගැනීමට ආ දිනයේ ඔහු අයුතු යෝජනාවක් කළ බව ද පොලීසියට කියා ඇත. තරුණිය රෝහල්ගත කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුවට විතරක් දඩුවම් කරලා මදි. මේ ගැනු දරුවගේ දෙමවුපියන්වත් මානසික රෝහලකට යවන්න ඕනෑ. (නි)
කපුවට දෙහි නෙමෙයි කපන්න ඕනෑ...මම කියන්නේ නැහැ ඉතින් (නි)
මේකේ කපුවට නඩු දමන්න කලින් මේ මෝඩ වැඩ වලට තරුන ගැහැණු ළමයන් අරන් එන දෙමව්පියන්ට දඬුවම් කල යුතුය. 21 වන ශතවර්ශයේත් මේවා විශ්වාස කරන අය ලංකාවේ ඉන්නේ . (නි)
ඒක කපුවාගේ සාස්තරේ හැටි වෙන්න ඇති.(අ)
සමහර අය ඕව කරගන්න කියලම යනවනේ.ඒ පළපුරුද්ද තමයි කපුවා ඇදගෙන යන්නේ...(අ)
කපුවා කපෝතියි නේද? (නි)
මරු කපුවො තමයි දැන් ඉන්නේ (නි)
අපේ ආච්චිත් හැමදාම හන්දිපත් අමරුවාට ඔය කෝවිලටම යනවා (නි)
කපුවාගේ ඇති වැරද්දක් නැහැ. මේ මෝඩ ගැහැණු දැනගන්න එපැයි. අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු (නි)
මේ කාලෙත් මේවා විශ්වාස කරන උදවිය ඉන්නවා නේද? අනේ මන්දා (නි)
විරාජ් ඔබ හරියට හරි. අපේ මෝඩකම නිසා කර ගන්න දේවල් වලට අනෙක් අයට බැනල හරි යන්නේ නැහැ.(නදී)
වරද දැන දැන වරද හොයාගෙන යන එකනේ වරද. මොකට යනවාද මන්දා මේවා පස්සේ.(නදී)
දෙහි කපන්න නොවෙයි නඩු දාන්න (දී)
මෙහෙම කපුවන්ට රැවටෙන්න එපා (දී)
විසි එක්වෙනි ශතවර්ෂයේ ඉන්නේ. ශාන්ති කාර්ම කරන්නේ ගල් යුගයේ අය. ගෑනිව යවන්න ඕනේ මානසික වෛද්‍ය වරයෙක් ගාවට.(නදී)
ඔය කපුවො ඔක්කොම කරන්නේ 100% බොරුව තමයි. ඔය හුනියන් දේවාල, නැති කරන්න පාර්ලිමේන්තුවේ පනතක් ගෙන්න ඔනා. කෝ මේ බොදුබල සේනාව. (නදී)
අවුරුදු 18 ට අඩු තරුණියක්නම් කපුවා වැරදියි. එසේ නොවේනම් මෙවැනි තරුණියන්ගෙන් පිරිමින් අමාරුවේ වැටෙන එක වළක්වාගන්න ලෝකයේ වෙනත් රටවල වෙළඳපොලේ විකිණීමට තිබෙන මේ හා සම්බන්ධ දේවල් මේ රටෙත් වෙළඳපොළට නිකුත්කරන්න. ලංකාවේ ලිංගික අසහනය නිසා සිදුවන සමාජ ප්‍රශ්න දිය යට සැඟවුණු අයිස් කන්දක් වගේ සියයට අනුවකට වඩා සැඟවී තිබෙන්නේ.(නදී)
කපුවා කපොතියි (දී)
කපුවෝ කරන්නේ බොරු කියලා මෝඩ මිනිස්සු දන්නෙ නැහැ (නි)
නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන වගේ වටිනා වැඩසටහන් අහන්නේ නැති මෝඩ මිනිස්සු තව ලංකාවේ ඉන්නවද අනේ ? (නි)
දෙවියො විශ්වාස කරන්නෙ බෞද්ධයෝ නෙවෙයි.ඔය විවේචන කරන අයම තමයි (දී)
දෙහි නොවෙයි ඔහු කරලා තියෙන්නේ මහා වරදක් (දී)
මේ බෞද්ධ රටේ වෙනම වැඩද (දී)
මොකද මේ හැම එකටම බොදුබල සේනාව ගාව ගන්නේ මොලය පාවිච්චි කරන්න. මෝඩ මිනිස්සු කරන හැම එකටම තව කව්රුත් ගාවගන්න එපා. (අ)
වයස අවුරුදු හතලිස් හතරයි නේ කපුවට. නෝටි ෆොර්ටි. (අ)
යක්කු එක්ක ඉන්නකොට පුරුදු වෙන්නේ යකාගේ දේවල්. දෙවියන් සමග ඉන්නවා නම් පුරුදු වෙන්නේ යහපත් දේවල් (නි)
කලුකුමාරය සමග කාමාතුරයත් ඇවිත් වගෙයි (නි)
මම අහල තිබෙනවා සැඩ සුලං කියන චිත්‍රපටයේ ප්‍රචාරය වෙනුවෙන් ළඟදීම හමනවා සැඩ සුලං කියා අලවා තිබුණු පෝස්ටර් දැකලා මිනිසුන් තමන්ගේ ගේ අසල තිබෙන වටිනා කියන ලොකු ගස් ටික ගේ උඩට පෙරලේවි කියා බයට කපලා දැමුවලු. එවැනි මිනිසුන් තවමත් අප අතර ජීවත් වනවා. යහපත් සතියෙන් ජීවත් වෙන කෙනා මේ වගේ අන්ධ දේ පසු පස දුවමින් මුලාවේ වැටෙන්නේ නැහැ. වරද කපුවන්ගේ නොව වරද තිබෙන්නේ ජීවිතයේ යතාර්ථය පිලිබඳ අවබෝධය මදි අයගෙයි.(නදී)
අපි (හැමෝම) අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.... (නි)
ජීවිතේට මෝඩකමක් කර නැති බව පෙනෙන "බුද්ධිමතුන්" දාලා තියෙන අදහස් දැක්කාම අපේ රට ගැන හරි ආඩම්බර හිතුනා. හැබැයි ඉතින් දේව ඇදහීම් සහ ඒ අනුව යන සංස්කෘතික අංගයන් අපේ ජීවිතේ හැම අවස්ථාවටම තිබුනා. සිංහල අවුරුද්ද වේවා, වී ගොවිතැන් කිරීමේදී වේවා, මගුල් තුලා වලදී වේවා, කොයි තරම් ජන ජීවිතයට ඇබ්බැහි වෙලාද කියල සමහර විට මේ කට්ටියට වැටහීමක් නැතුව ඇති. හදි හූනියම් , තොවිල් පවිල්, පෙරහැරවල්, අලුත් සහල් මංගල්‍ය, ඔය සේරම අපේ ජන ජීවිතයේ වෙන් කල නොහැකි, දේව විශ්වාශ හා බැඳුනු, අංග. අනික, අද රටේ ඉන්න කට්ට කයිරාටික වංචනිකයන්ට කොයි මොහොතක හෝ කිසියම් ආකාරයකින් හෝ නොරැවටුණු කෙනෙක් රටේවත් ඉදීද කියලා හිතනවද? හදවතට තට්ටුකරලා බලන්න. ඒ රැවටුණු ඔක්කොම මෝඩයෝද? දැන් මේ කාන්තාවට කවුරුත් කියනවා මෝඩයි කියල. ඇයි ඒ? පොලිසි ගියාටද?(නදී)
යක්කු ගෙම්බො ගිලිනකොට පිසචයෝ කුම්භාණ්ඩයෝ අග්ගල ගිලින එක අහන්නත් දෙයක්ද ? (අ)