මීතොටමුල්ල පොතුවිල කුඹුර අසළ කුණු දැමීම අවහිර කරමින් උදුල් ප්‍රේමරත්න, නුවන් බෝපගේ හා කීර්තිරත්න පෙරේරාට එරෙහි නඩුව පොලීසිය අද ඉල්ලා අස් කර ගත්තේය.
ඔවුට එරෙහිව පෙර දින නිකුත් කළ නියෝග ඔවුහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටියහ.
ඔවුන්ගේ නීතීඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ එම ස්ථානයේ කුණු දැමීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දී ඇති බවයි. ඒ අනුව කුණු දැමා වසා දැමීමේ කොන්දේසිය මත අක්කර දෙකක් පමණක් වෙන් කැර ඇති බවත් නීතීඥවරු කීහ.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පටහැනිව කොළඹ නගර සභාව අක්කර 17ක කුණු ගොඩ ගසා පදිංචිකරුවන් 4000ක් ශාරීරික හා මානසික පීජනයකට පත් කළ බවයි.
දිගින් දිගටම කුණු දැමීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නඩුව ඉල්ලා අස් කර ගත්තේය.
පොලිස් බලතල අනුව කඳුළු ගෑස් ගසා විරෝධතා කරුවන් ඉවත් කරන බව අධිකරණය හමුවේ කියා සිටියේය.
එහෙත් මහේස්ත්‍රාත්වරයා කිසිම නියෝගයක් නිකුත් කළේය නැත.
සංශෝධිත පැමිණිල්ලක් මගින් යළි අධිකාරණයට කරුණු දැක්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදුල ලත් කවදාහරි පාර්ලිමේන්තු ගියොත් අර කලින් හිටිය කුනු ඇමති වගේ වෙයිද?(නදී)
උසාවි නියෝගයටත් එරෙහිව තමන්ගේ ගේ ළඟ නගර සභාව කුණු ගොඩ කොට ඊට එරෙහි වෙන්න මිනිස්සුන්ට බැරිද? එකට පිළිතුර ඒ මිනිස්සුන්ට පහර දීමද? (නදී)
නඩුව අස්කරගත්තේ අර වගේ කුණු වැඩක් කරන්නද? පොලිසියේ මහත්වරුන් ඉන්නවනම් මේ ජරා රාජකාරියට හවුල්වුවන්ට දඬුවම් ලබා දී මහත්මා කම රැක ගැනීමට කටයුතු කරන්න. (නදී)