මීතොටමුල්ල පොතුවිල කුඹුර අසළ කුණු දැමීම අවහිර කරමින් උදුල් ප්‍රේමරත්න, නුවන් බෝපගේ හා කීර්තිරත්න පෙරේරාට එරෙහි නඩුව පොලීසිය අද ඉල්ලා අස් කර ගත්තේය.
ඔවුට එරෙහිව පෙර දින නිකුත් කළ නියෝග ඔවුහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටියහ.
ඔවුන්ගේ නීතීඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ එම ස්ථානයේ කුණු දැමීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දී ඇති බවයි. ඒ අනුව කුණු දැමා වසා දැමීමේ කොන්දේසිය මත අක්කර දෙකක් පමණක් වෙන් කැර ඇති බවත් නීතීඥවරු කීහ.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පටහැනිව කොළඹ නගර සභාව අක්කර 17ක කුණු ගොඩ ගසා පදිංචිකරුවන් 4000ක් ශාරීරික හා මානසික පීජනයකට පත් කළ බවයි.
දිගින් දිගටම කුණු දැමීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නඩුව ඉල්ලා අස් කර ගත්තේය.
පොලිස් බලතල අනුව කඳුළු ගෑස් ගසා විරෝධතා කරුවන් ඉවත් කරන බව අධිකරණය හමුවේ කියා සිටියේය.
එහෙත් මහේස්ත්‍රාත්වරයා කිසිම නියෝගයක් නිකුත් කළේය නැත.
සංශෝධිත පැමිණිල්ලක් මගින් යළි අධිකාරණයට කරුණු දැක්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
597
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලීසිය කුණු නඩුව අස්කරගනී
අමිල Tuesday, 09 April 2013 03:54 PM
උදුල ලත් කවදාහරි පාර්ලිමේන්තු ගියොත් අර කලින් හිටිය කුනු ඇමති වගේ වෙයිද?(නදී)
උපාලි Tuesday, 09 April 2013 03:59 PM
උසාවි නියෝගයටත් එරෙහිව තමන්ගේ ගේ ළඟ නගර සභාව කුණු ගොඩ කොට ඊට එරෙහි වෙන්න මිනිස්සුන්ට බැරිද? එකට පිළිතුර ඒ මිනිස්සුන්ට පහර දීමද? (නදී)
අජිත් Wednesday, 10 April 2013 09:17 AM
නඩුව අස්කරගත්තේ අර වගේ කුණු වැඩක් කරන්නද? පොලිසියේ මහත්වරුන් ඉන්නවනම් මේ ජරා රාජකාරියට හවුල්වුවන්ට දඬුවම් ලබා දී මහත්මා කම රැක ගැනීමට කටයුතු කරන්න. (නදී)