සමාජශාලා නළඟනක වන දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි හෙවත් නයි නළඟන කටුනායකදී අත්අඩංගුවට ගැන්නා ලෙස ආගමන විගමන පාලකට නියෝග කරන්නැයි පොලීසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද ඉවත දැමීය.
පසුගිය අප්‍රේල් හතර වැනිදා උසාවි නොපැමිණි නිසා ඇය අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත් වරෙන්තු නිකුත් කළේය.
මෝසමක් මගින් කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දැන්වූයේ ඇය සිටින තැනක් හෝ ඇගේ ස්ථිර ලිපිනය හෝ සොයා ගත නොහැකි බවයි. ඇය උසාවි කොන්දේසි කඩකරමින් එතෙර ගොස් ඇතැයි ද පොලීසිය කීවේය.
මහේස්ත්‍රාත් පොලීසිය දැන්වූයේ ඇය ගුවන්තොටේදී අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් වරෙන්තුවේ කොපියක් ගුවන්තොට පොලීසියට දීම අනුමත කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය මොකද එයාගේ පස්සෙන් මේ තරම් එලවන්නේ. නයාව මරලත් නැහැ. මිනි මරලත් නැත්නම් කුඩු විකුණලත් නැත්නම් එතනෝල් ආනයනය කරලත් නැත්නම් මොකද්ද කරපු අපරාධය? (නදී)
අපේ පොලිසිය තවමත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ.(නදී)
එන්න නංගි ඔයා අපේ පැත්තට... (නි)
පරණ කතාවක් තියෙන්නේ!රට ඇරියත් හිරමනෙන් කරන්නේ පොල්ගාන එකමනේ!(නදී)
පොලිසියට නයා පෙන්නලා.(නදී)
දැන්නම් මෙයා ඡන්දේ ඉල්ලන්න ඕනෑ සුදුසුකම් ඔක්කෝම සපුරලා තියෙන්නේ. ශුවර් තමා අපේ අයත් උඩපැනලා කතිරේ ගහයි. (නි)
මේ තරම් අපරාධකරුවන් පිරිසක් නීතියට පිටුපා නිදහසේ සිටින රටක මේ ළමයා පස්සෙන්ම පොලිසිය එලවන්නේ ඇයිද? මට නම් පෙන්නේ මේක කාන්ත හිංසනයක් විදියටයි (නි)
අනේ මන්දා නයෙක් තියාගත්තු එක ප්‍රශ්නයක් නම්, අහිකුණ්ඨික මිනිස්සු හැමෝම අත්අඩංගුවට ගන්නවද? නොතේරෙන නිසයි මේ අහන්නේ (නි)
දැන් නළගනව දැන් හැමෝම දන්නවා. ඡන්දයට ආවොත් මනාපේත් ලැබෙයි. (නි)
නයි නළඟනට පුදුම අපල කාලයක් (දී)
මේක පුදුම වැඩක්නේ. එහෙනම් නයි පනික්කියෝ සේරම ටිකත් අල්ලලා හිරේ දාන්න වෙනවනේ. නංගියේ අපි ඔබ සමගයි නවසීලන්ත ශ්‍රී ලාංකිකයෝ (නදී)
ඉතාම නිවැරදි නියෝගයක්. (දී)
මම නම් කියන්නේ ඒ ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් නොවෙයි (දී)
අයියෝ සල්ලි (දී)
අධිකරණය හරි (දී)
ඉතා හොද අධිකරණ තීන්දුවක්. ! (ස)
උසාවියට බැරිවූ හේතුව මොකද්ද සාධාරණ හේතුවක්ද දන්නේ නැහැනේ (දී)
එහෙ ගිහිනුත් නයා නටවනවද දන්නේ නැහැ.(නදී)
අනේ මන්දා (දී)
මටනම් පෙන්නේ පොලිසියේ මහත්වරු මේ ඇය ගෙන් නුසුදුසු අල්ලසක් ඉල්ලනවා.(නදී)
මේ අහි0සක දෑරිවිට කරුනාකර තමන්ගෙ පාඩුවේ ඉන්න දෙන්න, මෙච්චර හොරු උදේ හවස ඔතනින් එහා මෙහා යනව මොකෝ අපේ උදවු අරගෙනද රටින් පිට වෙන්නෙ. (ස)
රටේ නීතියත් එක්ක ගනුදෙනු කරන විට ප්‍රවේශම් විය යුතුයි. හදිස්සියෙවත් බලපත්‍ර දඩ කොලයක ගෙවීම මග ඇරුනත් උසාවි තමා. මාධ්‍යයෙන් තම මේව ප්‍රචාරය වෙන්නෙ. මොනව කරන්න ද? අද උණුසුම් පුවත් ඕවනෙ! (නදී)
එසේ ඉල්ලීම් කරන එක පොලිසියේ වගකීමක්, ඒවාට අනුමැතිය දීම, නොදීම අධිකරණයේ වගකීමක් (දී)
නංගියෝ අපට පුවත් මවනවට ස්තිතුයි.(නදී)
ඕනෑ තරම් මිනීමරන මංකොල්ලකන මිනිසුන් නිදැල්ලේ ඉන්නවා. මේ අහිංසකී සමාජ ශාලාවක නටලා ජීවත් වුණා. නයා ළඟ තියාගන්න තහනම් නම් ඉන් කාටවත් කරදරයක් නැත්නම් පොලිසියට වෙන කරන්න මොනතරම් වගකීම් තියෙනවද? (නි)
අනේ මේ අහිංසකීට යන තැනක යන්න දෙන්න.. (ස)
ඇයි නයි නලගනට ඔච්චර ප්‍රචාරයක් දෙන්නේ? වෙන ප්‍රවෘත්ති නැද්ද රටේ?(නදී)
නයි නළගන රටින් පැන්නට පස්සේද එතකොට ගුවන් තොටුපලට අල්ලන්න ඕඩරය ලැබුණේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මෙන්න මෙහ කෙල්ලව අතහැරලා දාන්න. (ස)
ශාලික් නිකම් ජාති වාදයක් අදින්න හදනවා වගේ... (ස)
නිකම් කාලය කනවා.(ස)
නයාත් අරගෙනද ගිහිල්ල තියෙන්නේ ? (ස)
අනේ පොලිස් මහතුණේ මීට වඩා නීතියේ දැලට අහුවෙන්න ඕනේ කට්ටිය ඕනෑතරම් නිදැල්ලේ ඉන්නේ.. හාල්මැස්සන්ට වඩා තෝරු මෝරු පස්සේ එලවමු.. (ස)
නයාත් අරගෙනද ගිහිල්ලා තියෙන්නේ? (නි)
පොලිසියේ මහත්වරු මේ නලගනගෙ පස්සෙන්ම එලවන්නෙ ඇයි? (නි)
ඇල්කොහොල් ගෙනාව හොරු, කොටකෙතන කුඩු මුදලාලිලා ගැන නැති කැක්කුමක් මේ අහිංසක 'නයි නළගන' ගැන ඇයි? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
රට යන්න තහනම් නම් පාස්පෝට් එක උසාවිය බාරයට ගන්න ඕනෑ නේද? (නි)
ජනාදිපතිතුමට වඩා නළගන ගැන විස්තර කියවන්න වෙලා .(නදී)
අය්යෝ මගේ සිහින කුමාරි .. (ස)
ඕන තරම් වැරදි කරන දේශපාලකයෝ ඒ අයගේ පුත්තු නිදහස් කරනකොට මේ කෙල්ලක් අල්ලගෙන දගලනවාත මේවා ඔක්කොම බොරු!(නදී)
කනගාටුයි (දී)