පිළියන්දල තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ අද (2) පොසොන් පොහොයට සිල් සමාදන්වීමට පැමිණි උවසු උවැසියන්ට ගල්කිස්ස කොට්ඨාස බාර රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා මාර්ග නීති පිළිබඳ දැනුම්වත් කිරීමක් සිදු කළේය.
පිළියන්දල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සී.මාදුගොඩ මහතා වැඩසටහන සංවිධානය කර තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අගය කළ යුතු වැඩක් (නදී)
මම සිල් ගත් පන්සලේයි මෙම වැඩසටහන පැවැත්වුණේ. ඒ කෙටි දේශනයේදි පොලිස් නිළධාරියා දැනුවත් කළේ ලංකාවේ මාරක රිය අනතුරු වලින් මියයන පදිකයින්ගෙන් 63% ක් අවුරුදු 50 ට වැඩි අය නිසා ඒ අයගේ ජීවීත අනතුරට පත්වීම වළක්වා ගැනීම අරමුණු කරගනිමින් පෝය දින වල පන්සලට එන වැඩිහිටියන් දැනුවත් කරන බවයි. මේ වැඩසටහනේදි මාර්ගයේ ගමන් කරනවිට නොදැනුවත්කම හා නොසැළකිල්ල නිසා අප නොතකන බොහෝ කරුණු දැනගත් අතර රටේ අනෙකුත් විහාරස්ථාන වලද මෙය ව්‍යාප්ත කිරීම කාලෝචිතය. අපේ ජීවිත බේරගන්න පොලිසියේ මහත්වරුන් පොසොන් පෝය දින කළ මෙම පුණ්‍යකර්මයට බොහෝම පිං! (නි)
මේ පොලිස් නිලදාරියා කර ඇත්තේ බලවත් පාපයකි. පෝය දිනේ අටසිල් රැකිම වැදගත්. ඔහු කර ඇත්තේ උවැසි උවැසියන්ගේ සීලය කැඩීමයි. ඔහුට තිබුනේ වෙනත් දිනයක් එයට යොදාගැනීමයි. ඔහු පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් සමාව ගතයුතුයි. නමුත් බෞද්ධ ආගමේ පව් සමා කිරිමක් නැත (නදී)
මෙහි කිසිම වැරද්දක් නොමැත. උපාසක අම්මලා එකතුකළ හැක්කේ මෙවැනි දිනවලදී පමණයි . කරන වාදය සිහිනුවනින් කිරීම ඉගැන්වීම වැරද්දක් විදියට පෙනෙන්නන් උමතු රෝගීන්ය. (ර)
එතකොට ඔය උපාසක අම්මල තමා මාර්ග නීති කඩ කරන්නේ? ගොන් වැඩම තමා අපේ අයත් කරන්නේ. ඒ අහිංසක මිනිස්සුන්ට පාඩුවේ සිල් ගන්න දීල හොර හරක් ලොරියක් අල්ලපල්ලකෝ පෝය දවසේ. (නදී)
දයා වගේ උන්දලාට විකාර. මාර්ග නීති ගැන දැනුවත් කිරීමෙන් එක මනුස්ස ජීවිතයක්වත් බේරගන්න පුළුවන් වුනොත් ඒකම ලොකු පිනක් මේ නිලදාරියාට. වෙන දින වලට මිනිස්සුන්ට වෙලාව නැහැ ඕව අහන්න. පෝය දවසේ වුනහම මොකද හොද දෙයක් වෙනුවෙන්. පෝයට ඔය ශ්‍රමදාන එහෙම කොයි තරම් තියෙනවද. (නදී)
පොලිසියට පිස්සු (නදී)
දයා, මනෝ වෛද්‍යවරයෙකු හමුවන්න. (නදී)
ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ තියෙන මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් (නදී)
මෙහෙමවත් මාර්ග නීති ගැන දැනුවත් කිරීම හරිම වැදගත් . පාසල් දහම් පාසල් මට්ටමේ සිට කාර්මික විද්‍යාල විශ්ව විද්‍යාල ඉහල ආයතන දක්වා මේ වැඩ පිළිවෙල වර්ධනය කිරීම හරිම වැදගත් . මොකද අද ඉන්න මහා ලොකු උගත් ලොකු ලොකු ආයතනවල තනතුරු හොබවන අය මාර්ග නීති දන්නේ නැහැ . දැනගත්තත් ඊට ගරු කිරීමක් නැහැ . මාර්ග නීති කඩන රියදුරන්ට මේ වගේ වැඩසටහන් වලට සහභාගිත්වය අනිවාර්ය කරලා පරීක්ෂණයකින් සමත් වීම අනිවාර්ය කරන්න ඕන .අද මාද්‍යවලත් මැරුන ගාන දානවා මිසක් ජනතාවගේ ආකල්ප හැදීමේ වැඩ පිළිවෙලක් නැහැ. ඔයාලවත් මුල් වෙන්න.(නදී)
ඉතාම හොඳ වැඩක් අගය කල යුතුයි. අපේ මිනුස්න්ට මාර්ග නීති පිළිබඳ තියෙන දැනුම හොඳටම මදි. (ර)
කාලින දේශනාවක්. ජිවිත බේරාගැනිම සදහානේ. එ්කත් පිනක් (නදී)
අගය කලයුතු වැඩක්. බුද්ධ දර්ශනය ගැන යන්තමින් හෝ දැනුමක් ඇත්නම් මේක වැරදියි කියා කියන්නේ නැහැ. (ර)
සිල් අරගෙන ඕපාදුප කතා කරනවට වඩා හොඳයි ඔය වගේ වැඩපිළිවෙළෙක් යොදන එක (නි)
ඊළඟ පෝයට සුප සාත්තරයත් පටන් ගත්තොත් නරකම නැහැ..(බ)
පුර හදට පිස්සු වැඩිවෙනවා.(බ)
අරුණ, නියමයි. (ර)
දැනුමින් පෝෂණය කරන එක බුදු දහමට අනුව වැරැද්දක් නෙමේ. සමහර අයගේ අදහස් දිහා බැලුවහම ඒ අය මනෝ වෛද්‍යවරයෙකු හමුවීම හොදයි. (ර)
චාමික සහ රණතුංග වගේ උන්දලා තමයි මනෝ වෛද්‍යවරයකුට පෙන්විය යුත්තේ. අටසිල් ගත්තේ මගසිල් ආරක්ෂා කරන්න නොවේ. පාපතර උදවියගේ අදහස් වලට අපි අනුකම්පා කරනවා (නදී)
ඇත්තටම මේ සේවය නම් හොඳයි (නි)
අයියෝ දයා, ඔයාගෙ ලෙඩේ ගොඩක්ම වැඩි බව පේනව අදහස් දිහා බලපුවහම..පොලීසිය ගිහින් අටසිල් ගන්න එක නතර කරවල මාර්ගනීති උගන්වන්නෙ නෑ..ඒකට වෙනම වෙලාවක් අරගෙන කියල දෙනව ඇති, පැය භාගයක් පැයක් වගේ..ඒකෙන් සීලයට බාධාවක් වෙන්නෙ නෑ..(බ)
වයසක අය තමයි බොහෝවිට නොසැළකිළිමත් ලෙස මාර්ගයේ යන්නේ. මේක නම් ගොඩක් හොඳයි (නි)
දයා,මෝඩකමෙත් සීමාවක් තියාගන්න. (නි)
දැනුවත් කිරීමේ ඇති වරදක් නැහැ. එය කළ යුතුමයි. නමුත් සිල් පවාරණය කළ පසු මෙය කළා නම් තමයි හොඳ (නි)