පොලිස් විද්‍යාව ඇතුළු උසස් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 59 දෙනකුට සහතිකපත් පිරිනැමීමේ උත්සවය පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවනාගාරයේ දී අද පැවැත්විණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, නන්දන මුණසිංහ මහත්වරු ද, පොලිස් පුහුණු කිරීම් කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා ද එම අවස්ථාවට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභ්‍යන්තර විභාග පැවැත්වීමෙන් නිලධාරීන්ගේ දැනුම වැඩි කිරීම බොහොම හොඳ දෙයක්,(කේ)
ගෙදරට හොරුපනල අමාරුවෙන් හරිහම්බ කරපු දේ ගැන පොලිසියට පැමිනිලි කරපුවම අපිට හොරා අල්ලලා දෙන්න කියනවා. ලැජ්ජයි කියන්න අර ඩිප්ලෝමාදාරීන්ට මේ ක්‍රම ඉගෙනගන්න එපා කියන්න (නදී)
සරත් වගේ අය හිතාගෙන හින්නේ අද ඉන්න පොලිස් නිලධාරීන්ගේ අධ්‍යාපන මට්ටම අඩුයි කියලද. හොදට ඉගෙන ගත්තු වැදගත් මහත්තුරු තමයි අද ශ්‍රී ලංකා පොලිසියේ ඉන්නේ. දවසේ පැය 24 ම එක දිගට වැඩ කරන තමාගේ ජීවිතය පරදුවට තියලා වැඩ කරන රාජ්‍ය සේවකයන්ට නිකම් බොරුවට අපහාස කරන්න එපා (නදී)
පොලිසියට අපේ උත්ටමචාරය , අවංක සේවයක් සඳහා (නදී)
අර සැකකරුවන් අවි පෙන්වන්න එක්කගෙන යන එක කලාවක්ද? විද්‍යාවක්ද? (නි)
පොලිසිය සැකකරුවන් එක්ක අවි බලන්න යන ක්‍රමවේදයත් ඔය "පොලිස් විද්‍යාවේ" කොටසක්ද? (නි)
ගුණාත්මකබවින් යුතු පොලිස් සේවයකට හොඳයි (නි)
ට්‍රැෆික් රාළහාමිලටත් අහුවෙන්නේ නැතුව අර ‘අරවා‘ ගන්න පාඨමාලාවක් කළා නම් හොඳයි. (නි)
මම කැමතියි ගැටකපන විද්‍යාව ඉගෙනගන්න. ඒකෙන් පශ්චාත් උපාධිය ලබාගෙන පොලිස් විද්‍යාවට අභියෝග කළ හැකිනේ !! (නි)
රටකට අවැසි ජනතාවට සේවය කරන දැනුවත් පොලිසියක් හැදීමට මෙය හොඳ පියවරක් (නි)
මේ වැඩිදියුණු කළ දැනුම කුමක් සඳහාද? (නි)
මෙම නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ මොනවාද කරන්න යන්නේ? ඉගෙනගත් දේවල් අමතකවේවිද දන්නෙ නැහැ කල් යනකොට? (නි)
පළමුව මෙයාලට මිනිසුන්ට කතාකරන විද්‍යාව උගන්වන්න. දෙවනුව ජරාව කාපුවම වෙන ආනිසංස විද්‍යාව උගන්වන්න. අවසාන වසයෙන් මොනවා හරි උගන්වන්න. මොකද අද්‍යාපනය අඩුම රාජ්ජය සේවකයෝ මෙයාල නිසා.(නදී)
හුඟක් අයට පොලිසියේ වැරදි වැඩියෙන් පෙනෙන්නේ ඒ අය නිතරම පේන හින්දා. අනෙක් ආයතන වල වැරදි වලට මහජනයාම තමා උදව් කරන්නේ සතුටින්ම. මොකද ඒ ගොල්ලන්ගේ වැඩේ කරගන්න ඕනෑ හින්දා. බොරුද කියලා බලන්න. කෝකත් වැරදියි. අපි වැරදි නොකර ඉඳිමු. එතකොට මුළු රටම හරියාවි. (නි)
දුමින්ද, ලංකාවේ පොලිසිය දෙවැනි තැනට ආ එක අධ්‍යනය කළේ කවුද කියලයි පළවෙනි තැනට ආ රට මොකක්ද කියලයි කියනවද? (නි)
පොලිස් සේවයේ ඉන්නේ හොද උගත් බුද්ධිමත් නිළධාරින්. අතළොස්සක් කරන දේවල් නිසා පොලිසියේ හොඳ නම කැතවෙලා. ජනතාවත් එක්ක නිතර ගැටෙන එකම ආයතන පොලිසිය නිසා මේ අයට එල්ලවන චෝදනා වැඩියි. නමුත් මේ අහිංසක නිළධාරින් සමහරවිට මේ දේවලග් නොකළත් මහජනයා චෝදනා කරනවා ඒ ඒ අයගේ වාසිය වෙනුවෙන්. අපි අපේ පොලිසිය ගැන ආඩම්බර වියයුතුයි. මොකද ලෝකයේ සිටින හොඳම පොලිසි වලින් දෙවන තැන ඉන්නේ ශ්‍රී ලංකා පොලිසිය නිසා. (නි)
නීති විද්‍යාව ගැන මෙලෝ හසරක දැනුමක් නැති තව කොතෙකුත් නිලධාරින් ඇද්ද?මේ වැඩසටහන් තුළින් හොඳ ආරම්භයක පෙර ගමනක් එම නිලධාරීන්ට ලැබෙයි කියලයි මගේ නම් හැඟීම. (නි)
අනේ! අපි නොදන්නා ලෝකයේ හොඳම දෙවැනි පොලිසියේ වැඩ! (නි)