මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීති විරෝධි බවට ප්‍රකාශ කර එය පිහිටවු ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධ නොතීසි පොලිස්පතිවරයා වෙත ලබා දෙන්නැයි අභියාචනාධිකරණය පෙත්සම්කර ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ මහතාගේ නිතිඥවරයාට අද (17) නියෝග කළේය.
නීතිපතිවරයාට පමණක් එම පෙත්සම සම්බන්ධ නොතිසි ඉකුත් 15 වැනිදා ලබාදිමට පෙත්සම්කාර පාර්ශවය කටයුතු කර ඇති බව අවධානයට යොමු කළ අභියාචනාධිකරණය මෙම නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තියෙන නීතිය, ආයතනික, පරිපාලන සහ මුදල් රෙගුලාසි හරියට ක්‍රියාත්මක කරවන්න අවංක උත්සහයක් ගන්නේ නැතිව අවස්ථා වාදීව සහ සටකපට වීමේ විපාකය මත ආණ්ඩුව පඹගාලක පැටලිලා. (ම)
මට නම් මේ දේවල් තේරෙන්නෙ නැහැ (නි)
අපි බලමු අන්තිමට මොනවා වෙයිද කියලා (නි)
අපේ මහාචාර්යතුමාගේ සමාජවාදය මේකද? වයසට යන විට ගොඩක් දෙනෙක් වෙනස් වෙනවා (නි)
මේ දෙන්නා කියන්නේ හොරු අල්ලන්න එපා කියලද?වෙන රටවල නම් මිනිස්සු නඩු දාන්නේ හොරු අල්ලන්න කියලා, එහෙම නැත්නම් ප්‍රමාද වෙනකොට. මේකට කියන්නේ ජාත්‍යාලය කියලද? (නි)
මේ අය දන්නෙත් නැහැ තමන් කරන්නේ මොකක්ද කියලා. මොන ලැජ්ජාවක්ද කාලෝ මහත්තයා කරගන්නේ. (නි)
අපරාදේ, කාලෝ මහතාට දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දාගන්න බැහැ. (නි)
මම නම් වෙන දේ බලාගෙන ඉන්නවා පාඩුවේ... (නි)
උගතුන් සහ පුජ්‍ය පක්ෂය තමන්ගේ අදාළ සමාජ භූමිකාව හඳුනා නොගැනීම කණගාටුවක්. ! (ස)