යාපනයේ අද පැවති කලබල සම්බන්ධයෙන් තොරතුරු විමසා පොලිසියට උපදෙස් දීම සඳහා පොලිස්පති එම්.කේ.ඉලංගකෝන් මහතා යාපනයට ගොස් සිටියි.
යාපනයේ පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක්කර මරාදමන ලදැයි කියන සිද්ධියේ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කරද්දී ඇතිවූ විරෝධය හේතුවෙන් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. එහිදී සිදුවූ ගැටුමින් පොලිසියේ පිරිසක් ද තුවාල ලදහ. උසාවිය ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ද අලාභ හානි සිදුවූ අතර 127 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකක්ද මෙතන තිබෙන ප්‍රශ්නය? (නි)
මොනවාහරි කරලා පුලුවන් ඉක්මණට මේ ප්‍රශ්නය විසඳන්න (නි)
කවුරු කලත් වැරැද්ද වැරද්දම තමා. නිසි දඩුවම දිය යුතුයි. නීතිය අතට ගැනීම අනුමත කල නොහැකියි (නදී)
ඕක ඔයින් ගියා ඇති.මේ දේවල් වලින් හැමෝටම දැන් ඇස් ඇරේවි.මේ දුෂණ සිද්ධිය ලංකාවේ කොතැනක සිදු වුනත් නීතියෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති සමහරක් දේවල් ජනතා බලයෙන් හරි සිදුවිය යුතුයි. (හේ)
මෙතන තියෙන්නේ පෙරපුහුනුවීමක්-නැවත සිවිල් නීති කැඩීමක් (ම)
අතීතයේ වු ලේ වැගිරීම් නැවත ඇති නොවෙන්න කටයුතු කරන්න. (නදී)
ඇයි කොටින්ගේ සංවත්සර ගැන පරික්ෂාවට ගියේ නැත්තේ. ඒවා අකැපද (නදී)
ඔන්න හමුදාව ඉවත් කරපු එකේ වෙනස , කාලා වරෙන්කො (නදී)
මෙතන තියෙන්නේ ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. දෙපැත්තේම ජාතිවාදී අදහස් තියන අය මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදනවා, අර අහිංසක ළමයව ඉස්සරහට දාලා. (නි)