එළවළු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමට එරෙහිව හාරදහසක් පමණ ගොවීහු ද වෙළෙන්දෝ ද දඹුල්ලේ ආර්ථික කලාපය ඉදිරිපිට මහා පාරේ උද්ඝෝෂණයක් ඇරැඹීම නිසා වාහන ගමනා ගමනය ඇන හිටියේය. ප්ලාස්ටික් කූඩ තොගයක් ද පාර මැද තබා ගිනි තැබිණි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ඵලදායිතා සංකල්පය හුරු කරන්න මොන තරම් උගතුන් උත්සහ ගත්තත් ඒවා ගගට කපන ඉනි වාගෙයි මේ ක්‍රමය මොනවිදියට හරි ව්‍යාප්ත කළොත් රටේ සංවර්ධනයට මහත් පිටිවහලක් වේවි
මොන ක්‍රමයෙන් හරි මෙය කළ යුතු දෙයක්. රජය මැදිහත් වෙලා සහනාධාර ක්‍රමයකට හරි ප්ලාස්ටික් කූඩ දුන්නානම් හරි.
එකපැත්තකින් බලද්දි බලධාරීන් හරි. අනිත් පැත්තෙන් බලද්දී ගොවියෝ හරි.
හිමාලි ලොකු දේවල් කියන්න එපා ලොරියක ගෝනි 100 ක් ගෙනාවාම දැන් ගේනන පුඵවන් 65 විතරයි පුවාහන ගාස්තු ගියාම එළවඵ මිළ වැඩිවෙනවා
මෙහෙම කළාට ප්ලාස්ටික් කූඩ ලැබෙනවද?
ප්ලාස්ටික් කූඩ ලබා ගැනීම සදහා තව කල් දිය යුතුයි.
කූඩ භාවිතය නෙවේ ප්‍රශ්නය. කූඩ ආපසු ගෙන්න යන වියදමයි.
කුඩය අකුලන්න පුලුවන් ව්දියකට හදන්න් පුඵවන්නම්. ප්‍රශ්නය අවම වෙයි
ගොවීන්ගේ නූගත් කම කියන එකටනමි මමනමි විරුද්ධයි. සැබෑ කාරණය නම් කූඩ ගන්න තරම් වත්කමක් නැති කමයි. ඔවුන් දුක් විදලා හදාගන්න එළවලු ටික විකුණාගන්න උර ටික ඉල්ලා ගන්නේ කඩේ මුදලාලිගෙන්. එහෙම කරන දුප්පත් ගොවියා කොහොමද එක්දහස් ගානක් වියදමි කර කූඩ ගන්නේ?
රත්නායක සමග එකගයි
මේක කරපු ගොවියන් ටික දැන් ගිහිල්ල ලොකු කතා කියනවා ඇති. ඒත් මේවයින් ඒ අයට වෙන ප්‍රතිලාභය තෙරෙන්නේ නෑ. අපතේ යන එළවඵ ගැන ඒ අයට අවබෝධයක් නෑ. එහෙම නැත්තන් කූඩවලටයි, ඒවා ආපහු ගෙනියන්නයි යන වියදම, අහක දාන ප්‍රමාණයත් එක්ක බලනකොට ලාබ ඇති. හරියට ඇමරිකාව අතිරික්ත පිටි විනාශකරනවා වගේ..
කවුරුත් හිතට ගන්න ඕනෑ පළදායිතා සංකල්පය අපේ රටට ගැලපෙන ලෙස යොදවා ගන්නේ කොහොමද කියලයි. කලින් තියෙන අදහස් බැලුවම තේරෙනවා ගැටලු. බලධාරීන් මේවා ගැන හිතා නැති බවයි පේන්නේ. ප්ලාස්ටික් කූඩ හොද දෙයක්. ඒක හරියට ක්‍රියාත්මක කරන්න නම් ගොවින්ගේ අදහස් වැදගත්
චමින්ද මහත්තයගෙ අකුලන කූඩ යෝජනාව සාර්ථක ක්‍රමයක් වෙයි. මොකද මම ජපානයේදී දැකලා තියෙනවා ඔය අකුලන කූඩ. හුගාක් ජපන් අය ඒවා භාවිතා කරනවා. එළවලු දාන්න පමණක් නෙමෙයි හුගාක් බර දේවල් දාන්න පුලුවන් තරම් සවිමත් හකුලන කූඩ ජපානයේ තියෙනවා. හකුලන කූඩ වලින් ප්‍රශ්නය අවම වෙයි
මෙම ක්‍රමය කොහොම හරි හුරු කරන්න ඕනා. ගොවීන් මහන්සිවෙලා වගා කරන එළවලු ටිකෙන් 30%¡40% ප්‍රවාහනයේදී අපතේ යනවනම් එකෙන් පාඩුව මුලු රටටමයි. කෑම හිග කාලයක් එන්න කලින් මෙවැනි පිළියමක් යෙදීම ගැන සතුටු වෙනවා.
නීතිය දාන්න කලින් ප්ලාස්ටික් කූඩ රජයෙන් නිකුත් කරන්න ඕනා. පසුව නීතිය දාන්න එළවලු කූඩ ගොවීන්ට සහන ක්‍රමයට දෙන්න පුලුවන්.
මේ අය ගොවියෝ නෙමෙයි. දඹුල්ලේ එළවලු වෙළෙන්දෝ
අපේ මිනිස්සු කවදාවත් හදන්න බෑ. රජය කරපු වැඩේ නියමයි. ගොවියෝ පාරට බැස්සා කියලා බය වෙන්න එපා. ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කරන්න ඇමැතිතුමනි
ගොවීන්ට කූඩ ගන්න වත්කමක් නැති නිසා රජය මැදිහත් වෙලා කූඩ ලබාදිය යුතුයි. ඒවගේම අකුලන්න පුඵවන් කූඩ ලබාදීම යෝග්‍යයි කියලා හිතෙනවා
අන්තිමට ඒ බරත් පාරිභෝගියකාටමයි
ප්ලාස්ටික් කූඩ ලබා ගැනීම සදහා තව කල් ලබා දිය යුතුයිද නැත. තව කාලයක් ලබා දුන්නද එම ගැටළු එසේමය. මෙය සුළුතරයකගේ රංගනයක්.මෙය ඉදිරියේ රටේ සංවර්ධනයට මහත් පිටිවහලක් වේවි. අසරණ ගොවි මහත්තුරු ඇත්තටම නූගත් නෑ. මේවා පෙන්නේ දුප්පත් ගොවියාගේ දහඩිය මහන්සිය හූරාගෙන කන ඇවුන්ගේ ගතිය.
කුඹුරක් හේනක් දැකලා නැති ටයි දාගත්ත උන් ගන්න තීරණ හින්දා අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙනවා. මේ දේ ක්‍රියාත්මක කරන්න ඕනනම් ප්‍රවාහන පහසුකම්, කූඩ රජය මැදිහත්වී ලබා දිය යුතුයි. එළවළු ගෝනියක් ගෙන්න රු 50ක් වැයවෙනවා නම් දැන් රු. 200 කට වඩා වැය වෙනවා ආපසු කූඩ ගෙනයන්නත් වාහනයක් ගන්න වෙනවා මොකද බස් වල කූඩ රැගෙන යන්න දෙන්නෑ. ඇත්ත තත්වේ ඒකයි. අද බොහෝ ප්‍රෙද්ශ වල එළවළු කපන්නෑ හේතුව රු. 1500 ක එළවළු විකුණන ගොවියෙක් කොහොමද රු. 1000 - 10000 දඩයක් ගෙවන්නේ. පරීක්ෂණ වලට අනුව රටේ සමස්ථ නිෂ්පාදනයෙන් 30%ක් අපතේ යන එක ඇත්ත එම හානිය අවම කරන්න අවශ්‍ය නම් ගොවිපළවල් වලට ගිහින් මිළදී ගන්න ක්‍රමවේදයක් හදන්න ඕන. එහෙම නැතුව මේ වගේ තීරණ ගත්තම ගොවියෝ අමාරුවේ වැටෙනවා. කූඩ භාවිතය හොඳයි කියලා කියන අයගෙන් කී දෙනෙක් එළවළු ගොවිතැනේ ප්‍රායෝගික තත්වය දන්නවාද කියලා තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න
මෙවා ගොවියාගේ නෙවෙයි අතරමැදි වෙලෙන්දන්ගෙ උප්පරවැට්ට්.
නිලධාරීන්.... නීති ගෙන්න කලින් ගොවියන්න්ට ප්‍රයෝගිකව කරන්න පුලුවන්ද ? මොන සහනද ඕනේ කියල බැලිය යුතුයි. බලහත්කාරයෙන් මිනිසුන්ගෙන් වැඩ ගන්න බැහැ.
kamal karunarathna සමග එකගයි. කී දෙනෙක් එළවළු ගොවිතැනේ ප්‍රායෝගික තත්වය දන්නවාද කියලා තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. මම දන්නවා ඇත්ත