කළුතර කටුකුරුන්ද පොලිස් සුභසාදක සංගමයේ රුපියල් 13 ලක්ෂයක් සොරා ගත් හොරුන් ඇල්ලීම සඳහා පොලීසිය කනප්පුවක් කරකැවූ බව පොලිස් ආරංචි කියයි.
කුරුණෑගල පැත්තෙන් ගෙන ආ බව කියන කට්ටඩියකු කනප්පුවට මතුරා දේව ගණයේ දෙදෙනකු ලවා කනප්පුව කරකැවූ බවත් එම ආරංචි පවසයි.
ඉරිදා මෙම ගුරුකම කර ඇත.
දේව ගණයේ දෙදෙනා පොලිස් සාමාජිකයන්ගේ පවුල්වලින්ම තෝරා ගෙන ඇත.
කනප්පුව පුස්තකාලයටත් සමූපකාරයටත් ‘ගමන්‘කළ බවත් ඉන් පසු සල්ලි තැන්පත් කර තිබූ ලොකරය ළඟ නැවතුණු බවත් කියති.
පසුගිය 24 වැනිදා මෙම සොරකම වාර්තා විය.
පොලිස් සමූපාකාර සමිතියේ එකතුවූ මුදල් ද, පසු දින බඩු ගැනීමට තිබුණු මුදල් ද සොරා ගෙන ඇත.
සමූපකරයේ දොර කඩා නැති බව ද වාර්තා විය.
සොරුන් ඇල්ලීම සඳහා දකුණු කළුතර පොලීසිය පරීක්ෂණ පවත්වද්දී කනප්පු කර කැවීම කර ඇත්තේ පරීක්ෂකයන්ගේ අනුදැනුමකින් තොවය යැයි ද කියති.
මේ ගැන විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ එවැනි සිද්ධියක් නොවූ බව කළුතර පොලිස් නිලධරයන් පවසන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිවක් නොකර සිටිනවාට වඩා යමක් කරන එක හොදයි. (නි)
මේ වගේ දේවල් නීතියට අනුකූලද?(නදී)
ආසියාවේ ආස්චර්යයේ නාඩගම. සාජන්ට් නල්ලතම්බි ලත් ඉන්නවා.(නදී)
දැන් එහෙනම් හොරු අල්ලන්න කනප්පු කරකවමු. ආයේ පොලීසි ගානේ රස්තියාදු වෙන්න ඕනෙම නැහැ. (ස)
අනේ ! අර හීරෝස් පොලිස් සුනඛයාට කරන අවනම්බුවක මහත ! (ස)
ඇත්තටම පොලිසියේ සමහරු කනප්පුවක් තරම්වත් වැඩක් නැහැ. (නි)
නවීන තාක්ෂණයට වඩා මේවා හොදයි (දී)
ඇත්තටම පොලිසියේ සමහරු කනප්පුවක් තරම්වත් වැඩක් නැහැ . (නදී)
මොනවා කලත් අන්තිමට් අපේ උරුමය සොයා එන්න වෙනවා(දී)
දැන් පොලිස් බල්ලන්ට වැඩ නැති වෙනවා. (ස)
අන්තිමට මොන තාක්ෂනය තිබුනත් මෙතන තමයි නතර වෙන්නේ (දී)
පොලිසිය රිවර්ස් ජියර් එකෙන් 21 වෙනි සියවසෙන් 18 වෙනි සියවසට යන්න හදනවා. හැම පොලිසියකටම මන්ත්‍ර ගුරුකම් හූනියන් කළුවර අදුන බැලිය හැකි අය බදවාගන්න.(නදී)
ගමේ කසිප්පු අල්ලන්නත් කනප්පු කැරකෙවුවා නම් හරි නේද? (නි)
අපි හැම සොරකමකටම මේක යොදා ගනිමු (දී)
රට හිනස්සවන වැඩ මේවා.(නදී)
ඉතින් අපි ස්ථානාධිපති ධූරයට කට්ටඩියෙක්ව පත්කරමුකෝ. (නි)
මට හිනා යනවා (දී)
මොනවද මේ වැඩ? මේවා වෙන රටවලට එහෙම දැනගන්න තියන්නවත් එපා. (නි)
පොලිසිය කනප්පු කරකවල???(නදී)
පොලිසියට පිට හොරු අල්ලන්න පුලුවන්නම් මොකද ඇතුලේ හොරු අල්ලන්න බැරි. ජනතාව නොමග යවන්න හදනවා . එහෙමනම් පොලිසිවලට මන්තරකාරයෝ ටිකක් බදවාගත්තනම් වැඩේ හරි.(නදී)
පොලිසි තිබුනේ ඉස්සර. දැන් යුනිපෝම් ඇදගත්ත මැර කන්ඩායමක් විතරයි.(නදී)
පොලිසියේ තක්කඩි ගොඩට කට්ටඩි ගොඩකුත් එකතුවුනාම තමයි හරි.(නදී)
පොලිසිය කනප්පුව කරකැවුවට කනප්පුව කැරකිලා තියෙන්නෙ පොලිසිය වටේමනේ. (නි)
මොනවා කලත් අන්තිමට පරණ ක්‍රමයට එන්නම වෙනවා (දී)
ගුප්ත දේ ගැන මාගේ විශ්වාසයක් නැතත්, මෙහි යම් විද්‍යාවක් තිබෙනවාදැයි සොයා බලා පරිහරණයට ගත හැකි නම් භාවිතය වැරදි නැහැ නේද? පොලිස් නිල සුනඛ අංශය මෙන්ම. පොලිස් නිල කනප්පු කැරකවීමේ අංශය කියලා එකකුත් හදමු. මෙය විහළුවක් නොවන බවත් සලකන්න.(නදී)