(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ආදුරැප්පුවීදිය පොලිසියේ රඳවාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු බැලීමට අද (7) පොලිසියට ආ පුද්ගලයකු ලබාදුන් බව කියන කිරිපැකට්ටුවක් පානය කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙසේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනුයේ සේරුනුවර පදිංචි (27) සහ කොළඹ 13 පදිංචි (29) හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 24 වැනිදා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙඩි තැබූ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රදවාගෙන සිටියදී සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් මත එම සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය දමා පලා ගිය පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබු බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනාම එකම කූඩුවට දමා තිබූ අතර අද (7) දහවල් 12.15 ට පමණ යතුරුපැදිය දමා පලා ගිය පුද්ගලයාට ආහාර ලබාදී සදහා පුද්ගලයකු පොලිසිය පැමිණ ඔහුට බනිස් ගෙඩියක් සහ කිරිපැකට්ටුවක් ලබාදී පිටව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
පසුව දෙදෙනාම කූඩුව තුළ ඇති බංකුවක් මත වාඩිවී එම බනිස් ගෙඩිය දෙකට කඩා කා ඇති අතර එම අවස්ථාවේදී වෙඩික්කරුගේ බිරියද ඔහු බැලීමට පොලිසියට පැමිණ සිටි බව පොලිසිය කියයි. එහිදී වෙඩික්කරු බිරියට ද බනිස් කැබැල්ලක් ලබාදී ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කර තිබේ.
සැකකරුවන් දෙදෙනාම බනිස් ගෙඩිය කා අවසන්වී කිරි පැකට්ටුව ප්‍රථමයෙන් බීම සදහා අනෙක් සැකකරු විසින් වෙඩික්කරුට ලබාදී තිබේ. එහිදී කිරි පැකට්ටුව ටිකක් බී සැනිස් වෙඩික්කරු එතැනම වැටී ඇති අතර ඒ අවස්ථාවේදී වෙඩික්කරුගේ බිරිය කෑ ගසා තිබේ. ඒ අවස්ථාවේදී අනෙක් සැකකරු ද එම කිරි පැකට්ටුව බීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
රෝහල් ප්‍රකාශකයෙක් පැවැසූවේ ඔවුන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතිබවය.
එම සිද්ධිය සම්බන්ධයෙන් ආදුරුප්පුවීදිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකුගේ වැඩතහනම් කර ඇති අතර රාජකාරිය පැහැර හැරීමක් සිදුවී ඇත්ද යන්න පිළිබදව මැද කොළඹ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එල්. ලීලාරත්න මහතාගේ නියෝග මත විශේෂ විමර්ශනයක් පැවැවේ.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
ආදුරුප්පු වීදිය පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට ආගන්තුක පුද්ගලයකු යම් උග්‍ර වස වර්ගයක් මිශ්‍රකර ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගතකර ගත කළ බව ආදුරුප්පු වීදිය පොලිසිය කියයි.
එලෙස රෝගී වූ එක් පුද්ගලයකු ඉකුත් මස 24 වෙනිදින රාත්‍රී ආදුරුප්පු වීදිය ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පලා ගිය සැකකරු බවත් අනෙක් සැකකරු ඔත්තු බැලූ අයකු බවද පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු තවත් සැකකරුවන් කීපදෙනකු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී අද දහවල් 12.30 ට පැමිණි පුද්ගලයකු කිරි පැකට් දෙකක් ඔවුන් දෙදෙනා වෙත ලබා දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මද වේලාවකදී එක් සැකකරුවකු කිරි පැකට්ටුවක් පානය කිරීමත් සමගම සිරමැදිරිය තුළ එකවරම සිහිසුන්ව ඇද වැටී ඇති අතර සුළු වේලාවක් ගත වීමත් සමගම අනෙක් සැකකරුද ඒ අයුරින්ම සිරමැදිය තුළ ඇද වැටී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සිර මැදිරියේදී සැකකරුවන්ට වස දීලා?
Bamunuarachchi Friday, 09 February 2024 12:11 AM
ඉස්සෙල්ලාම පොලිස් ගොයියෝ අත්අඩංගුවට ගන්න ඕනේ.