කහටගස්දිගිලිය
කහටගස්දිගිලිය මූකිරියාව රක්ෂිතයේදී බඳින තුවක්කුවක් පත්තුවිමෙන් පුද්ගලයෙක් මියගියේය.
කැකිරාව
නිධානයකින් ගන්නට ඇතැයි සැක සිතන සුදු පැහැති බුදු පිළිමයක් සහ කපා ඔප මට්ටමක් කරන ලද අඟල් පහක් උසැති කිලෝ එකක් හා ග්‍රෑම් 65 ක් බරැති මැණික් ගලක් ආකාර පාෂාණයක් ද සමග 57 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය
කොස්ගොඩ
ඉඳුරුව බණ්ඩාරගොඩදි මෙරට සෑදූ තුවක්කුවක් සහ උණ්ඩ දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල
කුරුණෑගල නගරයේදී කාන්තාවකගේ ගෙල බැදි මාලයක් කඩාගෙන පලා යමින් සිටි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මහනුවර
උඩබෝවල, එලගොල්ල පාරේදී යතුරුපැදියක් අනතුරට පත්විමෙන් එය පැදවූ තරුණයා මියගියේය
යටියන්තොට
මී ඔය මහගල නමැති ගල් පර්වතයක් පාමුල තිබී හමුවූ මිනිස් ඇට සැකිල්ලක් හා රෙදි පිළි කොටස් සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කැර ඇත.
තංගල්ල
හය හැවිරිදි දරුවෙක් ද ඔහුගේ පියා ද වස ශරීර ගත වී තංගල්ල රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මැරෙන රටක්, යුද්දේ කාලෙවත් මෙහෙම මැරුනේ නැහැ (දී)