හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායේ සේවක උද්ඝෝෂණයක් පවත්වද්දී අද (19) උදේ හම්බන්තොට පොලිසියේ ජිප් රියක් සේවකයකුගේ කකුලක් යටකරගෙන ගියැයි කියන සිද්ධියකින් පසු ගල් මුල් වැදී ජිප් රියට අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.
කකුල තුවාල වූ සේවකයා රෝහල් ගත කරනු ලැබ සිටියි.
වරායේ සිදුවෙතියි කියන සොරකම් මැඩීම සඳහා සේවකයන්ගේ පෞද්ගලික බෑග් ඇතුළට ගෙන යෑම තහනම් කිරීමට එරෙහිව මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරටට ආනයනය කරන වාහන වල උපාංග වරායේ සේවකයන් විසින් සොරකම් කිරීම ඉතා සුලබයි. විශේෂයෙන්ම එස්ඩී කාඩ්පත්. මෙලෙස සොරකම් කළ උපාංග අන්තර්ජාලයේ දැන්වීම් පළකර ඔවුන් විකුණති. කරුණාකර මෙම බඩු විකුනන අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න. (බ)
ලොකු උදවිය ලොකු ලොකු කුට්ටී හොරකම් කරනකොට පොඩි උදවිය පොඩි පොඩි හොරකම් කරනවා. ලොකු උදවිය හැදුනේ නැත්නම් පොඩි උදවිය කවදාවත් හැදෙන්නේ නැහැ (නි)