අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ නවවැනි සතිය යටතේ පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයෙන් පොලිස් ක‍්‍රීඩකයෝ ලකුණු 31-14 ක පහසු ජයක් ලැබූහ. පළමු අර්ධය අවසන් වන විට පොලිසිය ලකුණු 24-0 ක් ලෙස පෙරමුණේ පසු විය.