IMG-LOGO

පොලිස් පොතෙන්

අම්බලන්ගොඩ අකුරල දී ලොරියක් අධිබල විදුලි කණුවක ගැටීමෙන් රියදුරු සහායක තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.


මන්නාරම ඉලුප්පකඩවායි හි වාහනයක් පරික්ෂා කරමින් සිටිය දී  පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් 15 දා පොලිස් නිලධාරියෙකු ඇතුලු පුද්ගලයෙකු මිය ගොස් තවත් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා ඇති බවට ඉලුප්පකඩවායි පොලීසිය කියයි.


බම්බලපිටිය දුම්රිය ස්ථානය ඉදිරිපිට මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක් පාවෙමින් ඇතැයි පොලිසිය කියයි.


_DSC0027 _DSC0080 _DSC0082

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


මහනුවර පූජා භූමියේදී ඇත් ගොවුවන්ට කේරල ගංජා විකිණූ මහනුවර මහනගර සභාවේ අනියම් සේවකයින් දෙදෙනෙක් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ  දිසා දූෂණ මර්දන අංශය මගින් අද (15) අත් අඩංගුවට ගනු ලැබූහ.


දිඹුලාගල පේරලන්ද කැලෑවට දර සෙවීමට ගිය ගොවියෙක් (60) වල් අලි ප්‍රහාරයකින් මරුමුවට පත්විය.

එම ගමේ මෑතදී අලි ප්‍රහාරයකින් මිය ගිය සිව්වැනි පුද්ගලයා ඔහුය.


බිබිලේ ඉලුක්පතනේ රබර් වත්තක ගින්නකට හසු වී පුද්ගලයකු මිය ගිය බව පොලිසිය කියයි


අද ඉපදුණු බවට සැක කෙරෙන බිළිදු මළ සිරුරුක් හුංගම පොලිස් වසමේ රන්න, ගෝඨයිම්බරගම ගෙවත්තක තිබී හමු වූ බව හුංගම පොලීසිය පවසයි.

 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site