බෙලිඅත්ත, ගැටමාන්නේ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
ගොඩකවෙල නිවසක් කොල්ලකෑ රන් භාණ්ඩ, මුදල් හා පෞරාණිය දේපොළ සමග වෑන් රියක් පැහැරගෙන යමින් සිටි බව කියන සිව් දෙනකු පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට කල්තොට පොලිසියේ පිරිසක් සමත් වූහ.
දඹුල්ල වෑවල පාරේ කණ්ඩලම ප්‍රදේශයේ දී බැකෝවක් හා යතුරු පැදියක් ගැටී යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙන්නෙක් මියගිය බවත් බැකෝ රියදුරු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි .
ගෝනවල මගුරුවිල දී හෙරෝයින් ග්‍රෑම් 12 ක් සමඟ සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසිය කියයි.
බෙලිඅත්ත දකුණු ගැටමාන්නේ කතකට (40) වෙඩි තබා පලා ගිය යතුරුපැදි කරුවා හා තුවක්කුකරු සොයා බෙලිඅත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි
බලපිටිය මාදු ගඟේ දියේ ගිළී බේරා ගත් තරුණයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd