විල්පත්තු කැලයෙන් කපා කලපුව ඔස්සේ ගෙනවිත් ට්‍රැක්ටරයකින් ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක, බුරුත ඇතුළු වටිනා දැව තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
පානදුරේ සිට ගෙනවිත් අඟුලානේ ධීවරයන්ට හෙරොයින් කුඩු බෙදූවා යැයි සැකපිට තිදරු මවක් අත්ඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව කුඩු ග්‍රෑම් 2.5ක් තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.
ගෙවල් කැඩූ හොරා පොලිස් පෙම්වතියගේ ගැටේට හිරවෙයි
ගෝනපල කුඹුකවත්තේ නිවාස බිඳ රුපියල් පන්ලක්ෂයකට වඩා වටිනා විදුලි උපකරණ හොරකම් කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පොලිස් කාන්තාවක් උපාය දූතිකාවක් ලෙස යොදා ගනිමින් සැකකරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදි පෙම් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට බව පවසමින් ඔහු නගරයට ගෙන්වාගත් බව ද පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd