පේරාදෙණිය -
පේරාදෙණිය, නානුඔය දුම්රිය හරස් මග අසලදී ලොරි රථයක යතුරු පැදියේ හැඬලය පැටලීම නිසා ලොරි රථයටම යටවී යතුරුපැදිකරු (26) මියගොස් ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
පොත්තපිටිය යටිගම්මන පදිංචි රුක්මාල් සේනානායක ඊරියගම සිය සේවා ස්ථානයට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
ඡායාරූප - චමිල් රූපසිංහ
කහතුඩුව -
මහමග ගමන් ගන්නා කාන්තාවන්ට පහරදී රන් මාල කොල්ලකෑ පුද්ගලයින් 2ක් කහතුඩුවේදී හා ගොඩගමදී රුපියල් ලක්ෂ 5කට අධික රන් මාල 10ක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හෝමාගම -
හෝමාගම නිවසකට අද (4) අලුයම ඇතුළුවූ පිරිසක් එහි සිටි පුද්ගලයකු කපා කොටා රන්මාලයක්, අත් පළඳනාවක් ඇතුළු රන් අභරණද පැහැරගෙන ඇතැයිද එහෙත් එය කර ඇත්තේ වෙනත් සිද්ධියක් සඳහා විය හැකි යැයිද පොලිසිය කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභිරහස් මරණ.පහුවෙලා හෝ සැකිල්ල හොයාගත්ත එක ලොකු දෙයක් ...(බ)
දැනට වසර 2 කට ඉහතදී මගේ බිරිඳගේ රුපි 1,50,000ක් පමණ වටිනා රන්මාලය ඇය රෝහලේ ප්‍රතිකාර ගනිද්දී එහි සිටි සේවිකාවන් විසින් සොරකම් කරනු ලැබුවා. එහි පරිපාලනයේ ඉන්න උසස් කියා කියාගන්න දෙන්නෙක් එකතුවෙලා පොලිසියත් නොමඟ යවලා සොරකම ගැන සෙවීම යටගැහුවා. අද දවසේ රත්තරන් මාල පැළඳගෙන පාරේ යනවාටත් වඩා අනාරක්ෂිතයි ඒවා පැළඳගෙන රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීම. (නි)