පොසොන් පෝදා රුපියල් 50,000ක කේරළ ගංජා පැකට් රැගෙන යමින් තිබූ ත්‍රී රෝද රථයක් සමග පුද්ගලයෙක් පානදුර නගරයේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු කොරියාවේ රැකියාවේ නියුතුව සිට පැමිණි අයකු බව පොලිසිය පවසයි.
බේරුවල හෙට්ටිමුල්ලේදී හිංසාකාරී අයුරින් ගිරවුන් ප්‍රදර්ශනය හා අලෙවිය සිදුකළැයි බේරුවල, ශාන්ත ආනා පෙදෙසේ පදිංචිකරුවකු (34) ගිරවු 18ක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පේරාදෙණි උද්භිද උද්‍යානය අසල ගංජා බෙදා හැරි සැකකරුවෙකු අද (03)අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසියේ දුෂන මර්දන අංශය කියයි.
ඔහු ළඟ තිබී කේරල ගංජා මිලි ග්‍රෑම් 5000 ක් හමුවු බවත් පොලිසිය පවසයි.
සැකකරු වයස 17 ක තරුණයෙකු බවත් නාවලපිටිය හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි පිළිමතලාව ආපන ශාලාවක සේවය කරන බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ගංජා අරගෙන යන ත්‍රීරෝද පමණයි අහුවෙන්නේ.සාක්කි සහිතව පෙන්නා දී තිබුන මත්කුඩු අදින ලද පෙජරෝ වාහන අහුනොවුණේ මොකද ? එම නිසා මෙය පොලිසියේ දක්ෂකමක් කියා කියන්න මට නම් බැහැ. (නි)