සේවයේ අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් හය දෙනකු ස්ථානමාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් ඒ අයි ආර් එන් පෙරේරා සංඛ්‍යාලේඛණ කොට්ඨාසයට ද, හබරාදූව පොලිස් ස්ථානාධිපති බී එන් ඒකනායක මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ලෙස ද, බදුරලිය ස්ථානාධිපති කේ කේ පී උදය කුමාර හබරාදූව පොලිස් ස්ථානාධිපති ලෙස ද, සංඛ්‍යාලේඛණ ස්ථානාධිපති ඩබ්ලිව් එම් ඩී කේ පී විඩේමාන්න වැල්ලවත්ත වැඩ බලන ස්ථානාධිපති ලෙස ද, බකමූණ ස්ථානාධිපති අයි කේ එම් පී ඉලංගසේකර මුල්ලියාවේලි ස්ථානාධිපති ලෙස ද, පොළොන්නරුව කොට්ඨාශ බුද්ධි අංශ ස්ථානාධිපති එන් ඒ ගුණවර්ධන බකමූණ වැඩ බලන ස්ථානාධිපති ලෙස ද මාරු කැරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ සංගීත පුටු තරඟය ආයෙමත් පටන් අරන් වගේ (බ)