පොලිස් අධිකාරීවරයකුගේ නිල නිවාසයේ විදුලි බිල ගෙවීමට කුට්ටිගල ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ගත්තේයැයි සැකපිට ඇඹිලිපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුව ගනු ලැබීය.
පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ විදුලි බිල රැගෙන ඇඹිලිපිටිය නගරයේ බැංකුවකට සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පැමිණ ඇතැයි ද, එය ගෙවීමට අවශ්‍ය මුදල ව්‍යාපාරිකයාගෙන් ලබා ගනිද්දී ඔහු අත්අඩංගුවට පත්වීයැයි ද අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග කියයි.
විදුලි බිල නොගෙවීම නිසා පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ විදුලිය විසන්ධි කර තිබූ බව දැනගන්නට ඇත. එ නිසා වෙනත් ස්ථානයක නැවතී සිටි පොලිස් අධිකාරීවරයාට පසුගියදා නැවත නිල නිවසේ වාසයට පැමිණ තිබේ.
සැකකාර ස්ථානාධිපතිවරයා උප පොලිස් පරීක්ෂකවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇරිස්ටෝටල්ගේ කාලයේවත් ඉඳලා නැතුව ඇති මෙහෙමත් පන්දම්කාරයෝ. දැන් බලාගෙන ඉන්න ලොක්කා ඇවිල්ලා බේරාගනීද කියලා. (නි)
ඕකට එස් අයි හිරේ දාලා විතරක් වැඩක් නැහැ. එස් අයිට කවුද කිව්වේ බිල ගෙවන්න කියලා කිවුවේ. පහුගිය කාලේ මේ පත්තරෙත් ගියා ඉහළ නිලධාරින් පහළට බර දාන හැටි. (නි)
මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරලා ඇණය හරිතැනට ගැසුවොත් තමා හොඳ. එහෙම කළොත් සියලු ශ්‍රී ලංකාවාසි ජනතාවගේම වාසනාව උදාවෙයි. (නි)
බමුණු මහත්තයෝ, ඇරිස්ටෝටල්ගේ කාලෙයි පන්දම්වලයි අතරේ තියන සම්බන්ධෙ මොකද්ද? (නි)
හොරුන් මෙන්ම පගො ගහන අයත් අල්ලා දෙමු. (නි)
මෙයට සම්බන්ධ සියළු වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න (නි)
මේකට හොඳම විසඳුම නම් අල්ලස නීත්‍යානුකූල කර, එය රජයේ ගිණුම හරහා අදාළ අයට ගෙවීමයි. එතකොට රජයේ ගාස්තුව වගේම එය ගන්න අයගෙන් බද්දකුත් අය කරන්න පුළුවන්නේ. අපරාදේ! නැත්නම් අපේ අවංක රජයේ නිලධාරීන් අමාරුවේ වැටෙනවනේ. (නි)
ලොක්ක කියාවි "මම මෙයාට බිල ගෙවන්න කියල සල්ලි දීලා පිටත්කළා, මම මේ මොකුත් දන්නේ නැහැ“ කියලා. පොලිසියේ ලොක්කොම නීතිය නමලානේ තියෙන්නේ. (නි)
සුවච කීකරු ගෝලයෝ එහෙම තමයි. (ර)
අපේ පොලිස් නිලධාරීන්ට ගරුසරු ඇතුව, කීයක්හරි සොයාගන්න තියන ක්‍රමයක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කිරීමට ලැබෙන අවස්ථාව. අනෙක් රටවල් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිද්දී, ලංකාවෙ උසස් නිලධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා අපේ දක්ෂ නිලධාරීන්ට මේ අවස්ථාව අහිමිවනවා. මේක රටටත් පාඩුවක්. (නි)
මෙහෙමත් පොලිස් අදිකාරිවරු ඉන්න රටක් . කව්ද කියලා හොයාගත්තහැකි නේද ? (ර)
කෝ අපේ පොලිස්පතිතුමා දන්නේ නැද්ද දන්නෑ මේ ගැන. (ර)
රොකී, පන්දම් අල්ලනවා කියන එකේ සුලමුල ඔබ දන්නේ නැති පාටයි. කියන්නන් වාලේ පන්දම් අල්ලනවා කිවුවට එම කතාවේ මූලාරම්භය දන්නේ නැහැ නේද? ඒ කාලේ ඇරිස්ටෝටල් වගේ පඬිවරු පොත් කියවනවිට කීකරු සිසුන් පොතට එළිය වැටෙන්න පන්දමක් අල්ලාගෙන සිටියා. ඒ පන්දම් අල්ලා සිටින සිසුන්ට විශේෂ සැළකීමක් තිබුනා. අන්න එ් නිසයි අහවලාට පන්දම් අල්ලනවා කියා භාවිතයට අාවේ. (නි)
ජනහිත බලාගෙන කොණ්ඩය පීරන්නේ මෝදු වේගන එන අං කැඩෙන්න පුළුවන්. (ර)
ඉල්ලන් කෑමක්! (නි)
මුළු ශ්‍රී ලංකා පොලිසියේම ක්‍රමය ඕක. ලොකු කෙනාගේ බිල පොඩි එකා ගෙවනවා. ලොකු කෙනාගේ ගෙදර කොටහළු මගුලක් තිබ්බත් පුද්ගලික බස් වලින්, කසිප්පු මුදලාලිලා, මස්කඩකාරයෝ තමයි බිල් ගෙවන්නේ. ඕක දන්නේ අදද (නි)
බමුණු ආරච්චි මහත්තයෝ, ඔබ දේශපාලනේට ආවොත් නම් ඉක්මනටම ඉහලටම යන්න පුළුවන්. ඔන්න ඔහොම උත්තර දෙන්න පුළුවන් අය තමයි ඔය එක එක මාධ්‍ය ප්‍රකාශක වරු හැටියට ගැලපෙන්නෙත්. පන්දම් ඇල්ලීම ගෞරවනීය වෘත්තියක් හැටියට නීත්‍යනුකුල කරන්නත් පුළුවන් දැන්. හැබැයි, ජනහිතගේ උපහාසය නම් ඔබ තේරුම් අරන් නැහැ. (ර)
ඕවා සාමාන්‍ය දේවල් නොවැ දැන්. මීට අවුරුදු කීපයකට කලින් බීමත් රියදුරකු අතින් සිදුවුණ රිය අනතුරකින් මගේ වාහනයට අලාබහානි සිදුවුණා. ඒ වන්දිය අනිත් පාර්ශවයෙන් ගැනීම සඳහා පොලිසිය මඟින් බලපෑම් කරන්ඩ වුණා. ඒ වෙනුවෙන් මට සිද්ධවුණා ඕ අයි සි මහත්තයාගේ ලොකුම ලොකු මොබයිල් බිල ගෙවන්න. උසාවියේ නීති මහත්තුරුන්ට ගෙවනවාට වඩා වැඩේ ලාබයි (නි)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
මහී මහතෝ මම ඔබවෙනුවෙන් කාලය කා දම්මන්නේ නැත. (ර)