දෙල්, වරකා, බෝංචි, වට්ටක්කා, හා කැරට් ඇතුළු පලතුරු හා එළවළුවලින් බිස්කට් හදා වසරකට වැඩි කාලයක් තබාගත හැකි බව පර්යේෂකයෙක් කියයි. වසර 16 ක් පුරා කළ තම පර්යේෂණ සාර්ථන වන බව ඔහු පවසයි.
අමු හා ඉදුණු පලතුරුවලින් මේ විස්කොත්තු නිපදවිය හැකි බව කියන ඔහු දෙල්, වරකා, බෝංචි, වට්ටක්කා හා කැරට්වලින් බිස්කට් නිෂ්පාදනය කර ඇත.
සහල් පිටි හෝ තිරිගුපිටි පාවිච්චි නොකර රට සල්ලි ද ඉතිරි කැර ගත හැකි මේ නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය සඳහා ඔහු ඉල්ලුම් කැර ඇත. මීට අමතරව පළතුරු ටොපි හා චොක්ලට් නිෂ්පාදනය කීරිමට ද ඔහු මේ දිනවල පර්යේෂණ කරයි.
තම නිෂ්පාදන ගැන මේ පර්යේෂකයා මහින්ද රාජපක්ෂ මහතාට දන්වා ඇති අතර වැඩිදුර කටයුතු කිරීම සඳහා සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාට යොමු කැර ඇත.
බියගම අතපත්තු නමින් දැනට හඳුන්වා ගන්නා මේ පර්යේෂකයා 071 0880358 අංකයෙන් ඇමතිය හැකියි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නව සොයාගැනීම් මිල කළ නොහැකි දක්ෂතාවයන්.. ලක්වැසි සැම ඔහුට සුභපතමු..
ගොඩක් රසවත් ප්‍රවෘත්තියක්
හොද උත්සාහයක්. අගය කරමු
සුබ අනාගතයක්
බහුජාතික සමාගම්වලින් ප්‍රවේසම් වෙනු! හැකි පමණ නිෂ්පාදනය කොට (අවශ්‍ය නම් බැංකු ණයක් ගෙන) ව්‍යාපාරය ගොඩ නගන්න. අපේ දේ වැළඳ ගැනීමට පාරිභෝගිකයා සූදානමින් ඇත.
ජනපතිතුමනි මේ අයට අත දෙන්න.
සුදු වෑන් එකකින් ඇවිත් ඔහුව පැහැරගනීද???
මිලකළ නොහැකි දක්ෂතාවක්. ඉදිරියටම ගෙනයන්න. පේටන්ට් එක නොපමාව ලබාගන්න. ඔබේ දස්කම් ජයෙන් ජයටම පත්වේවා!
හොදින් තාක්ෂණය භාවිතා කොට ගුණාත්මක භාවය වැඩිකරන්න. නිකන් මැටිගුලි වගේ හැදුවට වෙළදපොළක් හොයාගන්න බැහැ. උත්සාහය අගය කරමු. රජෙයන් අතදිය යුතුයි