ඇල්ල වැරැල්ලපතන වත්තේ ගෙවත්තක වේල්ලකින් පහලට වැටී වාරු නැතිව සිටි වයස්ගත ගෝනෙකු බේරා ගැනීමට ඇල්ල පොලිසිය හා වනජීවි නිලධාරිහු සමත්වුහ .
ගෝනාගේ අංතට්ටුව අසල තුවාල සිදුව තිබු බව පොලිසිය පවසයි
ගෝනා වනජීවී ඇල්ල කාර්යාලය වෙත ගෙන ගොස් ප්‍රතිකාර කෙරිණි.
ඡායාරූප - ආර්.කෝගුලන්
ඡායාරූප - පාලිත ආරියවංශ










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා කියන සත්වයා කොයි තරම් පුදුමද (බ)
මේ පින්තුරවල ඉන්න හැමෝගෙම මුණු බල බලා ඒ හැමෝටම පින් දුනිමි. (බ)
වෙදකම වගේම හෙද කමෙන් දායක වුනු මේ සොයුරන්ට බොහොම පින්. (කේ)
සෑම සතෙක්ම ජීවත්වෙන්න කැමතියි. මරණයට අකමැතියි. මේ සතාට ජීවත්වීමට අවස්ථාව සැලසු ඔබ සිදුකලේ උත්තම "අභය දානයයි". ඔබ සැමට මේ කුසලයේ බලයෙන් මෙලොවදී කිසිම අනතුරක් ,විපතක් ,කරදරයක් සිදුනොවනු ඈත. අපිත් සාදු කියා පින් අනුමෝදන් කරමින් මේ සත්ක්‍රියාවට දායකවෙමු. (නදී)
නොමිනිස් සමාජයේ ඔබ වැනි උදාර මිනිසුන් තවත් බිහි වේවා! ඔබ සැමට පින් දෙන අතර, අහිංසක සතාට සුවයද පතමි.! (නදී)
හුඟක් තැන් වල වෙන්නේ මේකේ අනිත් පැත්ත. අනතුරට පත්වුණ සතා තඩිගහලා මසට ගන්න එකනේ. ඇල්ලේ මිනිස්සු ඊට වෙනස්. මනුස්සකමට මුල් තැන දීලා කටයුතු කරලා තිබෙනවා. හැමෝටම පින්! පාලිත මහත්තයාගේ පින්තූර ටිකත් නියමයි! (නි)
කොච්චර උතුම් මිනිසුන්ද? (නි)
මෙයට දායක වූ සියලු දෙනාටම පින්! (නි)
වනජීවි නිලධාරීන්ට හිස්වැසුම් සහ සපත්තු දුන්නා නම් හොඳයි නේද? (නි)
ගොඩක් පින්! (නි)
තවමත් අපේ රටේ හදවත උණුවන මිනිසුන් අතළොස්සක් ඉන්නවා.මීට වසර පනහකට පමණ කලින් සුළු දෙයකට පවා අනේ අපොයි කියපු අපේ මිනිසුන්ගේ සිත්වලින් මෑත කාලයේදී එම වදන් පිටවුණේම නැති තරම්. අපි නැවතත් එතනට යනවා නම් සතුටුයි.සහභාගි වූ සැමට පින්. (නි)
වෙන තැනක නම් රෝස් කරනවා. මේ මිනිසුන් නම් උතුම් නියම බෞද්ධකම හදවතේ තිබෙන පිරිසක්. ඔබට තෙරුවන් සරණ ලැබෙනවා! (නි)
මේ පිනෙන් ඔබ සැමට දිර්ගායුෂ ලැබේවා. (ම)
ඔබ සැමට යෝධ බල යෝධ සවිය ලැබේවා (ම)
මස් රසට ලොල් නොවී අහිංසක සතෙකුට ජීවිත දානය දී සුවපත් කිරීමට කටයුතු කළ මේ උතුම් මිනිසුන්ට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා. (ස)
අහිංසක සතා ලොකු පිනක් කරලා තියෙනවා (බ)
මෙයට සම්බන්ධ වුණ සැමට බොහෝම ස්තුතියි! (නි)
ගොඩක් පින් සිද්දධ වෙනවා (ම)
මේ ලාංකික උරුමය වේ. (ර)
අපි අතර තවමත් මනුෂ්‍යයින් ඉන්නවා. හැමට ස්තුතියි! (නි)
මේ සඳහා සහය උන සියලු දෙනාටම ගොඩක් පින්. (ර)
අනේ දෙයියනේ සතාට ජිවිත දානය දුන්න ඔබ සැම කරගත්තේ ලොකු පිනක්. (ර)
ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායු සැප ලැබේවා! (ම)
ගොන්නු මරලා ප්‍රසිද්ධ උන මිනිසු හිටියා. රටේ ඉන්න නියමම මිනිස්සු මේ. මස් රසයට ලොල් නොවී ඔබ කල මෙහෙයට පින්.! (ර)