උතුරේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීම පමා කරතියි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නවනිදන් පිල්ලේ කොමසාරිස්වරියගේ නියෝජිත හැනී මෙගැල්ලි සමග දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මන්තී‍්‍ර පැවසීය. මාවෙයි සේනාධිරාජා, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, චෙල්වම් අඩෙයිකලනාදන්, පී. සෙල්වරාජා හා එම්. සුමන්දිරන් මහත්වරුද ඔහු සමඟ වූහ. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත සුබිනේ නැන්ඩි විසින් නිකුත් කැරුණු ප‍්‍රකාශයේ මෙසේ දැක්වේ. වලිකාමම් හා සාම්පුර්හි තවමත් පදිංචි විය නොහැකි බවද හමුදාව ඔවුන්ගේ ඉඩම්වල සිටිතියිද කී ඔහු අත්පත්කර ගත් ඇතැම් ඉඩම්වල සිංහලයන් පදිංචි කරවන බවද දෙමළ ජනයාට ඔවුන්ගෙන් ආගමික හා සංස්කෘතික ස්ථාන අහිමි කරන බවද උතුරු නැගෙනහිර ජන සංයුක්තිය වෙනස් කරන්නට තැත් කරන බවද දෙමළ නියෝජිතයෝ එහිදී මැසිවිලි නැඟූහ. උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ හා එක්සත් ජාතිකයන්්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ශ්‍රී් ලංකා රජය කි‍්‍රයාත්මක නොකරන බවද ඔවුහු කීහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
මේ දේ සිද්ධ වෙන විත්තිය කල් තියාම තේරුම් ගන්න තිබුණා. කරපු ලොකුම මෝඩකම තමයි මේ මානව හිමිකම් නියෝජිතයින්ට රටට පැමිණීමට ඉඩ ලබාදීම.(ස)
ටීඑන්ඒ අය ඇහුවහම ඇත්තම කියයිද? (නි)
සම්බන්ධන් මහතා කියන උතුරේ ප්‍රශ්නය කුමක්ද? ඕනෑම කෙනෙකුට දැන් ඕනෑම තැනක යාහැකි බව ඔහු නොදන්නේද? (නි)
මෙයාලා තව මොනවා කියලද දන්නෙ නැහැ.. බලාගෙනයි.. (නු)
අවුරුදු 30ක්ම ඉවසුවා වගේ තව ටිකක් ඉවසලා ඉන්න. (නි)
ප්‍රභාකරන් යුද්ධ කරලා ගන්න හදපු දේ, සම්බන්ධන් වෙන විදියකින් හරි ගන්න වගේ බලන්නේ. රජය ඇයි නිහඬ? ආදී ලංකාවේ ඒ පැත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් අය හිටිය විදිය, පන්සල්, දාගැබ්, වැව් තිබුණු විදිය සාක්ෂි ඇතුව සිතියම් එක්ක පෙන්නලා දෙන්න බැරිද?(නු)
මේවාට හිමිහිට විසදුම් ලැබේවි. (නි)
හැමෝටම එක හැන්දෙන් තමයි බෙදන්න ඕනෑ. (නි)
ඇයි දේශප්‍රේමී බලවේග කිවුවා නේද මේ අයට ලංකාවට එන්න දෙන්නේ නැහැ කියලා? (නි)
මෙන්න ඉල්ලන් කනවා (ස)
ඊළාම් නායකයෝ කවදාවත් ඊළම අතහරින්නෙම නැ. හැමදාම ජාති වාදය අවුස්සම එක තමයි කරන්නේ. (අ)