යුද ජයග්‍රහණයට මුවාවී උතුරේ එල්ටීටීඊ සැමරුම් සඳහා රටේ කිසිදු අවස්ථාවක් නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එසේම රටේ ජාතික ආරක්ෂාවට බලපෑමක් හෝ තර්ජනයක් වන කිසිදු සැමරුමකට මේ රටේ ඉඩක් නැති බවත් ඉකුත්දා පැවති යුද ජයග්‍රහණ සැමරුමේදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් හෝ එම ත්‍රස්තවාදී සංවිධානයේ කොඩියක්වත් ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොලැබුණු බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම සිංහයෝ අපි. අපිට ජාතිවාදයක් නැහැ. රට බෙදන්න බැහැ.මම රටේ ඒකීයබාවය වෙනුවෙන් ලේ හෙළුවා. ජාතියට මුවාවෙලා රට විනාශ කරන අයට අපේ තුවක්කු පත්තුවෙනවා කොටින්ට වගේම. (නි)
මහින්දගේ රැස්වීම් නවත්වලා කොටි නැගිටින එක වළක්වන්න පුලුවන් නම්, කොටි විනාශකළේ මහින්ද නොවෙයිවද්ද? කොහොම මෙහෙම කතා කරනවාද මන්දා (නි)
තොප්පිගල කියන්නේ කැලයක් නේ. මටත් තිබුන ඕක එදා එල්ලගන්න. රනිල්, පුලුවන්නම් මහින්ද බේරලා දුන්න යාපනය රැක ගන්න බලන්න.(නදී)
කියන විදිහට වැඩ කරයි කියලා හිතන්න අමාරුයි. පහුගිය දිනවල උතුරු, නැගෙනහිර සමරුවේ කොටි නොවෙයිද? (නි)
නියම රණවිරුවා බොළඳ දේවල් කියන්නේ නැහැ. (නි)
අපිට ඔබ ගැන විශ්වාසයි (නි)
මරණයක් පිටින් දල යාපනේ උසාවියට ගල් ගහලා හර්තාල් කළේ කොටි සමරන්න නෙවෙයිද? (හේ)
මහත්තයෝ, ඔය ඇත්තමද කියන්නේ? (නි)
චතුරි, ඔබ කළු සුද්දියක්ද? ඔබට අමතකද තොප්පිගල කියන්නේ මහා කැලෑවක්,කිලිනොච්චිය මැදවච්චිය ,ඕනෑ ගොනෙකුට යුද්ධ කිරීම ,ඔය වගේ විකාර කියපු අය තමයි දැන් ආණ්ඩුව කරන්නේ. මහින්ද වගේ කොන්ද පණ ඇති කෙනෙන් නොසිටින්න චතුරිට බයේ ගැහි ගැහි තමයි දැනටත් ජිවත්වීමට සිදුවන්නේ (මෙය මුල අමතකකළ සියල්ලන් වෙත).ලංකාවේ ඉදිරි අනාගතය අපැහැදිලියි. අඳුරුසහගතයි. (නි)
ඊලාම් කොඩිය නැතුව හෝ උතුරේ ප්‍රධාන දේශපාලකයන් මිය ගිය කොටි සමරු බව පුවත් පත් වලින් දන ගන්න ලැබුන.ඇමති තුමා මෙම පුවත් දැකල නැද්ද? (බ)
කතාවේ ලෙසටම වැඩද සිද්ධවෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු (නි)
මම නම් කියන්නේ මහින්දගේ සියලුම රැස්වීම් නතර කරන්න කියලයි. (නි)
කැලේ වෙනස් වුණත් ඉතින් පුල්ලි වෙනස් වෙන්නේ නැතිලුනේ! (නි)