(සුජිත් හේවාජුලිගේ )
යාපනය පලාලි අවට ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දීමට පෙර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් උපදෙස් ලබාගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
එසේ නොකර ඉඩම් බෙදා දීම අවදානම් සහගත බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවර කරපු කොටි ත්‍රස්තවාදය ආයෙත් අටවා ගන්න තමයි කට්ටියම දඟළන්නේ... ව්‍යවස්තාවෙන් පත්වුණු නායකත්වය ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්න වගේ උත්සාහය. කොටි කවදාවත් මුවන් වෙන්නේ නෑනේ. ඒ නිසා නැවත වතාවක් රට ඇතුලේ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් උඩට එන වාතාවරණයකට ඉඩ නොතබන එක කාගෙත් වගකීම. නායකයින් නම් වෙනත් රටවල්වලට යයි. අපි මේ රටේ ඉන්න ඕනෑ
ඇයි ජනාධිපතිතුමා කියන රැස්වීමට ගිහින් පැහැදිලි කළේ නැත්තේ..? දැන් වීරයෙක් වෙන්න හදනවා...
කවුද ඔය කතාව කිව්වේ? ෆොන්සේකා මහත්තයද, වීරසේකරද?
යුක්රේනයේ යුද්ධයේ දැක්ක විදිහට ස්ථානය අදාලම නෑ වගේ. ඩ්‍රෝනවලිනුත් ගහනවා. ඉතින් ඔය පොඩි කෑල්ල තහනම් කලාපයක් කරගෙන තියාගෙන ඉඳලා වැඩක් නෑනේ. ඒකට හරියන්නේ මුහුදේ ආරක්ෂාව...
අනේ ඇමතිතුමෝ ඔයා පියුමිට ඇඳුම් යවයවා ඉන්න. දන්නේ නැති වැඩ ගැන ජනාධිපතිට උපදෙස් දෙන්න එපා...
මම හිතනවා හමුදාවෙන් අහන්න දෙයක් නැහැ කියලා...
මේ රටේ අනිත් පළාත්වල මිනිස්සුන්ට ඉඩම් දෙන්නේ හමුදාවෙන් අහලාද?
ජනාධිපති ඉඩම් දෙනවා කියලා... දෙමළ ඡන්දත් ගන්න හදනවා. අරගොල්ලෝ ඔන්න කොටි නැගිටිනවෝ කියලා බහුතරයේ ඡන්ද ටික ඉස්සර වගේම මොස්තෙ දාලා ගන්න හදනවා. එයා ඉඩම් දෙන්නෙත් නැහැ. ඒත් අපිටික දෙකට බෙදිලා මේකෙ රස පැත්ත හොයලා, හොයාකියාගෙන ඔලුව හැරුණු අතේ යනවා නන්නත්තාරේ... අපි හැමදාම එකම තැන...
මේ මන්ත්‍රීතුමා කියන දේ සහතික ඇත්ත ජනාධිපති වුණත් ඔහුගේ උපදේශකයින් කියන දේ පමණක් ක්‍රියාත්මක කිරීම නුසුදුසුයි... වගකිවයුතු අයගෙන් මෙන්ම පක්ෂ විපක්ෂ අයගෙන් විමසීම කරන්න ඕනෑ... ඒත් ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ විපක්ෂය බලයට එන්න උපක්‍රම කරනවා මිස ප්‍රශ්න විසඳීමට සහාය නොදී අපිට දුන්නොත් කරලා පෙන්නන්න නම් කියනවා...
පලාලි අවට පමණක් නොවෙයි උතුරු, නැගෙනහිර තිබෙන ඉඩම් කිසිවක් බෙදන්න දෙන්න එපා. මේ ඉඩම් රනිල් ගේ බූදලය නොවෙයි, රටේ සිංහල ජනතාවට අයිති ඉඩම්. මේ හාදයා පන්නා නොදැම්මොත් සිංහලයාට ගොඩඑන්න බැරි විනාශයක් කරනවා.