පුල්මුඩේ ඛණිජ වැලි නිදියේ කැනීම් කටයුතු සිදු කිරීමට ලංකා ඛණිජ වැලි සංස්ථාවට එම බලපත්‍රය ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) අද (07) නිර්දේශය කළේය.
ඒ අනුව 2017 වසර සඳහා අදාළ බලපත්‍රය ලබා දීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය එකඟ වූ බව කෝප් කමිටුවේ සාමාජිකයෙක් පැවසීය.
පුල්මුඩේ ඛණිජ වැලි නිධියේ කැනීම කටයුතු සඳහා ලංකා ඛණිජ වැලි සංස්ථාව අවසර ඉල්ලා තිබුණද මෙතෙක් එම බලපත්‍රය ලබා දී තිබුණේ නැත.
රජ්‍ය ආයතනයක් වන ඛනිජ වැලි සංස්ථාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ආයතනයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ඛණිජ වැලි සංස්ථාව අවසර ඉලුවත් නැතත් පළමුව ඛණිජ වැලි නිධියේ කැණීම් අවසරය ඔවුනට දියයුතුය. පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සෑම නිර්දේශයක්ම ක්‍රියාත්මක කළයුතුය. මොකද එම නිර්දේශ රටට සුබවාදී නිර්දේශයන් නිසා. (නි)
නියමයි (නි)
මේක විකුණන්න ලිස්ට් කරලා තියෙන්නේ. දැන් නම් නියමයි නේද? (බ)
බමුණු ආරච්චි හරියට හරි. සංස්ථාව ඉල්ලනතුරු ඉන්නේ මොන එහෙකටද. ඒක රාජ්‍ය ආයතනයක්. ඛනිජ වැලි සංස්ථාවට ඛනිජ වැලි ගොඩදාන්න දෙන්නේ නැත්නම් කාටද දෙන්නේ? එකත් එකටම දේශපාලුවෙකුගේ හෙන්චයියෙකුට මේ වැඩේ බාරදෙන්න කැස කවනවා ඇති. (නි)
සුනිල් හඳුන්නෙත්තිට, ජවිපෙට හා එ් සඳහා උදවුකළ රාජ්‍ය නිලධාරින්ට උපහාරක්ම වේවා!!! (නි)
තව පොඩ්ඩෙන් ඒකත් ඉවරයි. (බ)
ඛනිජ වැලි සංස්ථාව විකුණන්න නේද තියෙන්නේ? එතකොට මේ වැලි ගොඩ දාන එකත් ගත්තු අයටම යනවා නේද ? එතකොට මේ වැඩේට සුනිල් හදුන්නෙත්ති මහත්තයාත් සම්බන්ධයි ද ? (බ)