IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෝලිමේ වේළෙන අයට උදව් ඉල්ලයි

සෞදි අරාබියේ දැනට ක්‍රියාත්මක පොදු සමා කාලය යටතේ විශාල වශයෙන් අවතැන්වූ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් තම පිටවීමේ වීසා පත ලබා ගැනීම සඳහා දමාම් නයින්ටි වන් (91) ආගමන විගමන කාර්යාලයය අවට සහ ඉන්දන පිරවුම් හල අසල රැඳී සිටිමින් ඉතාමත් පීඩාවට සහ තෙහෙට්ටුවට පත්ව කිසිදු අහරක් නොමැතිව අධික හිරු රශ්මිය මධ්‍යයේ දින ගනන් එළිමහනේ නිදා සිටිති.

මේ සමගම ජෙඩා කලාපයේ විගමන කාර්යාලය වෙත එවන ලද හාරසියයකට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද සිටිති.

තම කැමැත්ත සහ හැකියාව අනුව මෙම අසරණව සිටින පිරිසට අඩුම තරමින් ආහාර පැකැට්ටුවක් හෝ බීමට පානීය ජලය බෝතලයක් පිරිනමන්නැයි ඉල්ලීමක් කරයි.



අදහස් (0)

පෝලිමේ වේළෙන අයට උදව් ඉල්ලයි

ඇන්ටන් Thursday, 27 June 2013 11:36 AM

ඔන්න ඇමතිතුමෝ ඔබට අවස්තාවක් මේ අය‍ට උදව් කරන්න (අ)

:       0       0

සරත් Thursday, 27 June 2013 11:50 AM

අපේ රණ විරුවන්ට උදව් කරන්න පක්ස විපක්ෂ හැමෝමගේ යුතුකමක් (අ)

:       0       0

නිශාන්ති Thursday, 27 June 2013 03:23 PM

අනේ රටට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන අයට නේද මෙහෙම වෙලා තියෙන්නේ? දැන්වත් මේ අය වෙනුවෙන් දෙයක් කරන්න (නි)

:       0       0

රෂීඩ් Thursday, 27 June 2013 12:07 PM

අපේ රන්ජන් මන්ත්‍රීතුමාටත් මේක හොද අවස්ථාවක් (නි)

:       0       0

ශෂිනි Thursday, 27 June 2013 03:26 PM

පව් මිනිස්සු. හැම දේම කරන්නේ ජීවත් වෙන්න.(නදී)

:       0       0

සම්පත් Thursday, 27 June 2013 04:33 PM

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අය‍ට මේ අය‍ට කෑම ටිකක්වත් දෙන්න තරම් නොහැකියාවකින් පෙලෙනවද? නමට නම් මේ හැමෝම රට විරුවෝ..අනේද කියන්නේ.... (නි)

:       0       0

කපිල Thursday, 27 June 2013 01:00 PM

ඒ ක්‍රියාව වටිනාවදක්

:       0       0

අනුර Thursday, 27 June 2013 01:37 PM

කෝ දැන් රටවිරුවෝ කියා උදම් අනපු කට්ටිය? (නි)

:       0       0

උපුල් Thursday, 27 June 2013 01:58 PM

සරත් මහත්තයා අපි හැමෝම දැන් රට විරුවෝ. අපිට තීරු බදු රහිත පර්මිට් එකක් දුන්නොත් විතරයි අපේ ගෙදර ඡන්ද ටික මී ගොල්ලන්ට දෙන්නේ. නැත්නම් ගහන්ඩ වෙන්නේ අර රණ විරුවාගේ පක්ෂෙටයි. දැන් ඉතින් ඉවසුවා ඇති . අපිට හුලන් තමා.(නදී)

:       0       0

රූපවතී Thursday, 27 June 2013 02:13 PM

අර කොහේදෝ .. රටකට හොරෙන් පැනපු මිනිස්සුන්ව ගිහින් අරන් ආව....? රටට විදේශීය විනිමය උපයන් එන ,රජයේ ලියාපදිංචිවෙලා ගියපු අසරණ මිනිස්සු අරහේ කන්න වතුර නැතිව දුක් විදිනවා තමන්ගේ රටට එන්න විදියක් නැතිව? විශේෂ ශ්‍රීලන්කන් ගුවන්යානයක් යවල අපේ ජාතීන්ව බේරගන්න . කන්න වතුර නැතිව පාරේ මැරුණට පසුව මල කදන් අරන් එනවට වඩා හොද උන්ව පණපිටින් ගෙනාවොත් නේද? නැතිනම් උන්ගේ දරු පව්ලත් අසරණ වෙනවා මේ රට ඇතුලෙම ....? (අ)

:       0       0

සංජීව Thursday, 27 June 2013 02:13 PM

පිස්සුද ? රට විරු ප්‍රසංගයට වියදම් කරන්න තියෙන සල්ලි මේ වගේ දේවල් වලට වියදම් කරලා හරියනවද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site