සෞදි අරාබියේ දැනට ක්‍රියාත්මක පොදු සමා කාලය යටතේ විශාල වශයෙන් අවතැන්වූ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් තම පිටවීමේ වීසා පත ලබා ගැනීම සඳහා දමාම් නයින්ටි වන් (91) ආගමන විගමන කාර්යාලයය අවට සහ ඉන්දන පිරවුම් හල අසල රැඳී සිටිමින් ඉතාමත් පීඩාවට සහ තෙහෙට්ටුවට පත්ව කිසිදු අහරක් නොමැතිව අධික හිරු රශ්මිය මධ්‍යයේ දින ගනන් එළිමහනේ නිදා සිටිති.
මේ සමගම ජෙඩා කලාපයේ විගමන කාර්යාලය වෙත එවන ලද හාරසියයකට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද සිටිති.
තම කැමැත්ත සහ හැකියාව අනුව මෙම අසරණව සිටින පිරිසට අඩුම තරමින් ආහාර පැකැට්ටුවක් හෝ බීමට පානීය ජලය බෝතලයක් පිරිනමන්නැයි ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඇමතිතුමෝ ඔබට අවස්තාවක් මේ අයට උදව් කරන්න (අ)
අපේ රණ විරුවන්ට උදව් කරන්න පක්ස විපක්ෂ හැමෝමගේ යුතුකමක් (අ)
අනේ රටට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන අයට නේද මෙහෙම වෙලා තියෙන්නේ? දැන්වත් මේ අය වෙනුවෙන් දෙයක් කරන්න (නි)
අපේ රන්ජන් මන්ත්‍රීතුමාටත් මේක හොද අවස්ථාවක් (නි)
පව් මිනිස්සු. හැම දේම කරන්නේ ජීවත් වෙන්න.(නදී)
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අයට මේ අයට කෑම ටිකක්වත් දෙන්න තරම් නොහැකියාවකින් පෙලෙනවද? නමට නම් මේ හැමෝම රට විරුවෝ..අනේද කියන්නේ.... (නි)
ඒ ක්‍රියාව වටිනාවදක්
කෝ දැන් රටවිරුවෝ කියා උදම් අනපු කට්ටිය? (නි)
සරත් මහත්තයා අපි හැමෝම දැන් රට විරුවෝ. අපිට තීරු බදු රහිත පර්මිට් එකක් දුන්නොත් විතරයි අපේ ගෙදර ඡන්ද ටික මී ගොල්ලන්ට දෙන්නේ. නැත්නම් ගහන්ඩ වෙන්නේ අර රණ විරුවාගේ පක්ෂෙටයි. දැන් ඉතින් ඉවසුවා ඇති . අපිට හුලන් තමා.(නදී)
අර කොහේදෝ .. රටකට හොරෙන් පැනපු මිනිස්සුන්ව ගිහින් අරන් ආව....? රටට විදේශීය විනිමය උපයන් එන ,රජයේ ලියාපදිංචිවෙලා ගියපු අසරණ මිනිස්සු අරහේ කන්න වතුර නැතිව දුක් විදිනවා තමන්ගේ රටට එන්න විදියක් නැතිව? විශේෂ ශ්‍රීලන්කන් ගුවන්යානයක් යවල අපේ ජාතීන්ව බේරගන්න . කන්න වතුර නැතිව පාරේ මැරුණට පසුව මල කදන් අරන් එනවට වඩා හොද උන්ව පණපිටින් ගෙනාවොත් නේද? නැතිනම් උන්ගේ දරු පව්ලත් අසරණ වෙනවා මේ රට ඇතුලෙම ....? (අ)
පිස්සුද ? රට විරු ප්‍රසංගයට වියදම් කරන්න තියෙන සල්ලි මේ වගේ දේවල් වලට වියදම් කරලා හරියනවද ? (නි)