දඹදිවින් වැඩම කැරැවුණු කපිල වස්තු සර්වඥධාතුන් වහන්සේ වන්දනා කිරීමට මේ වනවිට ගම්පොළ නාරංවිට ඉහලවෙල ශ්‍රී සම්බුද්ධත්ව විහාරයේ පන් ලක්‍ෂයකට අධික පිරිසක් පෙළගැසී සිටිති. සිකුරාදා උදේ හයවනතුරු ප‍්‍රදර්ශනය පැවැත්වේ.




1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ පිටරට. මට ධාතූ වදින්න යන්න බැහැ. ඒත් ගෙදර සේරම යනවා කිවුවා. සාධු සාධු සාධූ! (නි)
මේකත් ඡන්දය දිනීම සදහා හේතුවක් වෙනවා..!!(නු)
ධාතුන් වහන්සේ අප රටට වැඩම කරවීමේ වැදගත්ගම මේ පෝලිම් දැක්කම මනාවට පැහැදිලි වෙනවා. මෙය අතිගරැ ජනාධිපතිතුමා ගත් ඉතාමත් හොද තීරණයක්. එයට ඉන්දියාවේ අගමැතිතුමාට මෙන්ම අපගේ ජනාධිපතිතුමාට අප ස්තුති වන්ත විය යුතුය. මෙම පුණ්‍ය කර්මය හේතුකොටගෙන අප රට සාමකාමී රටක් බවට පත්වේවා...! සියළු වැසියන් තුළ බුදුන් වහන්සේගේ ගතිගුණ පහලවේවා...!(නු)
බුදුන්ගේ සර්වඥතා ධාතූන් දැකීමට ලැබීම ඉතා භාග්‍යයක්. අපිට ඒ පින නැහැ. අපි වාලුකාවේ අසරණ වෙලා. (නි)
දැන් ඔහොම වුණාට, පස්සේ කවුරු හරි ඕකත් හොරකම් කරයිද කියල සැකයි. අපේ කට්ටිය ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
අවසානයේ ධාතුන්වහන්සේලාද ඡන්දය සදහා යොදා ගන්නා ලදී..!(නු)
ලංකා වෙන ගෝත්‍රයක කෙනෙක් වෙන්න ඇති. බුදු දහමට නිගා කරන්න එපා. (නි)
ඔවු රකිත, ලෝක කුසලානයේත් ඇණ ගළවපු කට්ටියනේ ඉන්නේ අපේ රටේ. (නි)
මෙහේ තියෙන අපරාධ දැක්කහම ධාතූන් වහන්සේලා කරඩුවේ වැඩ සිටීද කියලා සැකයි. (නි)
අප රට වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලාද මෙලෙස විටින් විට ප්‍රදර්ශනය කරනවා නම් එය මහඟු අවස්ථාවකි. (නි)
අපිට ඉතින් පිනක් නැහැනේ ..මම ඉන්නෙත් ගම්පොල නමුත් දෙන ඉන්නේ සෞදි අරාබ්යේ ...මොනවා කරන්ටද ...සදු සදු...(නු)
ලංකාද්වීපයේ වස්දොස් දුරුවේවා! (නි)
කෙනත්, මෙතරම් පින් බිමක සිදුවන අනන්ත අප්‍රමාණ පවුකාර වැඩ ගැන ඇහිලම නැද්ද? මේ පින්බිම ඇතුළෙද ඉන්නේ? නැත්නම් එළියේද? (නි)
"යෝ ධම්මං පස්සති සෝ මං පස්සති " තනි පුද්ගලයන් වශයෙන් බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවෙන් වටහාගෙන ඒ අනුව කටයුතු කර වහ වහා නිවන් අවබෝධ කර ගැනීමට කටයුතු කරන්න. අවුවැසි නොබලා පුද පුජා පැවැත්වුවාට බෞධයෙක් විය නොහැකිය. අඩුම වශයෙන් පංච ශීල ප්‍රතිපත්තිවත් තමන් තුළ ඇති කර ගැනීමට උත්සාහ කරන්න . (නි)
ඉර හද මහ පොළව පවතින තුරු සම්බුදු සසුන රැකේවා සම්බුදු සිසිලෙන් සැම හදවත් නිරතුරු නැහැවේවා! (නි)
කෝ හාමුදුරුවරු නැද්ද? (නි)
මේ රටේ තවමත් ශ්‍රද්ධා සිත් ඇත්තෝ වාසය කරති (නි)
මෙම ධාතූන් වහන්සේලාගේ බලයෙන් රටේ මිනිසුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් විමට හැකි සමාජයක් නිර්මාණය වේවා! (නි)
ධාතූන් වහස්සේලාව ලංකාවේ තියාගෙන මස් කඩ ඇරලා තියන එකත් වැරදියිනේ. (නි)
මෙය හුදෙක්ම බෞද්ධ ජනතාව තව තවත් ලෞකිකත්වයටම යොමුකරවන්නා වූ කාලයත්, මුදලුත් විනාශ කරන්නා වූ දෙයක් වන අතර, පූජනීය සංඝරත්නයත් මීට එකතු වීම කණගාටුදායකය. බෞද්ධයා යායුතු මඟ වන්නේ ඒ ලොවුතුරු අමාමෑණියන් පෙන්වා දුන් නිවන් මඟම වන්නේය. (නි)
මිනිසුන්ගේ ශ්‍රද්ධාව දුටු විට ඇස් වලට කදුලු එනවා. මේ ලෙසින් සියල්ලන්ම සද්ධර්මය ටිකක් හෝ අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුයි. (නි)
විරාජ්, විභූති, හැම දෙයක් දිහාම පාට කණ්ණාඩි දාගෙන බලන්න එපා. (නි)
මෙලෙසම බුද්ධ වචනයට අනුව හැසිරීමද වියයුතුයි (නි)
ලංකා, ඔබ අන් අයගේ ආගමික ශ්‍රද්ධාවට ගරහන්න එපා. (නි)
යමෙක් ධර්මය දකීද හෙතෙම මා දකී. මෙයයි බුද්ධ වචනය. අවුවේ වේලි වේලී ධාතු වැදීමෙන් බුදුන් දැකිය නොහැකි බවයි මගේ අදහස. (නි)
මෙම පුණ්‍ය ක්‍රියාව ඉතාමත් විශිෂ්ටයි (නි)
බලාගෙන පරිස්සමින්. කදුලු ගෑස්.... (නි)
ඒ අති උතුම් මිනිසාගේ මග යන රටක ජීවත්වන අයවලුන් විසින් මෙම කපිලවස්තු ධාතු කරඩුව කාගේ කාගේත් වෙළෙද දැන්වීම්වලට ඉදිරිපත් කරන වෙළෙද භාණ්ඩයක් බවට පත්කරන්න එපා යයි ඉල්ලා සිටිමු. මන්ද එතුමාගේ කරඩුවට චැදීමට වඩා දේශනාව පීළිගෙන ජීවත්වීම ඉතා ශ්‍රේෂ්ඨයි.(වි)
ජීවමාන තුණූරුවන් දැක බලා ගැනීමට ලක්වාසී සියල්ලන්ටම ඉඩ ලැබේවා! විරාජ්, විභූෂ කියන්නේ පිස්සන්. ආනන්දලා කලබල වෙන්න එපා. ආනන්දට සෙත සැළසේවා! (නි)
ධාතූන් වහන්සේලා ඉස්සර නම් ආවේ ගුවන් යානා වල නෙමෙයි. දැන් තාක්ෂණය හරිම දියුණූයි. (නි)
දැන් එතකොට අර තරම් ශබ්ද නගලා වඩම්මවාපු ධාතුන් වහන්සේලා මේ රටින් පිටතට වඩම්මවලාද මේ සත්තු කපන්න දෙන්න තීරණය කළේ? (නි)
මේ නිර්මල රටේ තවමත් බෞද්ධාගම නොනැසී පවතිනවා (නි)
බුදු හිමියන් දේශනා කල බෞද්ධ දර්ශනය අවබෝධ කරගෙන පිළිපැදීම පසෙක තබ, බුදුරජාණන් වහන්සේගේ ඇට කැබලි වන්දනා කර නිවන් පතන මිනිසුන්ගේ දේශයක්....? (නි)
ලංකා මම නම් හිතන්නේ ඔයා වෙනත් ආගමක වෙන්න ඇති.. නමුත් අපටනම් අපේ බුදුන් වටිනවා..!(නු)
මෙතරම් සැදැහැවතුන් ඉන්න රටේ ඇයි මෙතරම් අපරාධ? (නි)
සුරනිමල ඔබ හරි. මේ පණිවිඩය බොහෝ දෙනාට වැටහේවා. සාදු සාදු සාදු (නු)
කපිල, ඔයා දෑන් උනත් මැද පෙරදිග ඉදන් හිත පහදවාගෙන මේ මගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා කියා වන්දනා කරොත් අප්‍රමාණ පිනක් රැස්වෙනවා. හිත පහදවා ගැනීමයි වෑදගත්. මොකද චේතනාවයි කර්මය වෙන්න. මම ඉන්නෙත් පිටරට සතුටු සිතින් මේ දවස් ටිකේම වන්දනා කර ගත්තා. සාදු සාදු සාදු!!! (නි)
බෞද්ධ මේ රටේ වෙන අපරාධ ටික දැක්කහම මේ ධාතූන් වහන්සේ හිටපු තැනටම ආපහු රහත් වේවි. (නි)
බලන්න කොයිතරම් අපේ රට මහජනයා වාසනාවන්තද කියලා.. මේ ධාතුන්වහන්සේලා හැමදාම අපේ රටේ වැඩවසන්න. බුදු දහම ලොව පුරා පැතිරේවා..!!(නු)
මෙයයි සැබෑ භක්තිය.... (නි)
අපේ පින් බිමේ මෙතරම් භක්තිමත් ජනතාවක් සිටින බව දැකීමත් ලොකු ආඩම්බරයක්. (නි)
අපේ රටේ බෞද්ධ ප්‍රබෝධය කොයිතරම් ඉහළද කියලා මෙවැනි පින්කම් වලින් පෙනෙනවා. (නි)
අපි ඉන්නේ මැදපෙරදිග. අපි තෙරුවන් වන්දනා කරන්නේත් හරිම බයෙන්. මෙවන් උතුම් දෙයක් වැද පුදා ගන්නට අපිට පින් නොමැත. (නි)
ගම්පොළ පැත්තේ ළගදි ඡන්දයක් එහෙම තියෙනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මෙතන ආගම් අදහස් නැතිව හොද සිහියෙන් වටිනා අදහස් පමණක් ඇතුළත් කරන්න... අපේ ලක් මෑණියන්ට බුදු සරණයි..!!(නු)
බොදු ජන බල මහිම... (නි)
සාදු... සාදු... ! බුදුසසුන බැබළේවා! මිනිසුන්ගේ සිත් තුළ ඇති තණ්හාව වෛරය දුරුවී මගේ රට සාමකාමී රටක් බවට පත්වේවා! (නි)
මිනිසුන්ගේ සිත් තුළ ඇති තණ්හාව වෛරය දුරුවේවා! සාදු... සාදු... ! බුදුසසුන බැබළේවා! (නි)
මේ අපේ ආගම සහ අපේ ජාතික අභිමානයයි. (නි)
පුළුවන් හැමෝම මේ අවස්ථාවට යන්න. ඉතා දුර්ලභ අවස්ථාවක්. පින් රැස් කරගන්න. පෙර සිටි සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සිවුරක් වනලා තියෙනවා දැකපු ගොපල්ලෙක්, ශ්‍රද්ධා උපදවා ඊට වන්දනා කොට ඒ පිනෙන් දෙව් ලොව ඉපදුනු හැටි වගේ ගොඩක් ඒවා පොතපතේ සදහන් වෙනවා. බලන්න මේ සම්බුද්ධ ධාතුන් දැක හොද සිහියෙන් හිත පහදවා ගත්තොත් සුගතියේ යන්න ඒ පිනම ඇති නේද? අප්‍රමාදව යන්න , භාග්‍යවතුන් වහන්සේ දැකගන්න, දොහොත් මුදුන් දී වැදගන්න, පින් ගගක් ජීවිතයට ගලා එයි. මේ උතුම් අවස්ථාව සලසාදුන් , පින්වත් ජනපතිතුමන් හා සියලු දෙනාට ගොඩක් පින්. මේ ධාතුන් වහන්සේලා මහනුවර දළදා මාලිගාවට වැඩමවා , දන්ත ධාතුන් වහන්සේ සමග එක්තැන් කළොත් සමහරවිට ප්‍රාතිහාර්ය පවා ඇතිවෙයි. බුදුගුණ අනන්තයි. සාදු සාදු සාදු ! රුවන්වැලි සෑයේද සර්වඥ ධාතුන් වැඩ සිටිනවා. ථූපාරාමයේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව ඇත. සේරුවාවිල ලලාට ධාතුව ඇත. මගේ ලංකාවේ පින් බිමකි!!!! (නි)
අපව මේ අපා දුකින් ගළවා ගන්න උන් වහන්සේ නොකරපු දෙයක් නැහැ. සම්බුද්ධත්වය ලබලත් අව්වේ වියළෙමින්, වැස්සේ තෙමෙමින් දුහුවිලි ගහන මං මාවත් දිගේ වඩිමින් පුරා වසර 45 ක්, උන්වහන්සේට වයස 80 ක් වෙනකම් අසරණ සත්වයන් සසර දුකින් ගළවමින් වැඩ සිටියා. තම ඒ උතුම් සද්ධර්මය පිවිතුරුව අපේ ලංකාවේ තිබෙනවා. ආර්ය මහා සංඝ රත්නය වැඩ සිටිනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටස් වැඩ හිටිනවා. හැමෝම ගිහින් උන් වහන්සේව වරක් හෝ දැක බලාගෙන වන්දනා කරගන්න. සසර පුරාවටම බුදු කෙනෙකුගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක් දකින්න වෙන අන්තිම අවස්ථාවත් මේක වෙන්න පුළුවන්. (නි)