ඔලිම්පික් පදක්කම් 19 ක් දිනාගනිමින් ලෝක වාර්තාවක් හිමිකරගෙන සිටින ඇමරිකානු ජාතික පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස්, ඊයේ (2 වැනිදා) සිය 20 වැනි පදක්කම හඹා යමින් සිටියේය. ඒ මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්වෙනි.
එහෙත් මෙම ඉසව්වේදී ඔහුගේම කණ්ඩායම් සගයා වන රයාන් ලොච් වෙතින් පෙල්ප්ස්ට තියුණු තරගයක් එල්ලවනු ඇතැයි කියැවේ.
බදාදා පැවැති අවසන් පූර්ව තරගයේදී ලොච් මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්වෙන් පරාජය කිරීමට සමත් වූ අතර පසුගිය ඉරිදා මීටර 800 ඉසව්වේදීත් ලොච් තරගයෙන් ජයගත්තේය.
බීජිං ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 8 ක් දිනාගත් නමුත් පෙල්ප්ස් ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මේ දක්වා කේවල ඉසව්වකින් රන් පදක්කමක් දිනාගෙන නැත.
මේ අතර බි‍්‍රතාන්‍යය නියෝජනය කරමින් පාපැදි කී‍්‍රඩාවට පිවිසි කී‍්‍රඩකයන් අතර විශිෂ්ටතම ස්ථානය හිමිකරගත් බ‍්‍රඞ්ලි විගින්ස් මෙවර ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී කේවල කාලය මැනීමේ තරගයෙන් දෙවැනි රන් පදක්කම බි‍්‍රතාන්‍යයට දිනා දුන්නේය.
දින 10 කට පෙර නිමාවූ සුප‍්‍රසිද්ධ ‘ප‍්‍රංශ සවාරිය’ ජයගත් පළමු බි‍්‍රතාන්‍ය ජාතිකයා වූ විගින්ස්, සිය කතා ශෛලිය නිසා බි‍්‍රතාන්‍යයන් වසග කරගත් කී‍්‍රඩකයෙකි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙල්ප්ස්ගේ 20 වැනි පදක්කමට අභියෝගයක්
අමිල කටුනායක Friday, 03 August 2012 02:40 PM
අපලිට වැඩක් ණෑ කවුරු දිණුවත්. අපි සුද්දන්ට කඩේ යන්නේ නෑ.