ඔලිම්පික් පදක්කම් 19 ක් දිනාගනිමින් ලෝක වාර්තාවක් පිහිටු වු ඇමරිකානු ජාතික පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස්, සිය 20 වැනි ඔලිම්පික් පදක්කම දිනා ගත්තේය. පෙල්ප්ස් ඊයේ (2) පැවැති මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්ව විනාඩි 1. තත්පර 54.27 ක කාලයකින් තරගය නිමකර රන් පදක්කම දිනා ගත්තේය.
බීජිං ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 8 ක් දිනාගත් පෙල්ප්ස්, මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනාගත් පළමු කේවල ඉසව්ව මෙය වේ. පෙල්ප්ස්, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී දිනාගත් 16 වැනි රන් පදක්කම ද මෙය වන අතර ඔහු රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන තිබේ.
මෙවර ක‍්‍රීඩා උළෙලේදී පෙල්ප්ස් මේ දක්වා දිනාගෙන ඇත්තේ රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකකි. මෙවර ඔහු මීටර 200X4 නිදහස් ආර කණ්ඩායම් ඉසව්වෙන් පළමු රන් පදක්කම දිනා ගත්තේය.
පෙල්ප්ස්ට මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්ව ඉසව්වේදී අභියෝගයක් වු ඔහුගේම කණ්ඩායම් සගයා වන රයාන් ලොච් රිදී පදක්කම දිනා ගත්තේය. කෙසේ වෙතත් බදාදා පැවැති මෙම ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී පෙල්පස් පරදවා ලොච් ජය ලැබීය.
මෙම ඉසව්වේ ලෝක වාර්තාවේද හිමිකරුවා වන රයාන්, විනාඩි 1. තත්පර 54.90 කින් තරගය නිම කළේය. හන්ගේරියාවේ ලැස්ලෝ කැෂී විනාඩි 1. තත්පර 56. 22 ක කාලයකින් තරගය නිමකර ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙල්ප්ස් සිය 20 වැනි ඔලිම්පික් පදක්කම රනින් සරසවයි
මුල්ලගේ Saturday, 04 August 2012 11:43 PM
ඇමරිකාව පරද්දන්න බැරිද? ඒගොල්ල හැමදාම දිනුම්. මොකද්ද රහස?(නු)
බණ්ඩාර Saturday, 04 August 2012 02:52 PM
අවංකවම මම සුභ පතනවා.. ඔහු ඉතාම දක්ෂයි.. සුභ පැතුම්...! (නු)
නිෂාඩ් ප්‍රීනා Monday, 06 August 2012 04:12 PM
අනේ අපිට පෙල්ප්ස් වගේ කෙනෙක් කවදා බිහිවෙයිද? (නි)
දුෂ්‍යන්ත Sunday, 05 August 2012 09:51 PM
සැබෑම දක්ෂයෙකි. සුභ පැතුම්! (නි)
ඩේවුඩ් Friday, 03 August 2012 07:01 PM
කවුරු මොනවා කිවුවත් මෙයාලා තමයි සුපිරි වැඩ කාරයෝ. (නි)