ඔලිම්පික් පදක්කම් 19 ක් දිනාගනිමින් ලෝක වාර්තාවක් පිහිටු වු ඇමරිකානු ජාතික පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස්, සිය 20 වැනි ඔලිම්පික් පදක්කම දිනා ගත්තේය. පෙල්ප්ස් ඊයේ (2) පැවැති මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්ව විනාඩි 1. තත්පර 54.27 ක කාලයකින් තරගය නිමකර රන් පදක්කම දිනා ගත්තේය.
බීජිං ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 8 ක් දිනාගත් පෙල්ප්ස්, මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනාගත් පළමු කේවල ඉසව්ව මෙය වේ. පෙල්ප්ස්, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී දිනාගත් 16 වැනි රන් පදක්කම ද මෙය වන අතර ඔහු රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන තිබේ.
මෙවර ක‍්‍රීඩා උළෙලේදී පෙල්ප්ස් මේ දක්වා දිනාගෙන ඇත්තේ රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකකි. මෙවර ඔහු මීටර 200X4 නිදහස් ආර කණ්ඩායම් ඉසව්වෙන් පළමු රන් පදක්කම දිනා ගත්තේය.
පෙල්ප්ස්ට මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්ව ඉසව්වේදී අභියෝගයක් වු ඔහුගේම කණ්ඩායම් සගයා වන රයාන් ලොච් රිදී පදක්කම දිනා ගත්තේය. කෙසේ වෙතත් බදාදා පැවැති මෙම ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී පෙල්පස් පරදවා ලොච් ජය ලැබීය.
මෙම ඉසව්වේ ලෝක වාර්තාවේද හිමිකරුවා වන රයාන්, විනාඩි 1. තත්පර 54.90 කින් තරගය නිම කළේය. හන්ගේරියාවේ ලැස්ලෝ කැෂී විනාඩි 1. තත්පර 56. 22 ක කාලයකින් තරගය නිමකර ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව පරද්දන්න බැරිද? ඒගොල්ල හැමදාම දිනුම්. මොකද්ද රහස?(නු)
අවංකවම මම සුභ පතනවා.. ඔහු ඉතාම දක්ෂයි.. සුභ පැතුම්...! (නු)
අනේ අපිට පෙල්ප්ස් වගේ කෙනෙක් කවදා බිහිවෙයිද? (නි)
සැබෑම දක්ෂයෙකි. සුභ පැතුම්! (නි)
කවුරු මොනවා කිවුවත් මෙයාලා තමයි සුපිරි වැඩ කාරයෝ. (නි)