පස්වරු 1.30
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් පුවත සැලවීමෙන් පසු මෙම පිලිපීන ජාතිකයා පිළිබඳව වගකීම බාර ගෙන ඔහුට අවශ්‍ය ආහාරපාන ලබාදීමට කටයුතු කර ඇත.
නමුත් ඔහුට මෙරට රැදී සිටීමට සිදු වූ කාලය තුළ ඔහුට කටාර් රාජ්‍යයෙන් නිකුත් කර තිබූ වීසා පහසුකම අවලංගු වී යාම නිසා යළිත් අද (17) රාත්‍රී 11.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 407 දරන යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .
(ටී.කේ .ජී.කපිල )
දින තුනක් තිස්සේ කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා ගත නොහැකිව කටුනායක ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි පිලිපීන ජාතිකයක් (34) පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
ඔහු ඉකුත් 13 වැනි දා තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණියේ කටාර් රාජ්‍යයේ තාක්ෂණවේදියකු ලෙස රැකියාවක නිරතවිමටය.
ඔහු මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා තෝරා ගෙන තිබුණේ, කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ඍජු ගුවන් ගමන් සේවා පැවතීමත් , වෙනත් ගුවන් සේවා වලට සාපේක්ෂව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මිල ගණන් අඩු වීමත් වේ.
ඒ අනුව 14 වැනි දා ඔහු කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත යෑමට ශ්‍රී ලන්කන් ගුවන් යානය වෙත ගිය ද එම ගුවන් යානය අවශ්‍ය මගීන්ගෙන් පිරී පැවතීම නිසා, ඔහුට එම යානය ප්‍රතික්ෂේප වී ගමන් කිරිමට නොහැකිවිය.
එතැන් සිට ඔහු මේ වනතුරුත් කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දිය නොහැකිව කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයට වී බලා සිටින අතර , ඔහු පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවය හෝ ගුවන් තොටුපොළ බලධාරීන් කිසිදු සොයා බැලීමක් සිදු කර නොතිබිණි .
මේ අතර අද (17) උදෑසන තම සොහොයුරාගේ හදිසි අතුරුදන් වීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම පිලිපීන ජාතිකයාගේ සොහොයුරියක් කටාර් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු අතර ඇය මෙම සිදිධිය ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට පවසා තිබේ .
ජාත්‍යන්තර නීතිය අනුව පැය 12 කට වඩා කිසිදු පුද්ගලයකු, නීතිමය අවසරයකින් තොරව රඳවා තබා ගෙන සිටීම තහනම් කටයුත්තකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් තුනක් අපෙයි ආරක්ෂක අංශ බුද්ධි ප්‍රධානියා ඉවත් කළ යුතුයි. අයිඑස් අයිඑස් වැනි කණ්ඩායමක් ඇවිත් හිටියත් දන්නේ නැහැ. ගුවන් තොටුපළේ ආරක්ෂාව හරි අගෙයි නේද?
කවුරුවත් ගන්නේ නැත්තේ මේ වගේ වැඩ හින්ද තමයි..
ආගමන විගමන නිලධාරීන් රුපියල් 100 ත් පගා ගන්නවා. මම දැකපු දෙයක් ඉන්දියන් ජාතිකයෙක් තමන්ගේ පාස්පෝර්ට් ඇතුළේ රුපියල් 100 කොළයක් තියලා එමිග්‍රේෂන් ඔෆිසර්ලාට දෙනවා. එතුමා නෝන්ඩි නැතුව අරගෙන පාස්පෝර්ට් එකට සෙට් කරලා දෙනවා.. මේ සිදුවීම මම ඇස්වලින් දැකපු දෙයක්.. ඒ වෙලාවේ ලැජ්ජා හිතුනා අපේ රට ගැන...
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බරපතල වරදක්. ස්වේච්චා නොවෙන අවස්ථාවක ගුවන් යානයකින් ඉවත් කිරීමේදී මගියාට හෝටලයක් ආහාර සහ දුරකථන ඇමතුම් ලබාදෙන්න සමාගම ජ්‍යාත්‍යන්තර නීති අනුව බැදී සිටිනවා. මීට ගුවන් සේවයට එරෙහිව නීතිය ඉදිරිපිටට ගියහොත් ඇති විශාල වන්දියක් ගෙවන්න වේවි. ශ්‍රී ලංකන් යනු ස්වේච්චා නොවෙන අවස්ථාවක ගුවන් යානයකින් ඉවත් කිරීමේදී නියමිත පටිපටියාවත් පැහැදිලි කර නොදෙන ඉතාම කුඨ ගුවන් සමාගමක්. මේ ගැන ජාතික සිවිල් ගුවන් අධිකාරිය ක්‍රියාත්මක විය යුතුයි කඩිනමින්.
මමත් ලඟදි මැද පෙරදිග ආවා. පැය එකහමාරක් ටිකෙට් එක ගන්න පෝලිමේ හිටිය .. විදේශිකයෙක් ඇහුව හැමදාම මෙහෙමද කියල .. දුරකථන ඇමතුම් ගන්න බෑ ඔක්කොම කැඩිලා .. පාන්දර 3 වෙනකොට ගොඩක් අය පුටුවල නිදි .. මේවා හොයන්න බල්ලෙක් වත් නෑ.. රට යන එන මිනිස්සු ගැන බල්ලන්නේ හරිම කැත විදිහට. නිලධාරින්ට පුදුම ලොකු කමක් ගහල තියෙන්නේ.
ජාත්‍යන්තර නීති අපේ යහපාලන රජයට අදාළ නොවේ. බලාගෙනයි කට්ටිය ශ්‍රීලන්කන් සභාපතිට මේ ගැන මොකවත් කියන්නේ එහෙම නෑ.
මොන තරම පව්ද , මේක සිංහල බෞද්ධ රටක් කියල මහා ලොකුවට කියවනවානේ , මේ අහිංසකයට කන්න දෙයක් දෙන්න කව්රුත් හිටියේ නැද්ද?
පැරකුම්, මේවා වහාම හදාගත යුතුයි. මේවා හදා ගන්න තමයි යහපාලනය පොරොන්දු වුනේ. හැබැයි මතක තියා ගන්න! අර කාටද කොහෙටද යන්න ඕන වුනාම, ප්ලේන් හරවල ගෙන්න ගත්ත කාලෙට වඩා ටිකක් වෙනස්.
ගුවන් තොටුපල ආරක්ෂක අංශය.. පර්යන්ත බාර නිලධාරි ගුවන් සමාගම... මහජන සම්බන්ධතා නිලදාරින්... එකී මෙකී නොකී සැමදෙන සුවනින්දේ. නුසුදුස්සෝ කීදෙනෙක් පත්වීම් ලබලාද?
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු ළඟදි මොනවද ගෙනාවා වගේ මතකයි.
මනුස්සයෙක් දින 3 ක් තිස්සේ කෑමත් නැතුව ඉන්න කොට කිසිඳු අාහාරයක් නොදුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සහ ශ්‍රී ලාංකිකයන්ට ගොඩක් ස්තුතියි. ශ්‍රී ලංකා ගුවන් සේවයට සේවකයන් බඳවා ගැනීමේදී මීටත් වැඩිය සැලකීමක් කිරීමට අවශ්‍යය. නිසි පුහුණුවක් විශේෂයන්ම, මොකද අපේ රට විදේශිකයින්ට ඉම්ප්‍රෙෂන් හම්බවන්නේ ගුවන් තොටුපලකිනි. ආගමන, විගමන කවුන්ටර්ස් ශ්‍රී ලාංකිකයින්ට වෙනම පිවිසුමක් තිබිය යුතුය. ඒ වගේ කළමනාකාරිත්වයක් අපේ රටේ ගුවන් කර්මාන්තයේ නැත. එ්ත් ඩියුටි ෆ්‍රී කඩවල් වල ඉන්න අය පිටකොටුව පේමන්ට්ස් වලට අයට අන්තයි. අනිත් එක ටැක්සි සර්විස් එක - පට්ටම, පට්ට බොරු කියලා ඒසී වෑන්, කාර් කියලා දෙන්නේ හුචක්කු වගේ වාහන... වාහන රියදුරුලත් ඒ වගේ, ඒ අය අපෙන් අහනවා බෝතල් ගේනවද, සිගරට් ගේනවද? (අපෙන් එහෙමනං විදේශිකයන්ට කොහොම ඇද්ද ? ) අනිත් එක ට්‍රොලි තල්ලු කරන අය - අපි එයාර්වේස් වෙනම ගෙවලා වීල් චෙයාර් සර්විස් එක ගත්තා අපේ අම්මට, තල්ලු කරන් අාපු එක අපිට බාර දෙනකම්ම අපේ අම්මගෙන් බෑග් එකේ තියෙන දේවල් ඉල්ලනවලු.. එහෙනං හිතා ගන්න පුළුවන්නේ විදේශිකයන්ගේ තත්වේ.
මා දන්නා පරිදි ලෝකයේ තිබෙන අවිනීත ගුවන් සේවය මෙයයි. මගීන් රස්තියාදු කිරීම පැය ගණන් සමහරවිට දවස් ගණන්, කිසිම සේවාවක් ලබා නොදීම, නුපුහුණු නොගැලපෙන සේවක සේවිකාවන් දේශපාලන පත්වීම් ලබාදි සේවය පහත් තත්වයට දැමීම, මගින්ට කිසිඳු තොරතුරක් ලබා නොදීම, දේශපාලකයන් ප්‍රමාද වී පැමිණෙන තුරු ගුවන් යානය ප්‍රමාද කිරිම, මම දන්න කෙනෙකුටවත් මේ සේවයේ ගමන් නොකිරීමට අවවාද කරමි.
ලංකාවේ රාජ්‍ය සේවය ගැනනම් කියලා වැඩක් නෑ. මේවා සියල්ල පුද්ගලිකරණය කරන්න.
මේවා දැන් පාලනය කොළඹ හතේ රෝයල් පාලනය වසිකිළිවල වතුර නැහැ. ටොයිලට් පේපර් ද මොනවදලුනේ තියෙන්නේ? කුරුඳු වත්තේ එහෙමලු.. අහිංසක දුප්පත් ජනතාව ඇඹරෙනවා...එළියට පහළියට යන්න බැරුව.
විශාල ලෙස මූල්‍ය අර්බුදයකට මැදි වෙලා ඉන්න ගුවන් සමාගමේ පරිපාලනය බිඳ වැටීම අරුමයක් නොවේ. දැන් මේකේ අධිපතියන් ඔක්කොම රෝයල් වැටුප මසකට එක්කෙනෙකුට ලක්ෂ 38 ක් අවම.. අනික් අයට පශ්චාත් භාගය සෝදාගන්න තිබූ පහසුකමුත් කපලා දමලා.. ඔබලා නිහඬ ඇයි?
කෝ මේ රජයෙන් හොඳ පඩි ගන්න ඩියුටි මැනේජර්ලා... සිකුරුටිලා..
ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය මේ ගැන වගකිව යුතුයි ... රටටම අපකීර්තියක්.
හැමදෙනාම කියන දේවල් යම් ඇත්තක් නැතුව නොවේ. නමුත් මගියාටත් වගකීමක් තියනවා තමන්ට යම් අපහසුතාවයක් වුණා නම් ඒ සඳහා අදාල නිලධාරියකුට කරුණු පැහැදිලිකරලා දෙන්න. ඒ වගේම ගුවන් යානය තුල සිදුවී ඇති මෙම සිදුවීම බරපතල වරදක්.. එවිට එම තැනැත්තාට කරුණු පැහැදිලිකර එම මගියා අදාල නිලධාරියාට බාරදීම වඩාත් නිවැරදි ක්‍රමයයි. නිසි ක්‍රම හා විධි තිබියදී අහිසක මගියන් මෙලෙස අපහසුතාවට පත් කිරීම නම් අනුමතකල නොහැක. නමුත් වැරදීම් සිදුවියහැක. නමුත එය නිවැරැදි නොකිරීම කණගාටුවට කරුණකි.
මමත් කීප වරක් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගිහින් තියෙනවා. නමුත් කලින් තිබුණු ශ්‍රී ලංකන් ගුවන් සේවයෙයි දැන් වර්තමාන ගුවන් සේවයයි වෙනස්. කලින් හිටපු ගුවන් සේවකාවන්සේම නිලධාරින් හරිම සුහදයි. නමුත් දැන් ඊට සම්පුර්ණයෙන්ම වෙනස්... එ්ක මට තේරුණා ළඟදි ගිහින් අපු වෙලාවේ....
ඔය පිලිපීන ජාතිකයෙකුට වෙච්ච දෙයක් නමුත් ශ්‍රී ලාංකිකයෙකුට වෙන දේවල් ඔයිට වඩා අන්තයි. දැන් මිනිහගේ රැකියාවට කවුද වග කියන්නේ? කටුනායක එයාර්පොර්ට් එකේ වැඩ කරන අය හිතන් ඉන්නේ ඕක ඒ අයගේ අම්මගේ අප්පාගේ බූදලයක් කියලා. කිසිම මගියෙක් කියන දෙයකට ඇහුන්කන් දෙන ජාතියේ අය ඔතන නැහැ. කවුරුත් ලොකු අයත් නැහැ. මිනිස්සු අන්ත අසරණ කරන තැන තමයි කටුනායක එයාර්පොර්ට් එක. මැදපෙරදිගවත් නැහැ ඔවැනි ගුවන් තොටුපලක්. හිතන් ඉන්නේ මිනිස්සු නිකන් ප්ලේන් එකේ යනවා කියලා... මේ අය ජීවත් වෙන්නේ අපේ සල්ලි වලින්... මිනිස්සුන්ට සලකන්නේ බල්ලෝ ගාණටයි.
මගේ අදහස පලවෙයිද කියන්න බැහැ. නමුත් කිව යුත්ත කිව යුතුයි. ශ්‍රී ලංකන් එකේ සේවය ගැන කියන්න දෙයක් නැහැ. 138 බස් එකක යනවට වඩා වෙනසකට තියෙන්නේ, ඉඳගන්න සීට් එකක් ලැබෙන එක විතරයි. අනෙක, ප්‍රතික්ෂේප වූ ගුවන් යානය වෙනුවට වෙනත් ගුවන් යානයක් ලබා දෙනතුරු, නවාතැන් ආහාර ලබාදීම අනිවාර්ය දෙයක්. අදාල මගියාගේ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් පල කරන්නේ කෙසේද? එය මාධ්‍ය වෙත ලබා දෙන්නේ කෙසේද? ගමන් බලපත්‍රය යනු අතිශය පෞද්ගලික දෙයකි...
ලාබ බඩුවේ හිලක් කියලනේ කියන්නේ...
මම නම් මගේ පරම හතුරෙකුටවත් ඔය ශ්‍රී ලංකන් එකේ නම් යන්න කියන්නේ නෑ. මා දන්නා පරිදි, කටාර් එයාර් සේවය ලංකාවට යන එන අයට හොඳ සේවයක් ලබා දෙනවා.
සාමාන්‍යයෙන් ඕනෑම ගුවන් සේවයක ඔබ ටිකට් වෙන් කරගෙන තිබෙනවා නම් අවම වශයෙන් පැය 24කට පෙර වෙබ් චෙක් ඉවත් කර ගැනීම වැදගත්. එවිට ඔබට බෝඩින් පාස් එසැනින් මුද්‍රණය කරගැනීමටත් අසුන් හිස් වී ඇතිනම් කැමති අසුනක් තෝරා ගැනීමේත් හැකියාව ලැබෙනවා. එමෙන්ම එවිට මේ අවාසනාවන්ත මඟියාට සිදුවූවාක් මෙන් (ගුවන් සේවය විිසින් ටිකට් ඕවර් සෙල් කිරීම නිසා) තම ගුවන් ගමන් කල් දැමීමට සිදුවීමත් වැළැක්වෙනු ඇති. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පැය 24 කට කලින් මේ පහසුකම ලබා දෙන අතර ඇතැම් විදේශීය ගුවන් සේවාවල පැය 48 කට කලින් මෙය සිදු කර ගත හැකියි. එවිට කාටවත් ඔබව ගුවන් යානයෙන් ඉවත් කරන්නට බැහැ.
මම දවසක් ගුවන්ගතවීමේ කාලයට පැය තුනක් වෙද්දී ගුවන්තොටුපලට වාර්තාකලා. මම මගේ බෑග් අරගෙන කවුන්ටරයට ගියාම ගුවන් සේවිකාව කියනවා ඔයා හෙට යන්න. අද ගුවන්යානයේ ඉඩ නැහැ. අපි ඔයාට දෙපසට නොමිලේ ගමන්වාරයක් ලබාදෙන්නම්... අද හෝටලයක නවාතැන් දෙන්නම් කියලා. මම කිව්ව මගේ රැකියාව ඔයාට දෙන්න බැහැනේ කියලා මට යන්න අවශ්‍යයි කියලා.