(ක.ග කරුණාරත්න)
රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැණ තර්ජනය කර පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද (24) නියෝග කළාය.
ඔහුට රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප දෙක බැගින් මහේස්ත්‍රාත්වරිය නියෝග කැරිණි.
මෙසේ ඇප මත මුදා හරින ලද්දේ පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ, පොලොන්නරුව ඕනැගම, කාලිංගඇල පදිංචි ඩබ්ලිව්. එම් සමිත්‍ර හේශාන්, සහ පොලොන්නරුව නවනගරය පදිංචි දෙනගමගේ චමින්ද යන තිදෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ගැහුවත් ඇප ලැබෙනවා නේද? අපි එහෙනම් කාටවත් බය නෑ. ප්‍රාදේශීය කට්ටියට විතරයි බය.
එක්කන් යන්නකෝ ආයුධ හංගලා තියන තැන හොයා ගන්න.
පෝහොට්ටුවට ඡන්දය දුන්න උගත් බුද්ධිමත් ඡන්දදායකයන්ට හරි ආඩම්බර ඇති මේ තරම් ඉක්මණට තමන්ගේ ඡන්දයේ ප්‍රතිඵල ලැබෙන කොට.