අවුරුදු දෙකක් වයසැති දියණිය සමග ග‍්‍රීසියේ සංචාරයක් සඳහා පිටත්වීම සඳහා උතුරු පෝලන්තයේ කැටොවිස් ගුවන් තොටුපොළට පැමිණි පෝලන්ත මවක හා පියා තම දරුවා ගුවන්තොටුපොළේ අතහැර දමා ගිය පුවතක් වාර්තා වේ. දරුවාගේ ගමන් බලපත‍්‍රය අවලංගුවීම නිසා දරුවා රැගෙන යෑමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ බලධාරීන් පැවසීමත් සමගම තම ගුවන් ගමන සඳහා ප‍්‍රමාද වන බැවින් ගුවන් තොටුපොළේ සිටින දරුවා රැගෙන යන්නැයි දුරකතනයෙන් නිවසට පවසා, ඔවුහු දෙදෙනා තම නිවාඩුව සඳහා ග‍්‍රීසිය බලා පිටත්ව ගියහ. කාත් කවුරුවත් නොමැතිව කවුන්ටරයක් අසල හඬමින් සිටින කුඩා දරුවා දුටු ගුවන් තොටුපොළ සේවිකාවක් දරුවා රැගෙන පොලිසියට බාරදී තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පෝල් බික් සිස්කෝ පවසනුයේ මෙම දෙමාපියන් නැවත පෝලන්තයට පැමිණි විගස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ඔවුන් සිදු කළ වරදට වසර පහක සිර දඬුවම් දිය හැකි බවත්, සියලූ සිදුවීම් ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇති බවත් ඔහු කියයි. දරුවා රැගෙන යෑමට ඇගේ මිත්තනිය පැමිණි නමුත් මවුපියන් ඇය අතහැර යෑමෙන් ඇතිවූ පීඩනය ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධ දන්නා තරම තමයි ඔය... දෙමාපියන් කැමතිනම් අද ඉපදුන ළමයටත් පාස්පෝර්ට් හදන්න පුළුවන්. (නි)
මේක පිළිගන්න අමාරුයි,පාස්පෝට් එකක් සාමාන්‍යයෙන් අවු,05 හෝ 10 ක් වලන්ගුනේ,නැත්නම් මවගේ පාස්පෝට් එකේනේ සදහන් කරන්නේ.බොරු නිවුස් එකක්.(වි)
මෙයාලට කිසිම දරු සෙනෙහසක් නැ වගෙයි .. (දී)
මේ ලෝකේ තියෙන කිසිම පාස්පෝට් එකක් අවුරුදු දෙකකින් අවලංගු වෙනවා කියලා මම නම් අහලා නැහැ. (නි)
මේක බොරුවට හදපු එකක්.... හොඳ ලස්සන නිව්ස් එකක් දෙන්න ඕනි නිසා. (අ)
මොකෝ මේ අපේ කට්ටියට තරහා ගිහිල්ලා තියෙන්නේ පෝලන්තයේ වුණු දෙයකට? මෙහේ වෙන ළමා අපචාර, මරණ පේන්නේ නැද්ද දන්නෙ නැහැ. (නි)
අලුත උපන් ළමයෙකුට දැන් වෙනම තනි පාස්පෝට් එක හදනවා..අවුරුදු දෙකක ළමයෙක්ව තම මෙහෙම දාලා ගියේ..දරු කැක්කුමක් නැති දෙමාපියෝ...පව් පොඩි දරුවා..හිරේ දාන්නනම ඕනා කල වැඩේට..මේක බොරු නිව්ස් එකක් නෙමේ.ඇත්ත එකක්. (අ)
ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ..(නු)
මෙම පුවත ඉතාලි පුවත් වෙබ් අඩවි වලත් පළවුණා, මෙය බොරුවක් නොවෙයි.අනික රටකින් රටකට ගමන් බලපත්‍ර නීති වෙනස් බව සමහරු නොදන්නා බව ඉහත අදහස් පලකල සමහර අයගෙන් වැටහෙනවා.(වි)
පෝලන්ත අය හරිම පුදුම ජාතියක්. (නි)
මගේ දරුවට මාස 7යි අනෙක් දරුවට අවුරුදු තුනයි.. දෙන්නටම ශ්‍රී ලංකා පාස්පෝට් තියෙනවා..!!(නු)
හොද වෙලාවට ලංකාව දාලා නොගියේ. නැත්නම් මෙලහකට පොඩි එකා ඉවරයි. (නි)
මොන හිතකින්ද දාලා ගියේ... පුදුම මිනිස්සු..!!(නු)
මේ ලෝකේ තියෙන කිසිම පාස්පෝට් එකක් අවුරුදු දෙකකින් අවලංගු වෙනවා කියලා මමත් අහලා නැහැ. සමහර විට ළමයට පාස්පෝර්ට් එකක් හදල නැතිවෙන්න පුළුවන්, එහෙම නැත්නම් ළමයාගේ විස්තර අම්මගේ පාස්පෝර්ට් එකේ ඇතුළත් කරලා නැතුව ඇති. (නි)
මේ දෙමව්පියන්ට දඩුව්ම් දෙන විදිය ලෝකෙටම පෙන්නන්න ඕන...(නු)
ශා මේකත් මාර වැඩක් (දී)
උදාර, දාල ගියේ තාත්තා නම් එයා ගෑනත් බලා ගන්නවද? (නි)
මේ අම්මව මා ළඟට එවුවා නම් මේ වගේ දරුවන් දාලා යනවට මම මේ අම්මට හොඳ බෙහෙතක් කරනවා. (නි)
දරුකමක් දන්නේ නැති නැති දෙමාපියෝ .මේ වගේ අය අපේ රටෙත් ඉන්නවා....(ස)
පෝලන්තයේ අවුරුදු 5 ට අඩු ළමයකුට මාස 12 පමණක් වලංගු තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. http://www.paszporty.mswia.gov.pl/portal/#Osoby2 (නි)
පිටරටනං පුවත් නැතිවුනාම ජනප්‍රිය වෙන්න මේ වගේ ඒවා හදලා දානවා..!!(නු)
දරුවෝ නැතිව මොන නිවාඩුද. මම කලින් ඇමරිකා ගිහින් තියෙනවා තනියම . නමුත් ගියසතියේ ගියා දරුවොත් එක්ක . එක මොනතරම් සුන්දරද. මේ නම් පව්කාර දෙමව්පියෝ. (නු)
මේක කළේ ගුවන්තොටුපල නිලධාරීන්.. කොයි ගුවන්තොටුවල නිලධාරීනුත් එකයි.. ලංකාවෙත් ඉන්නවා මේ වගේ අය..(නු)
මෙහෙම දේවල්ද අපේ රටේ වෙන්නෙ...!!(නු)
අවුරුදු දෙකේ ළමයෙකුගෙ පාස්පෝට් කැඩෙන්නෙ නැහැ.. අවුරුදු 12ක් වයසැති දියණියක් වෙන්න ඇති... (නු)
දරුවො මල් වගේ කිසිම දෙයක් දන්නේ නැහැ..හැගීම් දැනීම් නැති අය තමයි මෙහෙම කරන්නෙ...!!(නු)