IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පෝලන්ත ජෝඩුවට නිවාඩුව ලොකුවේ

අවුරුදු දෙකක් වයසැති දියණිය සමග ග‍්‍රීසියේ සංචාරයක් සඳහා පිටත්වීම සඳහා උතුරු පෝලන්තයේ කැටොවිස් ගුවන් තොටුපොළට පැමිණි පෝලන්ත මවක හා පියා තම දරුවා ගුවන්තොටුපොළේ අතහැර දමා ගිය පුවතක් වාර්තා වේ. දරුවාගේ ගමන් බලපත‍්‍රය අවලංගුවීම නිසා දරුවා රැගෙන යෑමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ බලධාරීන් පැවසීමත් සමගම තම ගුවන් ගමන සඳහා ප‍්‍රමාද වන බැවින් ගුවන් තොටුපොළේ සිටින දරුවා රැගෙන යන්නැයි දුරකතනයෙන් නිවසට පවසා, ඔවුහු දෙදෙනා තම නිවාඩුව සඳහා ග‍්‍රීසිය බලා පිටත්ව ගියහ. කාත් කවුරුවත් නොමැතිව කවුන්ටරයක් අසල හඬමින් සිටින කුඩා දරුවා දුටු ගුවන් තොටුපොළ සේවිකාවක් දරුවා රැගෙන පොලිසියට බාරදී තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පෝල් බික් සිස්කෝ පවසනුයේ මෙම දෙමාපියන් නැවත පෝලන්තයට පැමිණි විගස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ඔවුන් සිදු කළ වරදට වසර පහක සිර දඬුවම් දිය හැකි බවත්, සියලූ සිදුවීම් ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇති බවත් ඔහු කියයි. දරුවා රැගෙන යෑමට ඇගේ මිත්තනිය පැමිණි නමුත් මවුපියන් ඇය අතහැර යෑමෙන් ඇතිවූ පීඩනය ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පෝලන්ත ජෝඩුවට නිවාඩුව ලොකුවේ

චමි සෞදි අරාබිය Tuesday, 31 July 2012 01:04 PM

අනුරාධ දන්නා තරම තමයි ඔය... දෙමාපියන් කැමතිනම් අද ඉපදුන ළමයටත් පාස්පෝර්ට් හදන්න පුළුවන්. (නි)

:       0       0

ලාල් ගලබඩ Tuesday, 31 July 2012 01:43 PM

මේක පිළිගන්න අමාරුයි,පාස්පෝට් එකක් සාමාන්‍යයෙන් අවු,05 හෝ 10 ක් වලන්ගුනේ,නැත්නම් මවගේ පාස්පෝට් එකේනේ සදහන් කරන්නේ.බොරු නිවුස් එකක්.(වි)

:       0       0

හරින් ජයලත් Monday, 06 August 2012 09:58 AM

මෙයාලට කිසිම දරු සෙනෙහසක් නැ වගෙයි .. (දී)

:       0       0

මේනක Wednesday, 01 August 2012 07:13 AM

මේ ලෝකේ තියෙන කිසිම පාස්පෝට් එකක් අවුරුදු දෙකකින් අවලංගු වෙනවා කියලා මම නම් අහලා නැහැ. (නි)

:       0       0

ලලිත් ජයවර්ධන Tuesday, 31 July 2012 03:00 PM

මේක බොරුවට හදපු එකක්.... හොඳ ලස්සන නිව්ස් එකක් දෙන්න ඕනි නිසා. (අ)

:       0       0

ප්‍රවීන් Wednesday, 01 August 2012 08:47 AM

මොකෝ මේ අපේ කට්ටියට තරහා ගිහිල්ලා තියෙන්නේ පෝලන්තයේ වුණු දෙයකට? මෙහේ වෙන ළමා අපචාර, මරණ පේන්නේ නැද්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

ෂානි Tuesday, 31 July 2012 03:10 PM

අලුත උපන් ළමයෙකුට දැන් වෙනම තනි පාස්පෝට් එක හදනවා..අවුරුදු දෙකක ළමයෙක්ව තම මෙහෙම දාලා ගියේ..දරු කැක්කුමක් නැති දෙමාපියෝ...පව් පොඩි දරුවා..හිරේ දාන්නනම ඕනා කල වැඩේට..මේක බොරු නිව්ස් එකක් නෙමේ.ඇත්ත එකක්. (අ)

:       0       0

අමිල කටුනායක Tuesday, 31 July 2012 03:25 PM

ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ..(නු)

:       0       0

මාලන් පෙරේරා Tuesday, 31 July 2012 03:29 PM

මෙම පුවත ඉතාලි පුවත් වෙබ් අඩවි වලත් පළවුණා, මෙය බොරුවක්‍ නොවෙයි.අනික රටකින් රටකට ගමන් බලපත්‍ර නීති වෙනස් බව සමහරු නොදන්නා බව ඉහත අදහස් පලකල සමහර අයගෙන් වැටහෙනවා.(වි)

:       0       0

පකීර් Wednesday, 01 August 2012 10:31 PM

පෝලන්ත අය හරිම පුදුම ජාතියක්. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 31 July 2012 04:29 PM

මගේ දරුවට මාස 7යි අනෙක් දරුවට අවුරුදු තුනයි.. දෙන්නටම ශ්‍රී ලංකා පාස්පෝට් තියෙනවා..!!(නු)

:       0       0

බණ්ඩාර Wednesday, 01 August 2012 10:47 AM

හොද වෙලාවට ලංකාව දාලා නොගියේ. නැත්නම් මෙලහකට පොඩි එකා ඉවරයි. (නි)

:       0       0

අමරා අයිරංගනී Tuesday, 31 July 2012 05:25 PM

මොන හිතකින්ද දාලා ගියේ... පුදුම මිනිස්සු..!!(නු)

:       0       0

තරංග Wednesday, 01 August 2012 11:50 AM

මේ ලෝකේ තියෙන කිසිම පාස්පෝට් එකක් අවුරුදු දෙකකින් අවලංගු වෙනවා කියලා මමත් අහලා නැහැ. සමහර විට ළමයට පාස්පෝර්ට් එකක් හදල නැතිවෙන්න පුළුවන්, එහෙම නැත්නම් ළමයාගේ විස්තර අම්මගේ පාස්පෝර්ට් එකේ ඇතුළත් කරලා නැතුව ඇති. (නි)

:       0       0

අනුර ප්‍රියන්ත Tuesday, 31 July 2012 10:31 AM

මේ දෙමව්පියන්ට දඩුව්ම් දෙන විදිය ලෝකෙටම පෙන්නන්න ඕන...(නු)

:       0       0

ෆාරු Tuesday, 31 July 2012 10:33 AM

ශා මේකත් මාර වැඩක් (දී)

:       0       0

අමිල-ඩුබායි Thursday, 02 August 2012 01:10 AM

උදාර, දාල ගියේ තාත්තා නම් එයා ගෑනත් බලා ගන්නවද? (නි)

:       0       0

උදාර Wednesday, 01 August 2012 12:21 PM

මේ අම්මව මා ළඟට එවුවා නම් මේ වගේ දරුවන් දාලා යනවට මම මේ අම්මට හොඳ බෙහෙතක් කරනවා. (නි)

:       0       0

උදයකාන්ත‍.. Tuesday, 31 July 2012 11:18 AM

දරුකමක් දන්නේ නැති නැති දෙමාපියෝ .මේ වගේ අය අපේ රටෙත් ඉන්නවා....(ස)

:       0       0

රඛිත Thursday, 02 August 2012 09:02 AM

පෝලන්තයේ අවුරුදු 5 ට අඩු ළමයකුට මාස 12 පමණක් වලංගු තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. http://www.paszporty.mswia.gov.pl/portal/#Osoby2 (නි)

:       0       0

සහන් දසනායක Tuesday, 31 July 2012 08:21 PM

පිටරටනං පුවත් නැතිවුනාම ජනප්‍රිය වෙන්න මේ වගේ ඒවා හදලා දානවා..!!(නු)

:       0       0

අබේ , කැනඩාව Tuesday, 31 July 2012 08:30 PM

දරුවෝ නැතිව මොන නිවාඩුද. මම කලින් ඇමරිකා ගිහින් තියෙනවා තනියම . නමුත් ගියසතියේ ගියා දරුවොත් එක්ක . එක මොනතරම් සුන්දරද. මේ නම් පව්කාර දෙමව්පියෝ. (නු)

:       0       0

වරුණ Tuesday, 31 July 2012 12:14 PM

මේක කළේ ගුවන්තොටුපල නිලධාරීන්.. කොයි ගුවන්තොටුවල නිලධාරීනුත් එකයි.. ලංකාවෙත් ඉන්නවා මේ වගේ අය..(නු)

:       0       0

චමල් Tuesday, 31 July 2012 09:04 PM

මෙහෙම දේවල්ද අපේ රටේ වෙන්නෙ...!!(නු)

:       0       0

අනුරාධ ඉතාලිය Tuesday, 31 July 2012 12:34 PM

අවුරුදු දෙකේ ළමයෙකුගෙ පාස්පෝට් කැඩෙන්නෙ නැහැ.. අවුරුදු 12ක් වයසැති දියණියක් වෙන්න ඇති... (නු)

:       0       0

ඉරුක Tuesday, 31 July 2012 10:09 PM

දරුවො මල් වගේ කිසිම දෙයක් දන්නේ නැහැ..හැගීම් දැනීම් නැති අය තමයි මෙහෙම කරන්නෙ...!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site