IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පිලැන්ඩර් ශී‍්‍ර ලංකා පිල අසරණ කර දමයි

සිය ටෙස්ට් දිවියේ පළමු වතාවට ටෙස්ට් තරගයකදී කඩුලූ 10 ක් දවාගත් වර්නන් පිලැන්ඩර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවමින් සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 81 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ. මෙම තරගයේදී ලද ජයත් සමගින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අපි‍්‍රකාව සමත් විය. පළමු ඉනිමේදීම අසාර්ථක වූ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 231 ක ඉලක්කයක් කරා යාමේ අභියෝගයක් ලැබිණ. එහෙත් ලකුණු 37 ක් තුළදී ඉදිරි පෙළ කඩුලූ හතරක්ම අහිමි කරගත් ශී‍්‍ර ලංකා පිලට අඩුතරමේ සිව්වැනි දිනය දක්වාහෝ තරගය ගෙන යා නොහැකි විය. මහේල ජයවර්ධන, ලකුණු 15 ක් ලබා සිටියදී ජැක් කලිස්ගේ පන්දුවක් හමුවේ සිය 10,000 වැනි ටෙස්ට් ලකුණු කරා දිවගියද, සැණෙකින් ඉදිරියට දිවැවිත් පන්දුව අහුළාගත් කලිස් එය පන්දු යවන්නාගේ අන්තයට දමා ගැසුවේ මහේලගේ ගමන ලකුණු 9999 න් නතර කරමිනි. වේග පන්දු යවන්නන්ට අගනා සහයෝගයක් දුන් කඩුලූ රකින කී‍්‍රඩක මාක් බවුචර්, ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේදී උඩපන්දු හයක් රැකගනිමින් ශී‍්‍ර ලංකා පිල ලකුණ 150 කට සීමා කිරීමට විශාල මෙහෙවරක් කළේය. ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේදී දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් හමුවේ යම් තරමකට හෝ කෙලින් සිටියේ තිලාන් සමරවීර (32) සහ පසුපෙළ පිතිකරුවන් පමණි. කෞෂාල් සිල්වා (17), තිසර පෙරේරා (21) සහ රංගන හේරත් (23) කෙතෙක් උත්සාහ කළද ඉනිමක පරාජයෙන් ගැලවීමේ ඉසව්ව කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන යා නොහැකි විය. තරගය පුරාම ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට මහත් හිසරදයක් වූ වර්නන් පිලැන්ඩර් දෙවැනි ඉනිමේදීත් ලකුණු 49 කට කඩුලූ 5 ක් දවාගත් අතර මෙම තරගයේදී ලකුණු 102 කට කඩුලූ 10 ක් බිඳ දැමීය. ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ඩර්බන් නුවරදී ආරම්භ වේ. වර්නන් පිලැන්ඩර්ගේ පන්දුවකින් ගැලවීමට උත්සාහ කරන කෞෂාල් සිල්වා.. කුමාර් සංගක්කාර දවාගැනීමේ සතුට පළකරන වර්නන් පිලැන්ඩර්



අදහස් (0)

පිලැන්ඩර් ශී‍්‍ර ලංකා පිල අසරණ කර දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site