රාජගිරිය, පොල්දූව පාලම යට දිය නාමින් සිටි වයස අවුරුදු 65 ක පමණ පුද්ගලයකුගේ මළ සිරුර සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් අදාළ පුද්ගලයා දිය පහරකට හසුවීමෙන් මිය යන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පිහිනුම් තටාකයේ තිබී එම විදුහලේම ආදි සිසුවකුගේ (50) මළ සිරුරක් හමුවී ඇතැයි පොලිසිය පවසයි.

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වශයෙන් දිය ක්‍රීඩා සඳහා මොහු නිතිපතා තර්ස්ටන් පිහිනුම් තටාකටයට පැමිණෙන බවත් කියති.

වීඩියෝ - සනත් ඩෙස්මන්