අද පෙරවරු 11 වන විට ඡන්දය දුන් සංඛ්‍යාව 25% නොඉක්මවන බව පොළොන්නරුව දිසාපති කාර්යාල ආරංචි කියයි.

ජනපතිවරණයේදී මීට වැඩි උනන්දුවක් තිබූ බව නිරීක්ෂකයෝ කියති. මෛත්‍රිපාල සිරිසේන ජනපති පොළොන්නරුව නව නගරයේ ශ්‍රී විද්‍යාලෝක විහාරයේ ඡන්ද මධ්‍යස්ථානයේදී අද පස්වරුවේ ඡන්දය දීමට නියමිතය.

මේ අතර අද උදේ 9.30 වන විට පුත්තලම් දිස්ත්‍රික්කයේ ඡන්දය දුන් සංඛ්‍යාව 20% ඉක්ම නොවූ බව පුත්තලම තේරීම් භාර නිලධාරී එන්.එච්.එන්.චිත්‍රානන්ද මහතා කියයි.