පොළොන්නරුව තරුණ බෞද්ධ සමිතිය සංවිධානය කරණ බත් දන්සල අද පොළොන්නරුව පරාක්‍රමසමුද්‍රය අසළ ඓතිහාසික වටදාගෙය ඉදිරිපිට දී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කැරිණි. 50 වැනි වරට පැවැත්වෙන මේ දන්සල ආරම්භකරමින් ජනාධිපතිවරයා මහා සංඝරත්නයට දන් පිළිගැන්වීය. දින හතරක් පුරා දිවා රාත්‍රී මේ බත් දන්සල පැවැත්වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර නිහතමානි සරල රාජ්‍ය නායකයෙක්ද ? ඔය දේවල් වලට ආවාහ විවාහ වුන තැනුත් බලපානවා. (බ)
හොද දෙයට හොදක් නොකියන කුහක මිනිස්සු දාන අදහස් දැක්කම ලජ්ජා හිතෙනවා.(බ)
මාසයකට කෝටියක විතර වැටුපක් හම්බවෙනවා නම් මම හැමදාමත් දන්සල් දෙනවා (නි)
මේවා දෙන්නේ තමන්ගේ මුදලින් නම් මෙය අගය කරමි (නි)
මේ දන්සැල් දෙන්නේ රජයේ මුදලින් නෙමෙයි නේද? (නි)
සාධු සාධු සාධු!!! (නි)
අපේ ගැමිකම තේරෙන මෙවැනිම නිහතමානී අගමැති කෙනෙකුත් අපිට ලැබුනොත් ලෝක හොරුන්ගේ පාරාදීසයක් උන ලංකාව ගොඩදාගන්න බැරි වෙන එකක් නැහැ (නදී)
පෝයදාටවත් සුදු ඇන්ඳා නම් සතුටුයි.මේකටත් දේශපාලනය? (නි)
හිටපු ජනාධිපතිතුමා හිටියා නම් අරලියගහ මැදුරේ ලොකු දන්සලක් දකින්න තිබුනා රජයේ වියදමෙන්. හැබැයි පැරදුනාට පස්සේ එතුමා සත පහක්වත් තමන්ගේ පුද්ගලික මුදල් වැයකරලා පොඩි දන්සලක්වත් දුන්නා කියලා ආරංචියක්වත් නැහැ (නි)
මේ වගේ දෙයකට දායකවුණ එක නම් හොඳයි. (නි)
පසුගිය කාලේ දුන්න දන්සලක් වගේද ? (නදී)
පෝය දාට සුදු ඇන්දානම් කොතරම් හොඳද? දහජරා දේශපාලනය හැමතැනම! (ම)
තිලංග, තිලක් මහත්වරුනි, මෙම දන්සල පැවැත්වුයේ මෛත්‍රිපාල පදනමෙන් නොවෙයි. පොළොන්නරු තරුණ බෞද්ධ සමිතියෙනුයි සංවිධානය කළේ. මෙතනදී රජයේ මුදල් වියදම් කරලා නැහැ. ඒවා කලේ මහින්ද මහත්තයාගේ කාලේ. (ම)
1948 නිදහස ලත් දා සිට මේ රටේ පීඩිත ජනතාව ධනපති පන්තියට දන්සැල් දෙනවා. එක එක කාලෙක එක එක බේගල් ඇද බා මේ අය දුප්පත් ජනතාවගේ දේ දනට ගන්නා මුවාවෙන් මංකොල්ල කනවා.(ම)