පොළොන්නරුව තරුණ බෞද්ධ සමිතිය සංවිධානය කරණ බත් දන්සල අද පොළොන්නරුව පරාක්‍රමසමුද්‍රය අසළ ඓතිහාසික වටදාගෙය ඉදිරිපිට දී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කැරිණි. 50 වැනි වරට පැවැත්වෙන මේ දන්සල ආරම්භකරමින් ජනාධිපතිවරයා මහා සංඝරත්නයට දන් පිළිගැන්වීය. දින හතරක් පුරා දිවා රාත්‍රී මේ බත් දන්සල පැවැත්වෙයි.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුලතිසි පුර මහ බත් දන්සල ඇරඹේ
ෂෙහාන් Wednesday, 03 June 2015 06:21 AM
කොච්චර නිහතමානි සරල රාජ්‍ය නායකයෙක්ද ? ඔය දේවල් වලට ආවාහ විවාහ වුන තැනුත් බලපානවා. (බ)
මොහාන් Wednesday, 03 June 2015 06:21 AM
හොද දෙයට හොදක් නොකියන කුහක මිනිස්සු දාන අදහස් දැක්කම ලජ්ජා හිතෙනවා.(බ)
සුරේන් Wednesday, 03 June 2015 06:56 AM
මාසයකට කෝටියක විතර වැටුපක් හම්බවෙනවා නම් මම හැමදාමත් දන්සල් දෙනවා (නි)
තිලංග Tuesday, 02 June 2015 05:13 PM
මේවා දෙන්නේ තමන්ගේ මුදලින් නම් මෙය අගය කරමි (නි)
තිලක් Tuesday, 02 June 2015 05:17 PM
මේ දන්සැල් දෙන්නේ රජයේ මුදලින් නෙමෙයි නේද? (නි)
විජේතුංග Tuesday, 02 June 2015 08:40 PM
සාධු සාධු සාධු!!! (නි)
සුදෙල්මි Wednesday, 03 June 2015 08:55 AM
අපේ ගැමිකම තේරෙන මෙවැනිම නිහතමානී අගමැති කෙනෙකුත් අපිට ලැබුනොත් ලෝක හොරුන්ගේ පාරාදීසයක් උන ලංකාව ගොඩදාගන්න බැරි වෙන එකක් නැහැ (නදී)
සාරංගි Wednesday, 03 June 2015 12:25 AM
පෝයදාටවත් සුදු ඇන්ඳා නම් සතුටුයි.මේකටත් දේශපාලනය? (නි)
කැනඩා දිසා Wednesday, 03 June 2015 12:33 AM
හිටපු ජනාධිපතිතුමා හිටියා නම් අරලියගහ මැදුරේ ලොකු දන්සලක් දකින්න තිබුනා රජයේ වියදමෙන්. හැබැයි පැරදුනාට පස්සේ එතුමා සත පහක්වත් තමන්ගේ පුද්ගලික මුදල් වැයකරලා පොඩි දන්සලක්වත් දුන්නා කියලා ආරංචියක්වත් නැහැ (නි)
අමල් Wednesday, 03 June 2015 01:31 AM
මේ වගේ දෙයකට දායකවුණ එක නම් හොඳයි. (නි)
දුමින්ද Wednesday, 03 June 2015 01:50 AM
පසුගිය කාලේ දුන්න දන්සලක් වගේද ? (නදී)
පුෂ්පා Wednesday, 03 June 2015 03:28 AM
පෝය දාට සුදු ඇන්දානම් කොතරම් හොඳද? දහජරා දේශපාලනය හැමතැනම! (ම)
අජිත් කරුණාරත්න Wednesday, 03 June 2015 03:33 AM
තිලංග, තිලක් මහත්වරුනි, මෙම දන්සල පැවැත්වුයේ මෛත්‍රිපාල පදනමෙන් නොවෙයි. පොළොන්නරු තරුණ බෞද්ධ සමිතියෙනුයි සංවිධානය කළේ. මෙතනදී රජයේ මුදල් වියදම් කරලා නැහැ. ඒවා කලේ මහින්ද මහත්තයාගේ කාලේ. (ම)
සම්පත් Wednesday, 03 June 2015 05:06 AM
1948 නිදහස ලත් දා සිට මේ රටේ පීඩිත ජනතාව ධනපති පන්තියට දන්සැල් දෙනවා. එක එක කාලෙක එක එක බේගල් ඇද බා මේ අය දුප්පත් ජනතාවගේ දේ දනට ගන්නා මුවාවෙන් මංකොල්ල කනවා.(ම)