ඉබ්බන් දස දෙනකු ගෝනියක දමාගෙන රැගෙන යමින් සිටි දෙදෙනෙක් වැල්ලම්පිටිය නගරයේදී අද දහවල් පොලිසිය විසින් අත්අඩගුවට ගනු ලැබූහ. ගෝනියේ මොනවාදැයි ඇසූ විට පොල් එහි ඇතැයි කීවත් පොලිසිය ගෝනිය ලිහා බැලුවේය. කොලොන්නාවේ වගුරු බිමකින් අල්ලාගත් බව කියන මේ ඉබ්බන් විකිණිම සඳහා රැගෙන යමින් සිටි බව පොලිසිය පවසයි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඒකට ඒගොල්ලන්ව පොලිසියෙන් අල්ලලා කූඩු කරලා හරියනවද? මේ වගේ මායාකාරයො තමයි අද කාලෙ අපේ රටට ඕනෑ කරන්නේ. පොල්, ඉබ්බො කෙරුවා නම්, ගල් , පාන් බවට හරවන්න බැරිවෙන එකක් නැහැ නොවැ. ඉතාමත් අගය කළයුතු ක්‍රියාවක්. හරිනම් රජය විසින් මේ අයට සහන සලසලා මේ හැකියාව වැඩි දියුණු කරගන්න උදවු කරන්න ඕනෑ නේද? ගල් 10ක් ගෝනියට දානවා, පාන් 10ක් එළියට ගන්නවා. (නි)
තුනපහ ටිකක් බැදලා ගත්තහම ඉබිමස්, චිකන් පරාදයි. (නි)
කුකුල්ලුයි මාලුයි ඇර අනෙක් හැම සතෙක්ම අහිංසකයි.මේක නිකම් මුලාවක්.සමහර රටවල කිඹුල්ලු, ඉබ්බො මසටම ඇති කරනවා.එහෙම ඇතිකරන එකෙන් උනුත් රැකෙනවා මසුත් ලැබෙනවා.සත්ව පාලනය මනාව කලමණාකරනයයි වැදගත් (ස)
කොහොමද මැජික්
ආයිත් නොකරන්න දඩුවම් දෙන්න.. (ස)
උපරිම දඩුවම් දියයුතුයි (නි)
අනේ මන්දා! මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා (නි)
මුන්ට හොඳ දඬුවමක් තියෙනවා කරනවා නම්. ඔය මඩ වගුරේම කරවටක් බස්සලා දවසක් තියන්න. (නි)
ඉබ්බන් වතුරටම නිදහස් කරා . මෙයාට රු.ලක්ෂයක්වත් දඩුවම් දෙන්න.. (ස)
කාටවත් කරදරයක් නැති අහිංසක සත්තු. මේ මිනිස්සුමද කියලා සැකයි. (නි)
වැඩේ කියන්නේ කුකුල්ලු ඇර ඕනිම සතෙක් අහිංසක සත්තු වෙන එකනේ. අනේ මහත්වරුනේ ඔය අනුකම්පාව කුකුල්ලුන්ටයි මාලුන්ටයි තිබ්බොත් අගෙයි නේද? (ස)
කට්ටියව හිරේ ඇරලා ඉබ්බෝ ටික කෝ? (දී)
සතුන් වත්තක් දමන්නද දන්නේ නැහැ. (නි)
සත්තු වත්තක් දාන්නද දන්නේ නෑ.. (ස)
හදිසිස්සියකටවත් පෝර උරේක ඉබ්බො ටිකක් දාගෙන යන්න බැහැනේ..!(නු)
මල්ලේ පොල් නෙමෙයි ඉබ්බෝ. (නි)
අමාරුවෙන් ලබාගත් මිනිස් ආත්මයට නිගා දෙන වැඩ. (ස)