(අංජුල මහික වීරරත්න)
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන්ට ලබා දීමට නියමිත හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් අනුව ඒවා කොටස් වශයෙන් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුව ඇති බව අමාත්‍යවරයා කීය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් රැක ගත නොහැකි වුවහොත් ඉදිරි වසර දෙක තුන තුළ විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් සමඟ අද (23) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට චන්දය තියන්න තමයි මුදල් නැහැ. හැබැයි කර්මාන්තකරුවන් රැක ගත නොහැකි වුවහොත්, කප්පම්, අල්ලස්, කොමිස් ගන්නත් බැහැ.
කප්පම් ගත්තු ඒවත් ඉක්මනින් ගෙවල දාන්න.
උඹලාගේ මුලු පවුලම. රටේ මුදල් හොරාකාපුවා ගෙවන්නෙ කවදාද. ටිකක් ඉවසලා ඉඳපල්ලා මහ මැතිවරණයෙන් උඹලගේ බඩවල් සුද්ද කරලා කාපුවා වමාරලා ගන්නම්. ඇති උපාධියකුත් නැහැ. දරන්නෙ ඇමති පට්ටම්. මුලු පවුලම . ඇත් ගාලක් වගේ මුන්ට කන්න දෙන්න හොරා කන්නම වෙනවා
ඇත්ත තත්ත්වය මේකයි .මේ කොන්ත්‍රාත් කාරයෝ තමා මේ කට්ටියගේ චන්ද මැශිම ගම්වල.ඒක නිසා ඉක්මනට දෙන්න වෙනවා චන්දයට පෙර.මැටි ඇමති ,පළාත් සභා ,ප්‍රාදේශීය සභා වල කට්ටියගේ හෙන්චයියලා ටික තමා මේ කොන්ත්‍රාත් කාරයෝ .මේ කට්ටියගෙන් තමා පාරවල් දීලා ඔය පාලකයෝ ටික කමිෂන් ගත්තේ