IMG-LOGO

පෙරළුණු බෝට්ටුවේ වැඩියෙන් සෙනග ඇදලා

සණස බැංකුවේ පස්දෙනෙකුට මරු කැඳවූ බේරුවිල බෝට්ටු අනතුර සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. බෝට්ටුකරු ද ඒ අතර වෙයි. අධික ලෙස සෙනඟ පැටවීම හා ජීවිතාරක්ෂක කබා එහි ගිය අයට නොදීම එසේ අත්අඩංගුවට ගැනීමට හේතුවයි. පෙරළුණු බෝට්ටුවේ 13දෙනෙකු ගමන්ගෙන ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

පෙරළුණු බෝට්ටුවේ වැඩියෙන් සෙනග ඇදලා

චන්ද්‍රසිරි Sunday, 23 September 2012 02:36 PM

මොනතරම් විනෝදයක් තිබුණත් කමක් නැහැ.ආරක්ෂක කබා නැතුව බෝට්ටු වල යන්න එපා. (නි)

:       0       0

රාජා Sunday, 23 September 2012 03:12 PM

ලංකාවේ කොයි වැඩෙත් ඔහොම තමයි. සල්ලිවලට මිසක් මිනිස් ජීවිතවලට දැන් ලංකාවේ වටිනාකමක් නැහැ. බේරුවල මුස්ලිම් ආගමිකයන් දැක්වූ සහයෝගයටත්, දුන්නාවූ ආදර්ශයටත් බේරුවල කිට්ටුව වාසය කරන්නෙක් වශයෙන් මමත් ආඩම්බර වෙනවා. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Monday, 24 September 2012 09:04 AM

අමිල තනියෙන් වුනත් බෝට්ටු ගමන් එපා. (දී)

:       0       0

සේනානායක Saturday, 22 September 2012 11:10 PM

මේ සෑම ව්‍යයසනයකටම හේතුව මිනිස් ජීවිත තුට්ටුවකටවත් මායිම් නොකර සියල්ල මුදල් මත පමණක් රැදී තිබීමයි. (නි)

:       0       0

සිල්වා Saturday, 22 September 2012 11:49 PM

මුහුදත් සමග ගණූදෙණූවට යන මෙම ගමන ගැන මීට වැඩිය හිතන්න තිබුණා. ඔබ සියල්ලන්ටම නිවන් සුව! (නි)

:       0       0

වසන්ත Sunday, 23 September 2012 12:03 AM

හරියටම හරි. අනිවාර්යෙන් හැම කෙනාටම ජීවිතාරක්ෂක කබා දෙන්න, මේ අය දැන ගන්න ඕනෑ. අපිට අත්දැකීම් තියෙනවා. අපි ඉල්ලුවහම ඕනෑ නැහැ, මහත්තයා අවුලක් නැහැ කියනවා. ඒවා ඉල්ලන කෙනා දිහා කන්න වගේ බලන්නේ. අවුලක් නැති එකෙන් ඇති වැඩක් නැහැ. අනිවාර්යෙන් මේ රස්සාව කරනවා නම් එන හැම කෙනෙක්ටම ඒ කියන්නේ බෝට්ටුවේ යන්නේ 10 නම් ඒ 10 දෙනාටම ලයිෆ් ජැකට් දෙන්න මේ අයට පුළුවන්කම තියෙන්න ඕනෑ. ඒක අනිවාර්යයෙන් කරන්න ඕනෑ. (නි)

:       0       0

නදී Sunday, 23 September 2012 05:10 AM

මොනවා කිව්වත් දැං වැඩක් නැහැ.. අපරාදෙ ජීවිත..!(නු)

:       0       0

පාලිත Sunday, 23 September 2012 07:24 AM

අයියෝ සල්ලි

:       0       0

ශෂි Sunday, 23 September 2012 07:30 AM

නදී මොකද වැඩක් නැත්තෙ? ඉදිරියෙදි මේවා නොවෙන්න වගබලාගන්න ඕනෑ. වසන්ත ඔබ හරි. (නි)

:       0       0

ජානක- බේරුවල Sunday, 23 September 2012 08:54 AM

මම අදහස් නොලීවත් හැමදාම ඇසෙන පුවත් නිතරම කියවන කෙනෙක්. මුස්ලිම් ජනතාවගේ පුවතක් පල වුනාම ජාතිවාදී අදහස් කොපමණ පල වෙනවද. ඔබ සියලු දෙන බේරුවලට ඇවිත් මුස්ලිම් සිංහල එකමුතුකම බලන්න.මේ වගේ සහයෝගයෙන් හැමෝටම ඉන්න බැරිද. ඊයේ සිදුවීමදී උදව්වට හිටියේ මුස්ලිම් කට්ටිය පමණි.

:       0       0

ඩයස් Sunday, 23 September 2012 09:17 AM

හැම බෝට්ටු ගමනකදීම ආරක්ෂක කබා අනිවාර්ය කරන්ඩ. මගී ප්‍රවාහනයට යොදන හම බෝට්ටුවකම ආරක්ෂිත කබා තිබිය යුතුයි.. අපරාදෙ ජීවිත

:       0       0

පූජ්‍ය ගම්මැදගම චන්දාජා්ති හිමි Sunday, 23 September 2012 10:48 AM

මෙම මරණවලට වගකිව යුත්තේ නිතියද?එය ක්‍රියාත්මක කරන්නෝද?අනවබෝධයෙන් කුල්මත්වී කටයුතු කරන්නෝද? සියල්ල නොමැතිව කර්මයද? (නිසම්මකාරිනෝ.ක්‍රියාවේ ප්‍රතිඵලය හදුනාගෙන කටයුතු කළයුතුයි. බුදුරජාණන්වහන්සේ.)

:       0       0

මොහොමඩ් - බේරුවල Sunday, 23 September 2012 10:58 AM

ප්‍රදීපාගාරය නැරඹීමට යන අයගේ පහසුව සදහා රජය මගින් ප්‍රවාහන සේවයක් ආරම්භ කළ යුතුයි. මන්ද දැනට එහි යාමට ආරක්ෂිත ප්‍රවාහන සේවයක් නොමැති නිසාවෙන් හා ‍කුඩා දරුවන් පවා එහි යාමට කැමැත්තෙන් සිටින නිසා. දැනට තිබෙනුයේ කුඩා පන්න ධිවරයන්ගේ ධීවර බෝට්ටුය. එහි බෝට්ටුව පදවන කෙනාට වැසි කබායක්වත් නැති එකේ එහි යන මගීන්ට ජීවිතාරක්ෂක කබා තිබිය හැකිද? ඔවුන්ද එහි පැමිණෙන සංචාරකයින් ප්‍රවාහනය කරන්නේ රු. 600ක් වැනි සුළු මුදලකට උදවුවකට මෙන්ය. ප්‍රදීපාගාරය නැරඹීමට පැමිණෙන අයට එහි මත්පැන් පානය කිරීම තහනම් ක‍ළහොත් මෙවැනි ජීවිත හානි වළක්වාගත හැකි බව මෙම සිද්ධියෙන් මනාවට පැහැදිලි වූ බව එහි පැමිණ සිටි බොහෝ අයගේ මතය විය. එහි එනකොට එන්නේ, එහි යනකොට බෝට්ටුවලට නගින මිනිස්සු නොවන බව එහි සංචාරය කරන බොහෝ දෙනා පවසයි. මියගිය 5 දෙනාටම නිවන් සුව පතන අතර, ඔවුන්ගේ පවුලේ සියළුදෙනාටම අපගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරමු. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 23 September 2012 10:21 PM

මට නම් ගෙදර අයත් එක්ක බෝට්ටු ගමන් එපා වුණා. (නි)

:       0       0

නුවන් Sunday, 23 September 2012 11:17 AM

නොසැළකිලිමත්කම තමයි හැමදේටම මුල (නි)

:       0       0

සිසිර Sunday, 23 September 2012 11:44 AM

ඒත් බලධාරීන් නිහඩයි. (නි)

:       0       0

බුද්ධික Sunday, 23 September 2012 12:35 PM

මමත් බේරුවල කෙනෙක්. සිංහල මුස්ලිම් සමගිය බලන්න ඕනෑ නම් බේරුවල, අලුත්ගම, දර්ගා නගරයට එන්න. (නි)

:       0       0

පෙරේරා Sunday, 23 September 2012 01:00 PM

ආරක්ෂක කබා නොමැතිවීම වරදක් තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site