මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රථම චාරිත්‍රය වන කප්සිටුවීමේ මංගල්‍යය සඳහා කප් රුක කැපීම අද (02) අලුයම 5.09ට යෙදුණු සුබ මොහොතින් අලුත් නුවර ශ්‍රි දැඩිමුන්ඩ දේවාලයේදි සිදුකැරිණි.
මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලයේ පල්ලේ දේවාලයට ගෙවදුනු කප පුද පූජා පවත්වා ශ්‍රි විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේගේ උපදෙස් පරිදි “කප “ අද සවස 4.57 ට කොටස් 4 කට කපා නාථ,විශ්නු,කතරගම සහ පත්තිනි දේවාල වල බස්නායක නිලමේවරුන් හා රාජකාරිකරුවන් වෙත භාරදෙයි. ඔවුන් එය තම දේවාල වලට ගෙන ගොස් බදාදා (3) අලුයම කප් සිටුවීමේ මංගල්‍යය උදේ 6.24 ට සිදුකිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු (ම)
සාදු!!සාදු !! සාදු !!!! (අ)
සදු! සදු! සාදු!!! දළදා වහන්සේට මාගේ වන්දනාව වේවා.(හේ)
සම්ප්‍රදයනුකුලව සිදුකෙරෙන දළදා පෙරහෙරේ කටයුතු සිදුකරමින් සාර්ථකව පෙරහර පැවැත්වීමට දළදා පිහිටෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් ආශීර්වාද ලැබේවා. (ම)