මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර නරඹමින් සිටි පිරිසක් මතට ගොඩනැගිල්ලක තිබූ ජනේලයක් කඩා වැටීමෙන් සිව් දෙනකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
කොළඹ වීදියේ ගොඩනැගිල්ලක් ඉදිරිපිට පදික වේදිකාවේ පෙරහර නරඹමින් සිටි පිරිස අතරට එම ගොඩනැගිල්ලේ ජනේලයක් කඩා වැටී ඇති බවත් රාත්‍රී 9ට පමණ සිදුවූ අනතුරින් පිරිමි දෙදෙනකු, කාන්තාවක හා දරුවකු තුවාල ලබා ඇති බවත් කියති. අපරික්ෂාකාරී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකපිට එම ගොඩනැගිල්ල හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවාල වෙලා බේරුණා හොදටම ඇති.(හේ)
වඳින්න ගිය දේවාල හිසට කඩා වැටීම් මේ දිනවල දෛනික අංගයක්. (අ)